Thursday, October 17, 2019

අලියා ආලින්ගනයේ යෙදෙන්නට බොහෝ කල් ගනී




D H ලෝරන්ස් 1922 වසරේ ලංකාවට සංචාරයක් සඳහා ඔහුගේ බිරිඳ සමග පැමිණියේය. ලංකාවට පැමිණි බොහෝ බටහිර සංචාරකයන් මෙන් ඔහුට ලංකාව ගැන එතරම් හොඳක් කියන්නට  තිබුනේ නැත. 

ඔහු ලංකාවට පැමිණි පසු වැඩි කලක් නැවතී සිටියේ මහනුවර වන අතර දැන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිගේ නිවාස ඔහුගේ තාවකාලික නවාතැන විය. 

මේ ඔහු මෙහි සිටියදී අලියන් ගැන ලියන ලද කවි පෙළකි. මම මේ කවිපෙළ ගැන දැනගත්තේ කපිල කුමාර කාලිංග විසින් අපේ ධර්මරාජ කෙටිකතා එකතුව ජනගත කරන ලද උත්සවයේදීය. 
පරිවර්තනය කර බලනවිට ඔහු එදින කියා ඇත්තේ මෙම කවියාගේ වෙනත් අලි ගැන කවිපෙලක් බව ඔහුගේ අද උදේ දැනගන්නට ලැබුණි. 

හස්තියා, අති විශාල සතෙකු වුවද  
 යෙදෙන්නේ බොහෝ හෙමිනි ආලින්ගනයේ  
හමුවෙයි ඔහුට  ගැහැණු සතකු , හදිසියක් නැත කිසිසේ
ගතකරති කාලය නිදහසින් දෙදෙන

ඔවුන්ගේ හදවත්හි ආදරය
 ඉතාමත් සෙමිනි දළුදමන්නේ
ඔවුහු වියලුනු ගංගාවන්  දිග
ගත කරති කල් ,අහර බුදිමින්,  පානය කරමින් ජලය  

කලබල වී දුවති රංචුව සමග
මහා වනය සොලවමින්
නිද්‍රාවට වැටෙති නිශ්ශබ්දව
අවදිවෙති හිරු එලියට  නොකර  කිසි ශබ්දයක්

මොහොතින්  මොහොත මේ යුවලගේ හදවත්
පිරෙති  භරිත වී  ආශාවන්ගෙන්
යෙදෙති සංසර්ගයේ ඔවුන්  
නොපෙන්වා කිසිම කලබලයක්   


පෞරාණික  සතුන් වෙති ඔවුහු, නුවනින් පිරුණු
දනිති ඔවුන් අවැසි ලෙස කල්ගන්නට  
 ආශාවන් සංසිඳවා ලන්නට  ,අතිශය හුදකලාවක
රසවත්ම භෝජනයක් විඳිනා ලෙසට

 නොකරති ඔවුන් කලබල ; අන් බොහෝ සතුන් කරනා ලෙසට  
ඔවුන්ගේ රුධිර සාගරය
ඉහලට එසවෙයි ලෙසට චන්ද්‍රයා ඇතිකරන  වඩදිය
පත්වනතුරු එම වඩදිය,  මහා ගංවතුරක්  බවට   

1 comment:

  1. ඇතුන් ගැන වෙනත් කිසිවෙකු හෙළි නොකළ පැත්තක් !

    ReplyDelete

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...