ඊළඟට අප ගමන්
කළේ සුප්‍රසිද්ධ නාලන්දා විශ්ව විද්‍යාලයේ නටඹුන් බැලීමටය .
ක්‍රිස්තු වර්ෂ 400 පමණ පටන් ගෙන ඇති මෙම විශ්ව විද්‍යාලය ලෝකයේ පළමුවන සිසුන් නේවාසිකව සිටි විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. එය කොතරම් විශාල වූවාද යත් එහි සශ්‍රීකමත් කාලයේ එහි සිසුන් පහළොස් දාහක් පමණ සිටි බව සඳහන් වෙයි. දහතුන් වන ශතවර්ෂයේ තුර්කි සෙනවියෙකුගේ ආක්‍රමණයකින්; ඇත්තෙන්ම ඔහු සිතා ඇත්තේ මෙය බලකොටුවක් බවය, විනාශ වුණු මෙම විශ්වවිද්‍යාලය විසිවන ශතවර්ෂයේ කැණීම්වලින් නැවත මතුකර ගෙන, ඉතාමත් ඉහළ ආකාරයට පවත්වාගෙන යන බව පෙනේ.
මෙහි කැණීම්වලදී හමු වූ නොයෙකුත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ, ඉතාමත් අලංකාර ලෙස ඒ අසලම පවත්වාගෙන යන කෞතුකාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ.

නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් බලන්නට ගිය ඕනෑම ලාංකිකයකුට පොලොන්නරුව නටඹුන් සිහියට නැගීම වළක්වා ගත නොහැකිය. ඒවා හැඩයෙන්ද පාටින්ද ප්‍රමාණයෙන්ද බොහෝ විට පොළොන්නරුවේ නටබුන්වල ලක්ෂණ පෙන්වයි. ඒ නටබුන් සමකාලීනය. නාලන්ද විශ්වවිද්‍යාලය තරමක් කලින් පටන් ගැනුණුද, පොලොන්නරුව ගොඩනැගුණු දහවන ශතවර්ශයේ නාලන්ද විශ්වවිද්‍යාලයේද දියුණු කාලයක් විය.
මෙම නටඹුන් පිළිබඳව අපට කරුණු පැහැදූ එහි සිටි මාර්ගෝපදේශකයා, මෙම විශ්ව විශ්වවිද්‍යාලයේ එකල බොහෝ ලංකාවෙන් පැමිණි සිසුන් සිටි බවද, එසේම වරෙක එම ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ශ්‍රී ලාංකික හාමුදුරු වරයෙකු කටයුතු කළ බවත් කියා සිටියේය.
නමුත් මෙහි
අධ්‍යාපනය කෙරුනේ මහායාන බුද්ධාගම නිසාත්, අපේ රටේ මුල් කාලේ සිටම ස්ථාපිත වී තිබෙන්නේ
ථෙරවාද බුද්ධාගම නිසාත්, මෙම ප්‍රකාශයේ තරමක ගැටලුවක් තිබේ. සමහර විට
මාර්ගෝපදේශකයා අපගෙන් වැඩිපුර සන්තෝසමක් ලබා ගැනීමට අපව ඇන්ඳීම සඳහා එසේ කීවාද,
දන්නේ නැත. එසේත් නැත්නම් සමහර විට ඒ විශ්වවිද්‍යාලයට ගිය ශ්‍රී ලාංකික
හාමුදුරුනමක් පසුව මහායාන ආගමට හැරී එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුටුව තෙක් පැමිණියේදැයි කියන්නටත් බැරිය.
මෙම මාර්ගෝපදේශකයා ගැන කියන විට මට ඉන්දියාවේ එම සිද්ධස්ථානවල පවතින යම් නීතියක් මතකයට එයි. සමහරවිට එය රීතියක් වන්නටද පුළුවන. එනම් අප සමග යන මාර්ගෝපදේශකයාට අපට එම පුරාවිද්‍යාත්මක ස්ථානය තුලදී පැහැදිලි කිරීම් කරන්නට නුපුළුවන් වීමයි. විශේෂයෙන්ම මෙය බලපාන්නේ ඉන්දියානු මාර්ගෝපදේශකයන් අතරය. ඒ සඳහා එම ස්ථානයේ ලියාපදිංචි වී ඇති local guide කෙනකුගේ සේවය ලබාගත යුතුය. සමහර විට එසේ නීතියක් දමා ඇත්තේ එම ස්ථාන අසල ජීවත්වන මිනිසුන්ට මෙයින් යම් ප්‍රයෝජනයක් ලබා දීමට විය යුතුය.
මේ සඳහා සන්තෝෂම් ගෙවීමට අප ඉන්දියාවට ගිය ගමන්ම වගේ එක් අයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 15 බැගින් මුදලක් එකතු කර, අපගේ මුළු චාරිකාවට මාර්ගෝපදේශකයාට ලබා දුන්නෙමු. ඔහු එම මුදල යොදා ගෙන අපගේ මුළු ගමනේම සන්තෝෂම් ගෙව්වේය. ඇත්තෙන්ම මෙය ඉතාමත් හොඳ වැඩ පිළිවෙලකි. නැති නම් මේ සඳහා කීයක් ගෙවිය යුතුද, අප එකිනෙකා ශෙයා කර ගන්නේ කෙසේද යනුවෙන් නොයෙකුත් ගැටලූ මතුවිය හැකි නිසාය. මෙම ක්‍රමය මෙවැනි සංචාරයකදී සංචාරකයන්ට තිබෙන ලොකුම වගකීමක් එසේත් නැත්නම් මානසික බරක් ඔවුන් ගෙන් ඉවත් කරයි.
අක්කර 50 ක පමණ ප්‍රදේශයක විහිදී ඇති මෙම විශ්ව
විශ්වවිද්‍යාලීය නටඹුන් තිබෙන්නේ බිහාර ප්‍රාන්තයේ ය. අප උත්තර ප්‍රදේශයේ සංචාරය
කර නේපාලයටද ගොස් දැන් මේ බිහාර ප්‍රාන්තයට ඇතුල් වන්නේ මුලින්මය. බිහාර් ප්‍රාන්තයට
ඇතුළු වන තෙක්ම, අපි එම ප්‍රාන්තය
බොහෝ දුප්පත් එතරම් දියුණු නැති ප්‍රාන්තයක් බව දැන සිටියද, එම ප්‍රාන්තයේ alcohol විකිණීම තහනම් බව දැන සිටියේ නැත. මෙම ප්‍රාන්තය
ඇත්තෙන්ම ඉන්දියාවේ alcohol විකිණීම
තහනම් වන එකම ප්‍රාන්තය වෙයි. මෙයට හේතුව එක්වරම කෙනෙකුට සිතෙන පරිදි ආගමික හේතුවක් නොවේ. එය සාමාජීය
හේතුවකි. මෙම තහනම පටන්ගෙන ඇත්තේ 2015 වසරේය.
No comments:
Post a Comment