Wednesday, September 15, 2021

නිවසට සොරකු පැමිණියහොත් අප කළ යුත්තේ කුමක්ද

 පොඩි පොඩි හොරකම් ගැන දැන් නිතරම අහන්ඩ ලැබෙමින් පවතී. අවුරුදු කිහිපයක් හොරකම් ගැන අහන්නට නොලැබුණු මා ජීවත් වන ප්‍රදේශයේත් ඊයේ පෙරේදා ගෙවල් දෙකක් රෑ හොරු කඩා ඇති බවට ආරංචි ලැබුණි.


ඒ අතර ෆේස්බුක් එකේත් මා මිත්‍ර පෝල් ඔහුගේ නිවස අසල සිදුවු හොරකම් කිහිපයක් ගැන, සොරු අල්ලාගත් අවස්ථාවක් ගැන, පෝස්ට් එකක් පළ කර තිබී මමත් එයට කමෙන්ට් කර එවැනි හොරකම් පිළිබඳව අප පිළියෙල විය යුත්තේ කෙසේද යන්න ගැන සාකච්ඡාවක් ඇති විය. එහිදී මා දුන් උපදේශයක් පිළිබඳව කෙනෙකු දැක්වූ අදහසක් නිසා මට මේ ලියන්නට සිතුනි. මේ මා දුන් උපදේශයයි.


Amerasinghe Justin Renuka some plan that will show the intruders that we are prepared, and there is something not usual there, there is something unexpected


රටේ පවතින ආර්ථික තත්වය නිසා බොහෝ දෙනෙකුට ජීවත් වෙන්නට අපහසු තත්ත්වයක් ඇතිවී තිබේ. මට තේරෙන විදිහට එම තත්වය වඩාත් දුෂ්කර වී ඇත්තේ පහල මධ්‍යම පංතියේ මිනිසුන්ටය. හොරකම් මැරකම් මේ තරමට වත් රටේ අඩුවෙන් තිබෙන්නේ ඒ හේතුව නිසාය. කුලී වැඩ කරන්නන්  අතිශය බහුතරයකට දවසකට රුපියල් එක්දාස් පන්සියක් දෙදහක් හොයාගන්නට කම්කරු වැඩ ඕනෑ තරම් තිබේ. එවැනි ආදායමක් මෙවැනි අවස්ථාවක ලබා ගැනීමට ඉතාමත් අපහසු මධ්‍යම පන්තියේ රජයේ රැකියාවක් නොකරන මිනිසුන්ටය. මෙය වැඩියෙන්ම බලපාන්නෙ අප වැනි රටවලට ය. අද ඇමරිකාවේ සිට කතා කළ මගේ මිතුරෙකු කීවේ, එහි බොහෝ දෙනෙකු දැන් රැකියා නොකර කොවිඩ් නිසා රජයෙන් ලැබෙන ආධාරවලින් ජීවත් වන බවය. අපට එවැනි පහසුකම් නොමැත. හිගන්නන්ට උණු බත් කොහෙන්ද කියා ඒකාලෙ ඇසුවේ කට කහනවට නොවේ.


සොරුන්ගෙන් තම නිවස තම පවුල ආරක්ෂා කර ගැනීමට සොරුන් එනකං බලා සිටින්නට හොද නැත. අප එසේ යම් ්‍රියාමාර්ගයක් ගැනීමට, සිද්ධිය සිදු වෙනකන් හිටියොත් එම තරඟයේ වාසිය ලැබෙන්නේ හොරාට ය. හොරා හොරකමට ලැහැස්ති වී ඒ සඳහා හිත හදාගෙන යම් උපකරණ ද එකතු කරගෙන පැමිණෙන විට අප කිසිම සූදානමක් නැතුව ඒ වෙලාවේ නින්දෙන් අවදි වී හොරාට විරුද්ධව ඇක්ෂන් ගැනීමට සිතුවොත්, එම අවස්ථාවේ ජයග්‍රහණය කරන්නේ සතුරාය සොරා ය.

මේ නිසා අප ඔහුට වඩා හොඳට පිළියෙල වී සිටිය යුතුය. ඒ සඳහා අපට ඔහුට වඩා advantage එකක් එහෙමත් නැත්නම් වාසියක් තිබේ. ඒ අපිට අපේ ගෙදර ගැන අපේ දේපළ ගැන පිට ඕනෑම කෙනෙකුට වඩා හොඳින් local knowledge එකක් තිබීමයි. 


මේ පිළියෙල වීම සඳහා අප විසින් මුලින් ම කළ යුතු වන්නේ, අපගේ දේපලට ඇතුළුවීමට උත්සාහ කරන සොරා, අප යැයි සිතා ගැනීමයි. මම ඒ හොරා නම් මම මේ දෙපළට ඇතුළු වන්නේ කෙසේද?


වචන 500 ට පැමිණ ඇති නිසා ඊළඟ කොටස හෙට

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...