Wednesday, October 16, 2019

9 මගේ දඹදිව වන්දනාව 9 කපිලවස්තු ප්‍රශ්නය





ජේතවනාරාමය බුදුන්ගේ බුදුන්ගේ ජීවිතයේ බොහෝ දේවල් සිදු වූ තැනකි. එහි තිබෙන බොහෝ ගොඩනැගිලි බුදුන් ජීවත් වී අවුරුදු 300කට පමණ පසුව අශෝක අධිරාජයා විසින් සාදන ලද ඒවා  නිසා බුදුන් ජීවත් වූ කාලයේ පැවති ගොඩනැගිලි එකක්වත් එතැන තිබෙනවාදැයි කිසිවෙකුටත් හරියට කියන්නට බැරි බව පෙනේ.

එම අශෝක රාජයා විසින් සාදන ලද බොහෝ ගොඩනැගිලි ද පසුව ඇතිවූ ඇති වූ මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශ වී ගිය බැවින් මෙම ස්ථානවල තිබෙන බොහෝ පැරණි ආකාරයට සාදා ඇති ගොඩනැගිලි නටඹුන් ඇත්තෙන්ම පසුගිය වසර සියයක් පමණ ඇතුලත සාදන ලද ඒවාය.
ඒ අතරම මෙහි තිබෙන ගොඩනැගිලි බොහොමයක් සෑදීමට මුල් කර ගෙන ඇත්තේ ඒවා තිබූ ආකාරය යම් තරමකට  තමන්ගේ ගමන් සටහන්වල සටහන් වල විස්තර කළ චීන ජාතික ෆාහියන් නිසාය. ඉන්දියාවේ තිබෙන බොහෝ බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් පිළිබඳව දක්වා තිබෙන පැහැදිලි කිරීමේ පුවරු වල මේ පාහියන්ගේ සම්බන්ධය දක්වා ඇත්තේය. එහෙත් ඔහු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කලේ බුදුන් ගේ කාලයෙන් අවරුදු 800 කට පමණ පසුව බව පෙනේ.
මම මම පෙර කීවාක් මෙන් මෙම සිද්ධස්ථාන ඇත්තෙන්ම එම සිද්ධස්ථාන යැයි ඇලෙක්සැන්ඩර් කනිංහැම් සොයා ගන්නා තෙක් ඉන්දියාවේ කවුරුත් දැන සිට නැත. ඔහු එය සොයාගන්න  කාලයේ ජේතවනාරාමය අවට හඳුන්වා ඇත්තේ ද  ‘සහෙත් මහෙත්’ යන නමිනි .
මේ කිට්ටුව  අචිරවතී නදිය, ජේතවනාරාමය කරේරු කුටිය  ගන්ධ කුටිය,දම් සභා මණ්ඩපය දෙව්රම් වෙහෙර පැන් ලිද පොකුණ හා කාමර සංකීර්ණය ආනන්ද කුටි ය සක්මන් මළුව ආනන්ද බෝධීන් වහන්සේ පොහොය ගෙය සීවලී කුටිය  යනාදී නොයෙකුත් අප කුඩා කාලයේ ඉගෙනගත් බුද්ධාගම ඒ තිබූ ස්ථාන  වල නටඹුන් හෝ එසේත් නැත්නම් බොහෝ විට ඒවා පිළිබඳව ලියා ඇති කරුණු හොයාගෙන ඒ අනුව මෑතකදී සෑදූ  ගොඩනැගිලි දකින්නට පුළුවන .
ජේතවනාරාමය සෑදීම ගැන පැහැදිලි කරද්දී එය අනාථ පිණ්ඩික සිටුවරයා විසින්  රන් මසුරන් කෝටි 18 කට මිලදී ගත් බවත් තවත් මසුරන් කෝටි 18 ක් වැය කර එය ගොඩනැගූ බවත් ඉන් පසු එය බුදුරදුන්ට ප්‍රදානය කරන උත්සවයට තවත්  මසුරන් කෝටි 18 වියදම් කළ බවත්  අපට ඒ පිළිබඳව පැහැදිලි කළ ශ්‍රී ලාංකික මෙහෙණින් මෙහෙනින් වහන්සෙ කෙනෙක් කීවාය. මෙතන තුන්වෙනි මසුරන් කෝටි 18 වියදම් කිරීම ගැන අසා ගෙන ඉන්නා විට මට මතක් වුයේ මමත් සහභාගී වූ හම්බන්තොට වරාය විවෘත් කිරීමේ උත්සවයයි. එ වගේම මෙම කතාව  ලංකාවේ පොඩි වැඩක් කළත් රජයෙන් පවත්වන උත්සව ගැන ඕනෑම කෙනෙකුගේ සිහියට නංවයි.
මේ සියල්ල වන්දනා කර ගැනීමෙන් පසු රාත්‍රියේ හෝටලයේ සිටි අපි පහුවෙනිදා උදේම නේපාලය බලා පිටත් වුනෙමු. මෙම ගමනට කිලෝමීටර් 210 ක් දුර තිබුණු අතර පැය පහමාරක් පමණ ගතවන බව ගණන් බලා තිබුණි

