ගුරු වැටුප් ගැන මගේ අදහස
මගේ අම්මා ගුරුවරියක වූවාය. ඒ කාලයේ සාමාන්‍යයෙන් ගුරුවරියන් ගමකට සිටියේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙකි. අහල ගං හත අටක ගම්වැසියන් එම ගුරුවරිය පිළිබඳ දැනගෙන සිටියහ.
අපේ ගෙදරට එකල කිව්වේ koralegedara කියාය. මගේ අම්මා ප්‍රසිද්ධව සිටියේ koralegedara ටීචර් කියාය. මගේ පියා ඇයට වඩා ටිකක් ඉහළ රජයේ රැකියාවක් කලද ඔහු ගැන දැන සිටියේ ලඟ ගෙවල් කිහිපයක මිනිසුන් පමණි.
අහල ගම් වල කෙනෙකු මා තවත් කෙනෙකුට හදුන්නා දුන්නේ koralegedara ටීචර් ගේ ලොකු පුතා යනුවෙනි. ඇය ඇයගේ අවුරුදු තිස් ගණනක් වූ සේවා කාලය තුළ සිරිමල්වත්ත ගුන්නෑපාන වලල arangala කෙන්ගල්ල pilawala වැනි රජයේ පාසැල් වල සේවය කළ බවත් මට මතකය.
1960 ගණන් වල අග ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල බැම්ම සඳහා මුල්ගල තැබීමට පැමිනි උත්සවය බලන්නට අපි ද පවුල පිටින් ගියෙමු.
උත්සවය අවසානයේ අපි තේ බීම සඳහා මහනුවර silverdale හෝටලයට ගියෙමු. එකල සාමාන්‍යයෙන් මහනුවර තේ බොන්නට තිබුණු ප්‍රසිද්ධ හෝටල් 2 silverdale සහ paiva හෝටලය විය.
short eats කියූවිට රෝල්ස් පැටිස් සහ කට්ලට් දීසියක් ද සෝස් පොඩි බෝතලයක්ද ගෙනැවිත් තැබීම එහි සිරිත විය. සාමාන්‍යයෙන් වැඩිහිටියන් කිරි තේ සහ ලමයින්ට අයිස්ක්‍රීම් ලබාදීම එකල සිරිත විය. මට මතක හැටියට silverdale හෝටලය ගාමිණී දිසානායක මහතාගේ පියාට අයිති විය.
තේ බීම අවසන් කර එදින නගරයට පැමිණීමට ප්‍රධාන හේතුව මට සපත්තු දෙකක් ගැනීමට සපත්තු කඩයකට ගියෙමු. එහිදී එකල වෙළඳපොළට පැමිණ තිබූ ජනප්‍රිය සපත්තු වර්ගයක් වූ pointed shoes දෙකක් රුපියල් 30 ක ට අපි මිලදී ගත්තෙමු.
මට මේ රු.30 බව හොඳට මතක තිබෙන්නේ, මා ඒ කාලෙ පාඩම් කරන්නට හොර වුවහොත් තමන්ගෙ පඩියෙන් සියයට 10 ක් ගෙවා සපත්තු දෙකක් ඇරගෙන දුන්නේ වුවද මම පාඩම් නොකර සිටින බවට මගේ මව කියන්නට පුරුදු වී සිටි නිසාය. මේ නිසා ඒ කාලයේ ඇගේ පඩිය රුපියල් 300ක් වන්නට ඇති බවට අපට සිතන්නට පුළුවන. මෙය තවත් දුරට සාක්ෂාත් කර ගැනීමට මගේ මිතුරෙකු වන ආනන්ද ලැනරෝල් මහතා ගෙන් මම විමසා සිටියෙමි. ඒ ඔහු ද හැත්තෑ ගණන් වල ගුරුවරයෙකු වී සිටි ඇති හෙයිනි ඔහුට ඒ කාලයේ රුපියල් දෙසිය 220ක පඩියක් ලැබුණු බව ඔහු මට කීවේය.
ඒ කියන්නේ මෙහිදී උපකල්පනය කරන ලද වැටුප නිවැරදි විය යුතු බවයි. ඒ අතරම මට ඒ කාලයේ නොයෙකුත් වැඩ සඳහා අපේ ගෙදරට පැමිණි බාසුන්නැහේලා සහ ඔහුගේ ගෝලයන්ට ගෙවූ පඩි ගැන යම් මතකයක් තිබේ.
මගේ එම මතකයන් ට අනුව එකල බාසුන්නැහේ කෙනෙකුගේ පඩිය රුපියල් පහක් පමණ විය. ගෝලයන්ගේ සහ කම්කරුවන් ගේ පඩිය රුපියල් දෙකයි 50 තුනයි 50 වාගේ විය.
එවිට ගුරුවරයෙක් ගේ මාසික පඩිය රුපියල් තුන්සිය යැයි සිතමු.
බාසුන්නැහේ කෙනෙකුගේ දවස් පඩිය රුපියල් පහක් වූයේ නම් ඔහු මාසයකට දවස් විසිදෙකක් වැඩ කළේ නම් ඔහුගේ මාසික වැටුප වන්නේ රුපියල් 110 කි. ඒ කියන්නේ ගුරුවරයෙකුගේ වැටුප මෙන් තුනෙන් එකකි.
දැන් සාමාන්‍යයෙන් බාසුන්නැහේ කෙනෙකුගේ වැටුප රුපියල් 2,500 ක් වෙයි, දවස් විසි දෙකක් වැඩ කළහොත් මාසික වැටුප රුපියල් පණස් පන්දාහක් වෙයි. මට පෙනෙන විදිහට ගුරුවරයෙකුගේ වැටුප ද දැන් රුපියල් 40,000 ක් පමණ වෙයි. ගුරුවරුන්ගේ සේවා කාලය වැඩි වී ජේෂ්ඨ වන විට පඩි වැඩි වුවත් බාසුන්නැහේලා ට එසේ වන්නේ නැත. ඒ නිසා මට පෙනෙන්නේ මේ මාසික වැටුප් වර්තමානයේ එක හා සමාන තලයක තිබෙන බවය.
හැට හැත්තෑ ගණන්වල තුනෙන් එකක් වූ බාසුන්නැහේලා ගේ පඩිය දැන් සමාන තලයට පැමිණ තිබේ.
ඒ කියන්නේ ගුරු වැටුප අවුරුදු හතළිහක් වැනි කාලයකදී, සංසන්දනාත්මකව තුන්ගුණයකින් පමණ අඩුවී තිබෙන බවය.
නමුත් ගණන් හදා බලන විට එසේ පෙනුනත් මෙහි තවත් බැලිය යුතු කෝණ කිහිපයක් තිබේ.
ඒවා හෙට බලමු
Sir..oyage lipi kiyawana eka hari wadagath...
ReplyDeleteඒක හරිම එක්ස්පෙන්සිව් සපත්තු කුට්ටමක්.
ReplyDeleteනුවර ඒ කාලේ බේක් හවුස් එක තිබුණේ නැතිද?