Sunday, October 20, 2019

11 මගේ දඹදිව වන්දනාව 11 ලුම්බිණිය The lovely




සොනාලි මුරපොලේ පැය හතරක පමණ ප්‍රමාදයකට පසුව අපට නේපාලයට ඇතුළු වීමට හැකි විය. ඉන්දියාව සහ නේපාලය අතර වීසා නොමැතිව ගමන් කළ හැකි නිසා, බොහෝ ඉන්දියානු ව්‍යාපාරිකයින් මෙම ප්‍රදේශයේ නොයෙකුත් වර්ග වල ව්‍යාපාර කරන බව පෙනෙන්නට තිබුණි. බොහෝ නේපාල වැසියන්ට නොයෙකුත් වෙළෙඳ ද්‍රව්‍ය මිලට ගැනීමට මෙම ප්‍රදේශයට විශාල වශයෙන් එන බවක් පෙනුණි.

මෙහි බස් පෝලිමට හිර වී තිබෙද්දී ඒවායේ සිටින මගීන්ට ලොකුම ප්‍රශ්නයක් වනුයේ වැසිකිලි පහසුකම්ය. මට එවැනි අමාරුවක් ඇතිවි වාහනයෙන් බැස පාර දිගේ නේපාලය පැත්තට ටිකක් ගමන් කළේ සාමාන්‍යයෙන් පිරිසිදු වැසිකිලියක් හොයා ගැනීමටය.

පාරේ ටිකක් ඇතුලට වෙන්නට ගරා වැටුණු තත්වයේ පැරණි නිවසක්  ලෙස පෙනෙන ස්ථානයක හෝටලයක් ලෙස ලකුණු කළ පුවරුවක් දුටු මම ඒ ඇතුලට ගියේ මගේ වැඩ කටයුත්ත කර ගැනීමටය. මම ඇතුලට ගිය ගමන්ම හෝටලයේ දකුණු අත පැත්තේ වැසිකිලි පේලියක්ම දැක බොහෝ සතුටට පත්වී, වැසිකිලිය පාවිච්චි කර ආපසු එළියට එන විට කෙනෙකු මා දිහා බලා සිටිනවා දුටිමි. මම ඔහු ගණන් ගන්නේ නැතිව වැසිකිලිය පාවිච්චි නොකළක් මෙන් ඔහු වෙත ගොස්, හෝටලයේ කාමර වල ගාස්තු ආදිය විමසා එළියට ගොස් බසය වෙත ගියෙමි.

මා එසේ යන දුටු අප බසයේ කිහිප දෙනෙක්ම මෙම හෝටලයට වැසිකිළි පාවිච්චි කිරීම සඳහා ගිය අතර, පසුව මට දැනගන්නට ලැබුණේ ඒ සියලු දෙනාගෙන්ම රුපියල් 10 ක වැසිකිලි ගාස්තුවක් ඔවුන් අයකර ගෙන ඇති බවයි. මම එය නොදැන සිටි නිසා මට එම ගාස්තුව නොගෙවා සිටීමට හැකි වී ඇත.




අපි නේපාලයට ඇතුළු වී විනාඩි හතළිස් පහක පමණ ගමනකින් පසුව ලුම්බිණි හී tiger palace නමැති හෝටලයට පැමිණියෙමු; නේපාලයට ඉන්දියාවේ සිට ඇතුළු වන ඕනෑම කෙනෙකුට එක්වරම යම් විශේෂ වෙනසක් නිරීක්ෂණය වෙයි. ඒ නේපාලය කොතරම් පිරිසිදුද යන බවයි. නේපාලය මට හිතෙන විදිහට විදියට අප ලංකාව තරම් පිරිසිදු විය හැක. එහෙත් ඉන්දියාවේ දවස් ගණනක් ඇවිදීමෙන් පැමිණෙන පුද්ගලයකුට මෙම වෙනස එවරම නිරීක්ෂණය වෙයි. ටයිගර් පැලස් හෝටලය  අලංකාර හෝටලයක් වූ අතර, එහි විශාල කැසිනෝ ක්‍රීඩා කරන  කොටසක්ද තිබුණි. මෙම කැසිනෝ ශාලාවට නේපාල පුද්ගලයන්ට අමතරව දේශසීමාවේ අනික් පැත්තෙන් බොහෝ ඉන්දියානුවන් පැමිණෙන බව දක්නට ලැබුණි. ඒ ප්‍රදේශයේ දේශසීමාවෙන් අනිත් පැත්තෙ ඉන්දියානු කොටස එතරම් නො දියුණු නගර අඩු ප්‍රදේශයක් නිසා, මේ කැසිනෝ හෝටලය බොහෝ ග්‍රාමය ධනවත් ඉන්දියානුවන් ආකර්ෂණය කරගන්නා බවත් පෙනුණි.