නේපාල දේශසීමාවට කිට්ටු වන විට ප්‍රධාන මාර්ගය අසලින් පිහිටා තිබූ කපිලවස්තු නම් සුද්ධෝදන රජු ඔහුගේ රාජ්‍ය පාලනය කලා යැයි සැලකෙන නගරයේ නටබුන් බැලීමට අප අප ගියෙමු . ඉන්දියාවේ අපි පසු කර ගිය අනෙක් ප්‍රදේශවල අප බොහෝ විට දැක්කෙ තිරිඟු, නොයෙකුත් අප හඳුනාගන්නට බැරි හඳුනා ගන්නට බැරි වූ ධාන්‍ය වර්ග, කෙසෙල් සහ නොයෙකුත් මල් වර්ග වූ අතර  කපිලවස්තු ප්‍රදේශයට කිට්ටු වන විට  වැඩිපුරම අප දුටුවේ වී ගොවිතැනයි.
මම එහි දී කියවන ලද පොතක ඇත්තෙන්ම ශුද්ධෝදන රජු  වචනයේ පරිසමාප්තයෙන්ම රජවරයකු නොවන බව ද  ඔහු එම ප්‍රදේශයේ වී ගොවිතැනේ ගොවියන්ගේ ප්‍රධානියකු වූ බව ද කියවෙන යම් ලියවිල්ලක් දුටුවෙමි,එකල එහි  භාවිත වූ භාෂාවෙන් ශුද්ධෝදන යන්නෙහි තේරුම පිරිසිදු සහල්  යන්න බවද මට දැනගන්නට ලැබුණි . කපිල වස්තු හි අප බලන්නට රැගෙන යන නටබුන් අතර තරමක් ස්තූපයක් ද තවත් ගොඩනැගිලි කිහිපයක නටබුන්ද දකින්නට පුළුවන. නමුත් දැන් මේ කපිල වස්තු නගරයේ නටඹුන් ගැන විශාල ප්‍රශ්නයක් මතුව තිබේ
.

ඒ ඇත්තෙන්ම කපිලවස්තු තිබෙන්නේ කවර ස්ථානයක ද යන්නයි 

3 comments:

  1. +++++++
    අරලිය සහල් මතක් වුනා

    ReplyDelete
  2. (ශුද්ධෝදන රජු වචනයේ පරිසමාප්තයෙන්ම රජවරයකු නොවන බව ද ඔහු එම ප්‍රදේශයේ වී ගොවිතැනේ ගොවියන්ගේ ප්‍රධානියකු) මේක ඇත්ත වෙන්න පුළුවන්. ඉංග්‍රීසි ජාතික කළ්‍යාණ හිමියන් වරක් බුදුන් වහන්සේගේ උපත පිළිබඳව විස්තර කරද්දී සුද්ධෝදන රජතුමා හැදින්වීමට පාවිච්චි කල වචනය warrior.

    ReplyDelete
  3. මේ විදියට ආගමට බර නොවී ඇත්ත ඇති සැටියෙන් ලියන එක ගොඩක් වටිනවා. ඒ ඒ ස්තාන වල තියෙන ගොඩ නැගිලි හරියට අපේ අනුරාධපුර පොලොන්නරුව වගේ තමා. පහු කාලීනව හදපු දේවල්. නමුත් ඉතින් සම්බන්ධයක් ඇති.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...