බිහාර ප්‍රාන්තයේ මධ්‍යසාර විකිනීමේ සහ පාවිච්චි කිරීමට විරුද්ධව ඇති දඬුවම්
ඉතාමත් තද ඒවාය. දෙවන වර අහු වුවහොත් අවුරුදු 5 ක සිර දඬුවමක්ද, රුපියල් 500000 ක දඩයක්,
වාහන රාජසන්තක කිරීම වැනි දඬුවම් මෙයට ඇතුළු වෙයි.
එවැනි තද දඬුවම් තිබියදීත්, බිහාරය තුළ alcohol මිලදී ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන බව අපට අත්දැකීමෙන් දැකගන්නට ලැබුණි. රුපියල් අටසියයක් වන ඉන්දියානු විස්කි බෝතලයක් හෝටලයක සේවකයකු පිටතට යවා රුපියල් 1200 කට අපට මිලදී ගැනීමට හැකිවිය. එහෙත් මෙලෙසම තවත් ටිකක් විහාරය තුළට ගිය පසු, පසු දින හෝටලයේ දී බෝතලයක් පිටින් ගෙන්වා ගැනීමට උත්සාහ කළ විට, එම උත්සාහය සාර්ථක වූයේ නැත.
ඒ කියන්නේ බිහාරයේ මධ්‍යසාර තහනම බොහෝ දුරට සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. වෙනත් ප්‍රාන්තවලින් බිහාරය ඇතුලට එන වාහන පරීක්ෂා කරන නිසාත්, මධ්‍යසාර ප්‍රාන්තය තුළට ගෙනැවිත් අසුවූවහොත් වාහනය රාජසන්තක කරන නිසා, වාහන අයිතිකරුවන්ද එසේ බෝතලයක් දෙකක් හෝ ගෙන යාමට කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනුණි.
බිහාර ප්‍රාන්තයේ මෙලෙස වියලි ප්‍රාන්තයක් ලෙස 2015 නීතිගත කර ඇත්තේ එම ප්‍රාන්ත රජය විසිනි. ඉන්දියාවේ ප්‍රාන්ත වල ප්‍රාන්ත රාජ්‍යයන්ට බලය බෙදා දී ඇති ප්‍රමාණයද මෙවැනි නීතියක් නීතිගත කිරීමට ප්‍රාන්ත රජයට ඇති හැකියාවෙන්ම පෙනේ. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ තිබෙන ප්‍රාන්ත 29 න් සාක්ශරතාවය අඩුම ප්‍රාන්තයද බිහාර ප්‍රාන්තයයි. එහි ලියන්නට කියවන්නට පුළුවන් මිනිස්සුන්ගෙ ප්‍රතිශතය 63% කි. ඉන්දියාවේ ඉහළම සාක්ෂරතාව තිබෙන අපට ලඟින් තිබෙන කේරල ප්‍රාන්තයේ එම ප්‍රතිශතය 93%කි.
මෙම alcohol තහනමෙන් බිහාරයේ සාමාන්‍ය ජනයාට බොහෝ ප්‍රයෝජනවත් ප්‍රතිඵල ඇති වී තිබෙන බවක් පෙනේ. මද්ධ්‍යසාර තහනමෙන් අවුරුද්දකට පසු මිනීමැරුම් සහ රංචු ගැසී හොරකම් 20% කින් අඩුවී තිබේ. කෝලාහල සියයට 13 කින්ද, මහා මාර්ග අනතුරු 10% කින්ද අඩු බව රජය කියයි.
ආර්ථික පැත්තෙන් නිවෙස් වල පාරිභෝජනය සඳහා කරන වියදම වැඩිවී ඇත්තේය. නිවෙස් වල කිරි මිලදී ගැනීම සියයට දහයකින්ද, චීස් මිලදී ගැනීම සියයට 200 කින්ද, මෝටර් බයිසිකල් සහ බයිසිකල් වැනි රෝද දෙකේ වාහන මිලදී ගැනීම 30% කින්ද, නිවෙස් වලට විදුලි උපකරණ මිළදී ගැනීම 50% කින්ද වැඩි වී ඇත්තේය.
පසු දින උදයේ අපි ගිජ්ජකූට පර්වතය බැලීමට ගියෙමු. මෙම පර්වතයට ගිජ්ජකූට යන නම යෙදී ඇත්තේ එය රාජාලියෙක් වූ තටු විහිදාගෙන සිටින ආකාරයෙන් ඈතට පෙනෙන නිසාය. ඒ කාලේ රජගහනුවර දැන් රාජ්ගිර්හි පිහිටි මෙම කුඩා කන්ද, බුදුරදුන් තමන්ගේ පිරිවර සමග පැමිණ භාවනා වල යෙදීමත්, ආගම ගැන සාකච්ඡා කිරීමටත්, යොදා ගත් බව කියනු ලැබේ. මෙම කන්දේ මුදුනට යාමට කේබල් කාර් යොදාගත හැකි නමුත්, අප යන දවසේ එහි වර්ජනයක් තිබුන නිසා, අපට පයින්ම මුදුනට නැගීමට සිදු විය. අපේ තිබෙන කඳු වල හැටියට එය එතරම් ලොකු කන්දත් නොවුනත්, අප දඹදිව වන්දනාව සඳහා ගමන් කළ උත්‍රා ප්‍රදේශ සහ බිහාර් ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වාගේ තැනිතලාවක් වූ හෙයින්; මේ කන්ද මෙහිදී අප මුලින්ම දැකපු කන්ද වෙන්නට පුළුවන, මෙය අපේ මාර්ගෝපදේශකයාට යන්නට පෙර අප බය කිරීමට තරම් අමාරු නැගීමක් විය.
කන්ද මුදුනට ගිය පසු පහල ඇති තැන්න සිසාරා යන සේ මනහර දර්ශනයක් වේදිකාවක සිට බලන සේ බලන්නට පුළුවන. මුදුනට තරමක් පහළින් ඇසෙන තෙක් මානයේ ආනන්ද කුටිය යැයි කියන ගල් ගුහාවක් එහි වෙයි. බුදුන් කඳු මුදුනේ සිට භාවනා කරන විට, ආනන්ද හාමුදුරුවන් එතැනට වී සිටි බව කියනු ලැබේ.
දෙව්දත් හාමුදුරුවන් විසින් බුදුන් වහන්සේ වෙත ගලක් පෙරලන ලද්දේද, මෙම කන්දට නඟිද්දී බවද කියනු ලැබේ.

මෙම කන්ද අසලම බුදු රදුන්ද එකල ප්‍රසිද්ධව සිටි බොහෝ පුද්ගලයන්ටද, රෝගී වූ විට ප්‍රතිකාර කළ ජීවක වෙදදුරු ගේ ඖෂධාලයේ නටඹුන්ද, පෙනෙන්නට තිබෙන අතර, මෙයින් පසුව අප නරඹන්නට ගියේ බුදුන් දුෂ්කර ක්‍රියා කළා යැයි පැවසෙන ඩුන්ගේශ්වරී පර්වතය ටයි.
සටහන් වලට බෙහෙවින්ම ස්තුතියි!
ReplyDelete