අග්‍රා බලකොටුව සංචාරය මට වඩාත් සතුටක් ගෙන
දීමට තවත් හේතුවක් තිබුනී. ඒ මම දැනට මාසයකට පමණ පෙර මිලදීගත් මෝගල් අධිරාජ්‍ය
පිළිබඳව පොත කියවීමෙන් මට මෙම බලකොටුව, සාජහන් රාජ්‍ය පාලනය සහ ටජ්මහල
සෑදීම පිළිබඳව
පිළිබඳව බොහෝ කරුණු පිළිබඳව එහි යාමටත් පෙර යම් දැනුමක් තිබීමයි. මා කිසිසේත්
සැලසුම් නො කළ අන්දමට ඒ පොත කියවීමෙන් වැඩි කාලයක් ගත වන්නට පෙර එම ස්ථානය බැලීමට
යාමට අවස්ථාව ලැබීම හරියට මා දන්නා තැනකට නැවත යාම බඳු විය.
අප මෙය නැරඹීමෙන් පසු පසු ආපසු ආග්‍රා plaza නැමැති අප නැවතීමට නියමිත හෝටලයට ගියෙමු . මෙවැනි කාමර පනහේ පමණ සියලු පහසුකම් වලින් යුත් හෝටල කිහිපයක්ම එම ප්‍රදේශයේ අලුතින් සාදා ගෙන එන අයුරු අප එන අතරමඟ දී දකින්නට ලැබුණි .
වසරකට සංචාරකයන් මිලියන අටත් අටක් නවයක් පමණ අග්‍රා වලට පැමිණෙන සංචාරකයන් ගෙන් ලක්ෂ අටක් පමණ විදේශීය සංචාරකයන් නිසා tajmahal සහ අග්‍රා බලකොටුව බැලීමට දවසක් ගත කර ඉන්පසු රාත්‍රිය අග්‍රාහි හෝටලයක නැවතී ආපසු යන ලෙස ට සංචාරකයන් දැන් සැලසුම් කරන බව පෙනේ .
අප නැවතී සිටි හෝටලය සියලු පහසුකම් වලින් යුක්ත ස්ථානයක් වූ අතර මම රාත්‍රී 7.00 ට පමණ පිහිනුම් තටාකය වෙත ගොස් මගේ ඉන්දියාවේ දී ප්‍රථම පිහිනුම් සිදු කළෙමි. තුන් වෙනි තට්ටුවෙ තිබූ පිහිනුම් තටාකය අසලම විවෘත බීම හලක් තිබුණි. මම පිහිනන අතර තුර එම බීම හලේ ඉන්දියානු තරුණ තරුණියන් දහ දෙනකු පමණ බියර් බොනවා නිරීක්ෂණය කළෙමි. ඉන්දියාව කොතරම් දුරට ඇමෙරිකානු කරණය වන්නේ දැයි මට ඒ දෙස වරින් වර දුටු විට සිහියට නැගුනේ ඔවුන්ගේ හැසිරීම් රටාව ඇඳුම් යනාදිය දැකීමෙනී.
පිහිනුම් තටාක එහා පැත්තේ ස්පා එකක් දැක මම පිහිණුම අවසානයේ එයින් සම්භාහනයක් ද කර ගත්තෙමි. ඉන්දියානු රුපියල් රු.1700 ගෙවන්නට සිදු වූ මෙම සම්බාහනය ඉතාමත් ඉහල වෘත්තීය මට්ටමක තිබුණි .
අපගේ මාර්ගෝපදේශකයා ට කියා ගෙන්වාගත් royal challenge ඉන්දියානු විස්කි බෝතලයකින් කුඩා කොටසක් පානය කර පානය කර රාත්‍රී ආහාර ගත්තෙමි. එම බෝතලයක් ඉන්දියානු රුපියල් අටසීයක් පමණක් විය. රටකට ගියවිට ඒ රටේ දේවලින්ම ආස්වාදයක් ලැබිය යුතුය.
