පසුදින උදයේම ලුම්බිණියෙන් පිටත් වූ අප, නැවත වරක් ඉන්දියාවට ගියෙමු. ආගමන හා විගමන
මුරපොළේ ඉන්දියාවෙන් පිට වීමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් ඉන්දියාවට ඇතුළුවීමට පුළුවන් වුණේ අප මහත් සතුටට
පත් කරමිනි.
මෙම ස්ථානයේ සිට අපගේ ඊළඟ ගමනාන්තය වූ බුදුරදුන් පිරිනිවන් පෑ කුසිනාරා නගරයට කිලෝ මීටර් 150 ක් පමණ තිබුණු අතර, පාරවල් එතරම් හොඳ නැති නිසා පැය පහක පමණ කාලයක් ගතවන බව, අපට දැනගන්නට ලැබුනි. පැය දෙක තුනකට පසු අපට වැසිකිළි පහසුකම් ලබා ගැනීම සඳහා මහා මාර්ගය අයිනේ කුඹුරු යායක කෙළවර සාදා තිබූ වැසිකිලියක් ලඟ අපේ බස් රථය නැවැත්වීන.
අපගේ සංචාරය පිළිබඳ කතාවේ නිතරම කියවෙන ඉන්දියාවේ වැසිකිලි පිළිබඳව මෙතන නැවතී යම් විස්තරයක් කර වැසිකිලි කතා අවසන් කිරීමට මෙය අවස්ථාවක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ වැසිකිලි පහසුකම් ගැන නොයෙකුත් කතාන්දර අප අසා තිබේ. ඉන්දියාවේ ජනගහණයෙන් සියයට පනහකට පමණ වැසිකිලි නොමැති බව මෙයින් එක් ප්‍රධාන කාරණයකි. වැසිකිලි ගැන බ්ලොක් බස්ටර් චිත්‍රපට පවා ඉන්දියාවේ සෑදෙන බව අප සියලු දෙනා දන්නෙමු.
දැන් මේ අප නැවතුණු වැසිකිළිය පාර අයිනේ තිබුන වැසිකිලි සංකීර්ණයකි. සාමාන්‍යයෙන් විශාල නිවසක ප්‍රමාණයේ මෙම වැසිකිළිය පිළිබඳව එහි කළමනාකාර තැනගෙන් මම කරුණු විමසුවෙමි. මගේ එක් ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔහු කිව්වේ, මෙම වැසිකිලි සංකීර්ණය ගොඩනැගීමට එහි අයිතිකරුට ඉන්දියානු රුපියල් ලක්ෂ පහළොවක් පමණ වියදම් වූ බවයි. වැසිකිලි, නාන කාමර සහ ඇඳුම් ඇඳ ගැනීමේ කාමර වලින් සමන්විත මෙම සංකීර්ණය, කුඹුරු යායට උඩින් ගොඩනගා තිබුනී. එහි අපද්‍රව්‍ය කුඹුරු යායට පිටවන ලෙස සාදා තිබෙන බවට මට සැක පහළ වුනී. එහෙත් එම කුඹුරු යායේ අප එහි යන විටත් හොඳින් ගොයම් වගා කර තිබුණු අතර, කිහිප දෙනෙකු බිලි කොකු යොදාගෙන මාළු අල්ලන අයුරුද පෙනෙන්නට තිබුණි.
මෙවැනි වැසිකිළි සංකීර්ණ වලට සාමාන්‍යයෙන් නමක්ද යොදා තිබෙන අතර, ඉන්දියාවේ අප ගමන් කළ ප්‍රදේශය ප්‍රධාන මාර්ගවල මෙවැනි සංකීර්ණ එතරම් දුලබ දසුනක් නොවීය. මෙම ස්ථානයේ මෙලෙස වැසිකිලි සංකීර්ණයක් සෑදිය යුතු යැයි තීරණය කර, එයට ලංකාවේ මුදලින් ලක්ෂ හතළිහක් පමණ ආයෝජනය කරන ව්‍යාපාරිකයකු කොතරම් එඩිතර ව්‍යාපාරිකයෙකු විය යුතුදැයි කල්පනා කර බලන්න.
