Wednesday, October 16, 2019

2019 ජනාධිපතිවරණයේ ප්‍රතිපල කුමක් විය හැකිද ? ;රජුන් තනන්නෝ


මෙවර ජනාධිපතිවරණය මෙතෙක් කල් පැවතුනු ජනාධිපතිවරණයට වඩා බොහෝ වෙනස් වනු ඇතැයි මට සිතේ. මෙවර තරඟය ඒ තරම්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කරට කර තරගයක් බව පෙනේ.

රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන නිසා, විශ්වවිද්‍යාලෙ, පාසලේ සහ කොතලාවල විශ්ව විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය ඉගෙන ගෙන ඇති නිසාත්, මෙවැනි තත්වයක්  දුටුවිට මට එය විශ්ලේෂණය නොකර ඉන්නට හැකියාවක් නැත්තේය.

ඉගෙන ගත් statistics වල සමීකරණ සියල්ල අමතක වී ඇත්තා සේ පෙනුන නිසා, මං බොහෝ සරල ක්‍රමයකට තව මාසෙකටත් වඩා අඩු කාලයකින් පැවතෙන මෙම ජනාධිපතිවරණය කුමන ප්‍රතිඵලයක් ඇති වේ දැයි විශ්ලේෂණය කර බලන්නට සිතුනි.

මේ සඳහා මම ලංකාවේ ඡන්දය දීමට සුදුසුකම් ලබන ජනගහනය සීයක් යයි උපකල්පනය කරමි .
සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දයකදී ඡන්දය ලබා දෙන සංඛ්‍යාව සියයට අසූවක් පමණ වෙයි. මේ ඡන්දයටත් එසේම සිදුවේ යයි මම උපකල්පනය කරමි .
ගියවර ඡන්දයේදී එක් ලක්ෂ පනස් දහසක් පමණ ඡන්ද නරක් වී ඇති ඒවා යැයි සැලකේ. එය සියලු අපේක්ෂකයන් අතර සාධාරණ ලෙස බෙදී යනවා ඇතැයි සිතා, නරක් වන ඡන්ද නොමැති බවට උපකල්පනය කරන එක අපගේ විශ්ලේෂණය සරලව තබා ගැනීමට පහසුවක් වනු ඇත.

දැන් මේ අසූවෙන් ඡන්ද හතක් පමණ ජේවීපී, අනෙක් සුළු පක්ෂ සහ ස්වාධීන පුද්ගලයන් ලබා ගන්නවා යැයි සිතමු.
දැන් ඉතුරු වන්නේ ඡන්ද හැත්තෑ තුනක් පමණි.
ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් 25% කි. සාමාන්‍යයෙන් සුළු ජාතික ඡන්ද ඇති බහුතරයක් වැටෙනුයේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාටය. මගේ මිතුරකු වන නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පොහොට්ටුවේ සංවිධායකවරයෙකු, මට මේ ලඟදි සතුටු සාමීචියේ යෙදී සිටියදී කියා සිටියේ, ඔවුන් මෙම ජනාධිපතිවරණයෙන් ඔවුන්ගේ පක්ෂයට මුස්ලිම් ඡන්ද සියයට පහක් ගත්තත් ලොකු දෙයක් බවයි.

දෙමළ ඡන්දත් එසේමය. එහෙත් අපි මෙය සමබරතාවයෙන් තබාගන්නට පොහොට්ටුවේ අපේක්ෂකයාට, සුළු ජාතික ඡන්ද වලින් සියයට විස්සක් ලබාගත හැකි වේයැයි උකල්පනය කරමු. ඡන්දය ප්‍රකාශ නොකරන්නන් ඉවත් කළ විට, සුළු ජාතික ඡන්ද ඉතිරි වන්නේ ඡන්ද විස්සක් පමණි. මෙයින් 20% ක් යනු ඡන්ද හතරකි. එ අනුව සුළු ජාතිකයන්ගෙන්  පොහොට්ටුවට ඡන්ද හතරකුත්, හංසයාට ඡන්ද 16 කුත් ඇත.

