https://lakshmanillangakoon.blogspot.com/2019/10/3-3.html
සිට
සිට
එදින පිටත්වීමට පෙර
නගරයට යන මිතුරෙකු ලවා ඒ සඳහා ප්‍රසිද්ධ ස්වර්ණාභරණ සාප්පුවකින් ඉන්දියානු රුපියල්
මිලදී ගත් අතර, ඒවා හරියටම අන්තර්ජාලය තිබූ හෝ මාරු හුවමාරු වටිනාකම වන ශ්‍රී ලංකා
රුපියල් 2.50 ට ම ගන්නට ලැබීම අපට මහත් සතුටක් ගෙන
දුන්නේය.
මධ්‍යම රාත්‍රියේ පමණ ගුවන් තොටුපලට පැමිණ බැංකුවෙන් ඩොලර් යම් ප්‍රමාණයකුත් මාරු කරගෙන, මම එයාටෙල් කාර්යාලය සොයන්නට පටන් ගත්තෙමි. කිහිප දෙනෙකුගෙන් ඇසූ පසු මට පැහැදිලි වූයේ එයාටෙල් කාර්යාලය ගුවන්තොටුපළේ departure පැත්තේ නම් ඇති බවයි.
airtel සමාගමේ නියෝජිතයා මට දුරකථනයෙන් කියා ඇත්තේ බොරුවකි. අඩු තරමෙන් මගේ දුරකථනයේ මීට පෙර පිටරට යාමකදී දමාගත් roaming තිබෙන නිසා, මම හිත හදා ගත්තෙමි.
අප රෑ එකට පමණ ඉන්දියානු ගුවන් සේවයේ යානාවකින් delhi බලා පිටත් වුනෙමු. සාමාන්‍යයෙන් ඉස්සර අපි ඉන්දියාවට යන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යාමට බොහෝ ප්‍රිය කළේ එහි සේවාවන් ඉන්දියානු ගුවන් සේවයට වඩා බොහෝ ඉහළින් තිබුණු නිසාය. එකල මා දන්නා බොහෝ ඉන්දියානුවන්ද ලංකාවට එනවිට පැමිණීමට ප්‍රිය කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යානාවකින්ය.
ඔවුන් ඉන්දියානු ගුවන් සමාගම් වල ටිකට් මිලට ගත්තේ srilankan ticket අවසන් වූ පසු බව මට මතකය.
එහෙත් දැන්නම් තත්වය බොහෝ දුරට වෙනස් වී ඇත. ඉන්දියානු ගුවන් යානා වල එහි සේවකයන්ගේ හැසිරීම බොහෝ දුරට ඉහළ ගොස් ඇති අතර, සැර බීම දෙවන වරටත් අවශ්‍ය දැයි අසන තරමට පාරිභෝගික සේවාවන් දියුණු වී ඇත.
ගුවන් යානා නම් තරමක් පරණ ඒවා වූ අතර, අඩු තරමෙන් රූපවාහිනියක් වත් තිබුනේ නැත. එහෙත් පැය ගනන අඩුනිසා; පැය තුනහමාරක් පමණ, එය එතරම් දැනුණේ නැත.
මෙම ගුවන් යානයේ සිටි මගීන් ගෙන් සියයට අනූවක් පමණ දඹදිව වන්දනාවේ යන අය බව මම නිරීක්ෂණය කළෙමි. මෙම වන්දනාකරුවන් ගෙන් 90% ක් පමණ වයස්ගත කාන්තාවන් වූ අතර ඉතිරි කොටස පිරිමින් විය.
අප delhi වලට පැමිණි පසු මෙලෙස පැමිණෙන බොහෝ වන්දනාකරුවන් පළමුවරට පිටරටකට යන්නන් නිසා, එහි ආගමනය කොටසේ මහත් අවුල් සහගත ස්වභාවයක් ඉසිලීය. අප අසලම සිටී සිටි එක් කණ්ඩායමක වන්දනාකරුවන් අසූවක් පමණ සිටි නිසා, එහි සංවිධායකවරුන්ටද මේ පිළිබඳව කිසිවක් කරකියා ගත නොහැකි තත්වයක් ඇති වන බව පෙනුණි.
ඒ අතරම ඉන්දියාවේ ආගමන හා විගමන නිලධාරීන් මෙම වයස්ගත වන්දනාකරුවන්ට ඉංග්‍රීසි බැරි වීම සහ ගුවන් තොටුපළකදී අත්දැකීම් නොමැති වීම විහිලුවකට ගෙන, ඔවුන් පත්වී ඇති මෙම අපහසුතාවය එන්ජෝයි කරන බවක් පෙනෙන්නට තිබුණි.
එසේ බලවත් අපහසුතාවයකට පත්ව ඇති එක් කාන්තාවකට, අසල සිටි වෙනත් කාන්තාවන් ඉංග්‍රීසි පරිවර්තනයකින් උදව් කරන්නට සැරසෙන විට, එක් ආගමනය නිලධාරියෙක් ඇය සැරපරුෂ ලෙස එලවා ගත්තේ ඔහුට මෙලෙස වන්දනාකාරියගේ අපහසුතාවයෙන් කුණු වින්දනයක් ලබන්නට අවහිර කරන නිසා විය යුතුය.
ඉන්දියාවට මෙතරම් විදේශ විනිමයක් ලබා දෙන මෙවැනි කණ්ඩායම් වලට අමානුෂික ලෙස ලැජ්ජාවට පත් කිරීම නැවැත්වීමට අඩු තරමේ, කොළඹ සිට පැමිණෙන ගුවන්යානා සඳහා දිල්ලි සහ වරනාසි වල සිංහල භාෂාව දන්නා නිලධාරීන් කිහිපදෙනකු යෙදවීමට, ඉල්ලා සිටීම ශ්‍රී ලංකා රජයේ යුතුකමකි වගකීමකි.
https://lakshmanillangakoon.blogspot.com/2019/10/5-5.html

+++++++++
ReplyDelete