අප අපගේ ගමන් මළු හෝටලයට දමා දහවල් ආහාරද ගෙන ලුම්බිණි උද්‍යානය;  ඒ භාෂාවෙන් ලුම්බිණි යනු The lovely  යන්නය, බලන්නට ගියෙමු. විශාල පොකුණකින් අලංකාර උද්‍යානයකින් සමන්විත මෙම ප්‍රදේශය සීඝ්‍රයෙන් දියුණුවන පැත්තක් බව පෙනෙන්නට තිබුණි.

ලුම්බිනියට නගරයේ සිටින පාරවල් ප්‍රධාන මාවත් බවට දියුණු වන්නේ  දැන් බවත්, ඒ සඳහා මුදල් බොහෝ විට ලැබී ඇත්තේ යුනෙස්කෝ ආයතනය සහ වෙනත් බෞද්ධ රටවලින් බව පෙනුණි.

මෙම ස්ථානයද බුදුන් ගේ කාලයෙන් අවුරුදු 300 කට පමණ පසුව  හඳුනාගෙන, එම ස්ථානයට පැමිණ වන්දනා මාන කරගත් අශෝක අධිරාජයා එහි අශෝක ස්ථම්භයක් පිහිටුවා පහත නිවේදනද සනිටුහන් කර තිබේ.
'
දේවානම් ප්‍රිය ප්‍රියදර්ශන් රජතුමා රජවී අවුරුදු විස්සකට පසුව මෙම ශාක්‍යමුණි බුදුන් ඉපදුනු ස්ථානය වන්දනා කර කරගැනීමට පැමිණියේය. ඔහු එම ස්ථානය ලකුණු කිරීමට අශ්වයකු ලකුණු කර ඇති ගලක්ද, ශෛලමය ස්තම්භයක්ද, පිහිටුවීමට කටයුතු කළේය. මම ලුම්බිණි ග්‍රාමය වැසියන්ට බදු මුදල් ගෙවීමෙන් නිදහස් කර නිෂ්පාදනයන්ගෙන්ද, අටෙන් එකක් පමණක් බදු අය කිරීමටද නියෝග කළේය'
එකල අප රටේ රජකළ රජ තුමාටද, ඒ නමම තිබීම පුදුම සහගතය!




එසේ ඔහු විසින් සලකුණු කළ ස්ථානය දැන් ගොඩනැගිල්ලකින් වසා විදුරු වලින් ආවරණය කර ඇති අතර, එම ස්ථානය තුළ මෑතකදී ජපන් සහ ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් විසින් බුදුන් වහන්සේ ඉපදුන ලදැයි සලකන ස්ථානයේ තිබී වසර දෙදහස් හයසියයක් පමණ පරණ; බුදුන්ගේ ජීවිත කාලයේදීම වාගේ, සාදන ලද කුඩා වෙහෙරක නටඹුන්  හමුවී ඇත. දකුණු ආසියවේ පැරණිතම සිද්ධස්ථානයක නටබුන් මේවා යැයි සැලකේ.

1 comment:

  1. Very interesting travel stories. These will be very useful for anybody to to organise a similar tour

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...