පසුදින උදය නැගිට මේ ලඟදි වැඩ නිමවන ලද අග්‍රා -ලක්නව් සීඝ්‍රගාමී මාර්ගයේ අප සංකස්ස බලා පිටත් වූයෙමු. ගොවිපළවල් මැදින් වැටී තිබෙන මෙම මාර්ගය මේ ලඟකදී විවෘත කරන ලද අතර ඒ නිසා අග්‍රා සිට සංකස්ස ට මං ඇති කිලෝමීටර් 160ක් පමණ දුර පැය තුනකින් පමණ අවසන් කිරීමට හැකි විය , ඇත්තෙන් ම වැඩියෙන් වෙලා ගියේ සීඝ්‍රගාමී මාර්ගයෙන් ඉවත් වී පුද භූමිය වෙත යන පාරවල් වල තිබූ traffic jam නිසාය.
උදේ දහය පමණ වන විට අප සංකස්ස වෙත ළඟා වූ අතර එම ප්‍රදේශය ඉතාමත්ම දුප්පත් ජනතාවක් ජීවත්වන බව පෙනුණි. අප මුලින් ම ගියේ එහි තිබෙන ලංකාවේ හාමුදුරු කෙනෙක් සාදාගෙන ජීවත්වෙන ලංකාවේ පන්සල වෙත ය. වෙහෙර විහාර ඇතුළුව බොහෝ ගොඩනැගිලි වලින් යුක්ත එම විහාරය ලංකාවෙන් පැමිණෙන වන්දනාකරුවන්ගේ නවාතැන් සඳහා ද පාවිච්චි කරන බව දැනගන්නට ලැබුණි . එය වන්දනා කර සංකස්ස නටබුන් බැලීමට අපි ගියෙමු .
මම
බුදුන්ගේ බුදුන් ගේ ජීවිත විස්තරයේ බොහෝ තැන් පිළිබඳ මතකයක් තිබුණු නමුදු සංකස්ස
ගැන එතරම් අසා තිබුණු බවක් මතක නැත. කෙසේ වුව ද මෙම ස්ථානය බුදු රදුන් තව්තිසා ලොව ජීවත් වූ තම මව වූ මහා මායා දේවියට ධර්මය
දේශනා කර ආපසු පැමිණි ස්ථානය යැයි කියනු ලැබේ . අප එම ස්ථානයට ගිය විට එය කුඩා කඳු
ගැටයක් ලෙස පෙනුණි . එහි මුදුනට නැඟුණු පසු ඒ මත කුඩා බුදු ගෙයක් ද පැත්තකින්
හින්දු ආගමේ යම් පූජනීය ස්ථානයක් ද තිබුණි . ඒ අවට සීයක් පමණ කහ පාට සිවුරු දමා
ගත් භික්ෂූන් වැනි පිරිසක් එක් රැස් වී සිටියහ . ඔවුන් අප දුටු විට වහා අප යන
මාර්ගයට පැමිණ ඒ දිගට ඉඳගෙන බුද්ධ ධර්මයේ වචන කීපයක් ශබ්ද නගා කියමින් අපෙන් ආධාර
ඉල්ලූහ. අප පැමිණි බස්රිය දැක තවත් එවැනි පිරිස් ලහි ලහියේ එතනට ළඟා වනුද
පෙනුනි.
එහි වෙනත් බලන්නට යමක් තිබුණේ නැත . ඒ අපි මුදුනට නැගී කුඩා කන්ද බුදුන් ගේ මෙම විශේෂ අවස්ථාව සිහි කර ලන්නට බුදුන් පිරිනිවන් පෑමෙන් අවුරුදු 300 කට පමණ පසු අශෝක අධිරාජ්‍යා ගොඩනගන ලද ගරාවැටුණු චෛත්‍යක් බව දැන ගන්නට ලැබුණි .ප්‍රදේශයේ හින්දු භක්තිකයන් ද මෙම ස්ථානය ඔවුන් ගේ හින්දු ආගමේ පූජනීය ස්ථානයක් ලෙස සලකා පුද පූජා පවත්වන බව පෙනුනි .
No comments:
Post a Comment