මෙවැනි වැසිකිළි වර්ග වලට අමතරව ඉන්දියාවේ තවත් නොයෙකුත් වැසිකිලි වර්ග අප වැනි මගියන් සඳහා ඉදිකර තිබේ.
මෙයින් අලුත්ම වර්ගයේ වන්නේ අඩි 15x15 පමණ කොන්ක්‍රීට් එකක් උඩ ප්ලාස්ටික් වලින් තනා ටකරං ගැසූ වැසිකිලි වර්ගයයි.
වරෙක අපගේ බසය මෙවැනි වැසිකිලියක් අසල නැවැත්වූ අතර, එය ඉතා පිරිසිදුවට තිබුනා පමණක් නොව මුදල් අයකළේ නැත. මම අපේ මාර්ගෝපදේශකයා ගෙන් මේ පිළිබඳව ඇසූ විට ඔහු කීවේ, මේ අගමැති මෝඩි ගේ අදහසක් අනුව මිනිසුන්ට වැසිකිලි පාවිච්චිය පුරුදු කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ලෙස ගොඩ නගන වැසිකිලි පද්ධතියෙන් එකක් බවය.

තවත් අපූරු වැසිකිලි අත්දැකීමකට අපට මුහුණපාන්නට සිදුවිය. ඒ අපගේ කණ්ඩායමේ කෙනෙකුට වැසිකිළියට යාමට අවශ්‍ය බව කියූ විට, අපගේ මාර්ගෝපදේශකයා විසින් කඩයක් ළඟ වාහනය නැවැත්වීමෙන් පසුවය. මෙසේ නැවතිමටත් සාමාන්‍යයෙන් පැයක් පමණ ගතවන්නේ පාරවල් වල පිරිසුදු ආපනශාලා වැනි ස්ථාන ඇත්තෙම නැති තරම් නිසාය.
ඔහු එය නැවැත්
වූ ආකාරයෙන් මෙය ඔහුට පුරුදු වූ ස්ථානයක් බව පෙනුණි. එහෙත් අපගේ වැසිකිලි යාමේ අවශ්‍යතාව තිබුණු පුද්ගලයා එම තරමක නිවාසයක්
වැනි ස්ථානයට ගිය විට එතැන එවැනි වැසිකිලියක් නොමැති බව එහි සිටි පුද්ගලයා
කියා සිටියේය. අසල තිබූ කඩයකින් මේ පිළිබඳව අපගේ මාර්ගෝපදේශකයා ඇසූ විට, ඔවුන් කීවේ
මෙම ස්ථානය පුරාවිද්‍යා නිළධාරීන් ගේ රාජකාරි නිවාසයක් වන අතර, ඔවුන් එම ස්ථානයට
එන්නේ ඉඳහිට නිසා, එහි මුරට සිටින පුද්ගලයා මෙලෙස බස්වල බස් වල එන පිරිසට වැසිකිළි පාවිච්චි
කිරීමට ලබාදී, ඔවුන්ගෙන් රුපියල් විස්ස බැගින් අය කරන
බවයි. එහෙත් අපේ වෙලාවට එදින එම නිවසට පුරාවිද්‍යා නිලධාරින් පැමිණ
සිටියහ.
මේ පිළිබඳව අපගේ මාර්ගෝපදේශකයාද දැන නොසිටි බව පෙනුණි.
වන්දනා ගමනක් ගැන කතා කරද්දී වැසිකිලි ගැන මෙතරම් කතා කිරීම එතරම් ගැලපෙන්නේ නැත. නමුත් ඉන්දියාවේ දඹදිව සංචාරයන් ගැන කතා කරද්දී වැසිකිලි ගැන කතා නොකර එය සම්පූර්ණ කළ හැකි නොවේ. කිලෝ මීටර් 2000 කටත් වැඩි ප්‍රමාණයක් ඉතාමත් දුෂ්කර සහ අසංවිධානාත්මක මාර්ග හරහා ගමන් කරන විට, මෙහි ඇති වැදගත්කම ඇත්තම පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.

මීළඟට කුශිනාරාව
+++++++++
ReplyDelete