https://lakshmanillangakoon.blogspot.com/2019/10/2-2.html සිට
පිරිමින් දෙදෙනාගේ පමණක්
online වීසා නොලැබීමටත් කාන්තාවන් දෙදෙනාගේම
ලැබීමටත් හේතු කුමක්දැයි, මම ටිකක් ගැඹුරින් කල්පනා කළෙමි. මේ සඳහා මට ඔන්ලයින්
වීසා නොලැබුණු අයදුම්පතේ පිටපතක් පරීක්ෂා කරන විට මට එය අවබෝධ විය.
මෙම වීසා අයදුම්පත එක් කොටුවක srilankan reference යනුවෙන් සඳහන් කර තිබේ. අපගේ online visa සම්පූර්ණ කරන ලද්දන් විසින් ඒ සඳහා ඇතුළත් කර තිබුණේ, අපගේ ශ්‍රී ලංකාවේ next of kin ගේ; දරුවන් ගේ නම සහ ලිපිනයයි. ඇත්තෙන්ම ඉන්දියානුවන් මෙම තොරතුර බලාපොරොත්තු වන්නේ අප ගැන අසා දැනගත හැකි යම් ශ්‍රී ලාංකිකයෙකුගේ නම සහ ලිපිනය යයි. ඔවුන් ඒ සඳහා එක නම තිබෙන එකම ලිපිනයේ පදිංචි කෙනෙකුගේ විස්තරයක් පිළිගන්නේ නැත.
ඒ සඳහා අප පිරිමි දෙදෙනාගේම වාසගම්වල තිබෙන්නේ ඔවුන්ගේ විවාහයට පෙර නම් නිසා, නමුත් බිරින්දෑවරුන් දෙදෙනාගේම ගමන් බලපත්‍රවල තිබෙන්නේ ඔවුන්ගේ විවාහයට පෙර නම් නිසා ඔවුනට මෙය බල නොපාන ලද අතර ඔවුන්ගේ අයදුම්පත් පිළිගැනීමටත් එකම වාසගම් ඇති පිරිමින්ගේ අයදුම්පත් පිළි නො ගැනීමටත් හේතුව විය හැක. කෙසේ වුවද ඉන්දියානු තානාපති කාර්යාලය ඔන්ලයින් වීසා අයදුම්පත් පිළිනොගැනීමට හේතුවක් සඳහන් නොකරයි.
අප කණ්ඩායමේ පිරිමි කිහිප දෙනෙකුටම මෙලෙස සිදුව තිබූ අතර, ඔවුන්ගේ තොරතුරු තමා පසුව හෙමින් විමසා බැලූ විට මගේ මේ උපකල්පනය නිවැරදි බව මට සිතුනි. ඒ අතරේම මෙසේ අතරින් පතර online visa අයදුම්පත් කිහිපයක් භාර නො ගැනීමෙන්ම පමණක් ඉන්දියානු වීසා ආයතනයටද, බොහෝ ආදායමක් ලබාගත හැකි බවද අප අමතක කළ යුතු නොවේ.
මට එදින උදේ express තැපෑලෙන් ගමන් බලපත්‍රය වීසා සහිතව ලැබුණු අතර, ඥාති සහෝදරයාටද සවස පහට විසා කාර්යාලයට ගොස් ඔහුගේ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබුණි. අපි ගුවන් තොටුපළට රාත්‍රී එකොළහට 11.00 ට ළඟා වීමට හැකි වන අයුරින් මහනුවරින් පිටත් වීමු.
මේ අතර ඉන්දියාවේ මැලේරියා තිබෙන බවත් ඒ සඳහා අප මැලේරියා වැළකී මේ ඖෂධ පාවිච්චි කර ඉන්දියාවට යා යුතු බවට අපට දෙදෙනෙකු ගෙන් උපදෙස් ලැබිණ. මම මේ පිළිබඳව ගූගල් කර එම ඖෂධ යනාදිය සොයා ගත්තද, එතන පොඩි ප්‍රශ්නයක් තිබෙන බව පෙනුණි. ඒ මැලේරියා ඖෂධ ගමන යාමට අඩු තරමේ ඉන් දවස් හයකටවත් පෙර ලබා ගත යුතු වීමයි. ඒ නිසා එය අවසාන දවසේ ගැනීම තේරුමක් නොමැති බව කල්පනා කළ අපි, එය දෛවයට බාර දෙන්නට සිතා ගත්තෙමු.
ඊළඟ ප්‍රශ්නය වූයේ සන්නිවේදන ප්‍රශ්නයයි. ඉන්දියාවට ගිය පසු නිවස සමග කතා කිරීම සහ පිටරට සිටින දියණිය සමඟ කතා කිරීමට යම් ක්‍රමවේදයක් සාදාගත යුතු යුතුමය. ඉන්දියාවේ කොම්පැනියක් නිසා airtel සමාගමේ සිම් එකක් දමාගෙන ගිය හොත් අපට යම් තරමකට අඩු වියදමකට සන්නිවේදන පහසුකම් සපයා ගත හැකි යැයි කිහිප කිහිප දෙනෙකු කියූ අතර, මමද එය පිලිගත්තෙමි.
airtel වෙබ් සයිට් එකට ගොස් ඔවුනට කතාකර මේ පිළිබඳව විමසූ විට ඔවුන් ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු අතර, ඔවුන්ගේ ගුවන්තොටුපලේ කාර්යාලයෙන් සිම් එකක් මිලදී ගැනීමට හැකි බවට ඔවුන් මට පැහැදිලි කළේය. ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් වැඩ කිරීම නිසා අපගේ ජීවිතය කොතරම් පහසු වෙන්නේ දැයි කල්පනා කරමින්, මම මෙය ගුවන් තොටුපලෙන් මිළදී ගැනීමට සිතා ගත්තෙමි. මීළඟට
https://lakshmanillangakoon.blogspot.com/2019/10/4-4.html

"online visa අයදුම්පත් කිහිපයක් භාර නො ගැනීමෙන්ම පමණක් ඉන්දියානු වීසා ආයතනයටද, බොහෝ ආදායමක් ලබාගත හැකි බවද අප අමතක කළ යුතු නොවේ.:
ReplyDelete