ඡන්දය දෙන අය අසුවක් සිටි නිසා, කවුරු හෝ අපේක්ෂකයෙකුට වැටුණු ඡන්ද ප්‍රමාණයෙන් 50% ක් ලබා ගැනීමට නම් ඡන්ද හතළිහක් ගත යුතුව තිබේ. ඒ කියන්නේ පොහොට්ටුවට නම් ඡන්ද හතලිය ලබාගැනීමට තව ඡන්ද 36ක් අවශ්‍යවන අතර, හංසයාට ඡන්ද හතළිහක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඡන්ද 24කි.
ඒ කියන්නේ ඉතිරි, මහ ජාතියේ ඡන්ද 53 න් පොහොට්ටුවේ අපේක්ෂකයා ඔහුගේ ඡන්ද හතලිහ එනම් සියයට පනහ හදා ගන්ට නම්, බහුතර ජාතියේ  ඡන්ද වලින් 36/53  එනම් 67% ක් ලබා ගත යුතුය.

මේ අතර හංසයා අපේක්ෂකයාට බහුතර ජාතියේ ඡන්ද වලින් තමන්ට අවශ්‍ය ඡන්ද 40 හදා ගැනීමට ලබාගත යුත්තේ තවත් ඡන්ද 24 කි.

ඒ කියන්නේ 53 න් විසි හතරකි. ඒ කියන්නේ සිංහල ඡන්ද වලින් 48% කි. මට හිතෙන විදිහට මේ අපේක්ෂකයන් දෙදෙනාටම මෙවැනි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ඉතාමත්ම අපහසු වෙයි.

මෙවර ඡන්දයේදී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට දෙවෙනි ගණන් කිරීමට යාමට බොහෝදුරට ඉඩ තිබෙන බවත, මේ නිසා පෙනී යයි. එසේ වුවහොත් මේ ඡන්දය ජයග්‍රහණය කරනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාගේ දෙවන මනාප ඡන්ද වලින් වීම, බොහෝ දුරට සිදු වන්නට ඉඩ තිබේ.
ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ උදව් කරුවන්ට අපහාස උපහාස කිරීමෙන් වැළකී සිටීම ඔවුනට ඉදිරියේදී ඉමහත් වැදගත්කමක් ඇතිවන්නට බොහෝ ඉඩ තිබේ.

ඡන්ද අනාවැකි සැමවිටම නිවැරිදි වන්නේ නැත
යම් ගණනය කිරීමේ වැරදීමක් නිරීක්ෂණය වුවහොත් කරුණාකර කොමෙන්ට් කරන්න

4 comments:

  1. දෙවන මනාපය මෙවර තීරණාත්මක සාධකයක් විය හැකි බව මමත් හිතනවා. නමුත් කිසිම පක්ෂයක් හෝ අපේක්ෂකයන් ඒ පිළිබඳව කතා කරනවා දකින්න නෑ. වෙනත් රටවල නම් පක්ෂ හෝ අපේක්ෂකයන් ඒ පිළිබඳව ගිවිසුම් ඇතිකර ගන්නවා.මනාප ලකුණු කිරීම පිළිබඳ විස්තර ජන්දදායකයන් දැනුවත් කරනවා.

    ReplyDelete
  2. මම ශ්‍රේෂ්ඨාධිකරනයට යන්න ඉන්නේ පළමු මනාපයක් නැතිව දෙවැනි මනාපයක් පමණක් දීමේ අයිතිය තහවුරුකරගන්න.

    ReplyDelete
  3. What is clear in this is, Sinhalaya divided into 3 or 4 and Tamils+Muslims are united into 1 (UNF). If Sajith wins RW will be PM and will do the same RW did for MS for 5 more years.

    Sinhalayata and Lankawata aba sarani?

    ReplyDelete
  4. උනුත් එපා මුනුත් එපා කියන අයගේ 'පාවෙන චන්ද' floating votes මේ වර තීරනාත්මක චන්ද බව බොහෝ දෙනාගේ මතය වී තිබෙන බවයි මා සිතන්නේ. ඒවායින් වැඩි ප්‍රතිශතයක් විකල්ප අය අතරත් බෙදී යාම නිසා දෙවැනි ගණන් කිරීමේදීවත් තීරණයක් ගන්නට බැරි උනොත්?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...