Friday, October 11, 2019

8 මගේ දඹදිව වන්දනාව 8




සංකස්ස නටඹුන් වලින් පිටත්වී කිලෝමීටර් කිහිපයක් දුරින්  පිහිටි ආපන ශාලාවක් වෙත අපේ දවල් ආහාරය සඳහා ගියෙමු. මෙම ආපනශාලා සාමාන්‍යයෙන් මිනිසුන් ගොස් ආහාර ගන්නා තැන් නොවේ.
ඒවා මෙලෙස පැමිණෙන සංචාරකයන් සඳහා ම පවත්වාගෙන යන ඒවාය. හොඳ පහසුකම් වලින් යුත් මෙම ආපනශාලා වලට සංචාරක සමාගම් වලින් කලින් දන්වා සංචාරකයන් රැගෙන යන බව පෙනෙන්නට තිබුණි. සාමාන්‍යයෙන්  සීයකට එකසිය පනහකට පමණ  ඉඩ පහසුකම් ඇති මේවායේ බුෆේ ක්‍රමයට ආහාර අනුභව කිරීමට පහසුකම් සලසා ඇත.මෙවැනි ආපනශාලා බොහෝ පෞරාණික බෞද්ධ ස්ථාන අසල පවත්වාගෙන යන්නේ එවැනි කණ්ඩායම් වලට ආහාර සැපයීම සඳහාය.

සංකස්ස හි එතරම් බලන්නට දෙයක් නොතිබුණු නිසා අපේ දවල් ආහාර වෙලාවට තරමක් කලින් එම ආපන ශාලාව වෙත ගියෙමු. ඒ යන විටත් චීන සංචාරකයන් කණ්ඩායමක් ආහාර ගනිමින් සිටියහ. එම චීන සංචාරක කණ්ඩායමට චීන රසයන්ටළපෙන පරිදි ආහාර සකසා තිබුණු නිසා අපට එම ආහාර ගැලපෙන්නෙ නැති හෙයින් අපට ඉන්දියානු ක්‍රමයේ ආහාර සාදා දෙන තෙක්  තරමක් වේලා ගත කරන්නට සිදු විය
පසුව තරමක් වැඩිපුර වේලා ගත වන්නේ යැයි ඔවුනට දැනුනු පසු අපට යම් ආහාර වර්ග කිහිපයක් එකතු කර චීනන්ට සාදා තිබූ ආහාර ම  ක්‍රමයට වළදන්නට පිළියෙල කෙරින.

එවැනි ස්ථානයකට ආහාර ගන්නට යන විට ඉන්දියාවේදී නම් ආහාර  වලටත් වඩා උනන්දුවක් දක්වන්නෙ washroom භාවිතා කිරීමට ය. ඉන්දියාවේ සාමාන්‍යයෙන් මහා මාර්ගයේ ඇති washroom ඉතාමත් අපිරිසිදු නිසා මෙවැනි ස්ථානයක washroom පාවිච්චි කිරීමට බොහෝ දෙනා බොහෝ දෙනා අතිශය උනන්දු වක් දැක්වූහ.

දහවල් ආහාරයෙන් පසු අපි නැවතත් අග්‍රා ලක්නව් සීඝ්‍රගාමී මාර්ගයට ඇතුළු වී ලක්නව් වෙත ගියෙමු. ලක්නව් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අගනුවරයි. ඉතා විශාල නගරයක් වුවද ඇතුල් වත් දීම ඉතාම අපිරිසිදු නගරයක් බව පෙනුණි.එම නගරයේ බෞද්ධ වන්දනා කරුවන්ට බලන්නට කිසිම දෙයක් නොමැති අතර එහි රාත්‍රිය ට නැවතුනේ මුළු ගමනමඅග්‍රා සිටශ්‍රාවස්ති ය  දක්වා කිලෝමීටර 500 ක් දුර එක දිගට ම ගමන් කරන්නට ඇති අපහසුතාව නිසාය .

ශ්‍රාවස්ති ය බෞද්ධයන්ට විශේෂ වූ පෞරාණික බුදුන් හා සම්බන්ධ ස්ථාන බොහෝ ගණනක් වෙයි.බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ තිබූ විශාලතම නගර හයෙන් එකක් වන මෙම නගරයට අපි දහවල් 12 පමණ වන විට පැමිණියෙමු.

එදින අප දහවල් ආහාර ගත්තේ ද අප නැවතී සිටීමට පිළියෙල කරගත් ශ්‍රාවස්ති residency නැමති හෝටලයේය. ආහාර ගැනීමෙන් පසු අපි මුලින්ම බලන් ම බලන්නට ගියේ ජේතවන ආරාමයයි . මෙම ජේතවනාරාමය බුදුන් ට ගිහි ශ්‍රාවකයන් ගෙන්  ලැබුණු දෙවැනි ආරාමයයි. බුදුන්ට මුලින්ම මුලින් ම ලැබී ඇත්තේ  අප වේළුවන යනුවෙන් හඳුන්වන ඉන්දියාවේ වෙනුවන් නම් ආරාමයයි. එයට එම නම ලැබී ඇත්තේ එය උන ගස් උණ ගස් පිරුණු කැලෑවක් නිසාය.  සංස්කෘත භාෂාවෙන් උණ ගසට කියන්නේ වෙනු ලෙසයි.

මේ බොහෝ ඓතිහාසික ඓතිහාසික වැදගත්කමකින් යුක්ත ස්ථාන අපට මෙසේ දැක බලා බලා ගැනීමට සහ ඉන්දියානු රජයට ඩොලර් කෝටි ගණන් හම්බ කරන්නට ඇත්තෙන්ම ඉඩ ලබාදී ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකී. ඔහුගේ නම ඇලෙක්සැන්ඩර් කනිංහැම් වෙයි.
බ්‍රිතාන්‍යයේ හමුදාවේ බෙංගාලිරෙජිමේන්තුවේ ඉංජිනේරුවරයෙකු වූ මොහු ඒ කාලයේ ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ බොහෝ උනන්දුවක් ගත්තේ ය
සංකස්ස නාලන්ද ශ්‍රාවස්ති වයිශාල් සහ දැන් පකිස්ථානයේ  තිබෙන තක්ෂිලා වැනි ස්ථාන හරියටම කොතන තිබේදැයි සොයා ගෙන ඒ වගේ කැණීම් කටයුතු කර ඒවා අඳුනා ගැනීමට මූලික වූයේ මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාය. ඔහු හමුදාවෙන් විශ්‍රාම ගත් පසු ඉංග්‍රීසි ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉන්දියාවේ පුරාවිද්‍යා පිළිබඳ කටයුතු කරන indian Archaeological survey නැමති ආයතනයේ ප්‍රධානියා බවට පත් කළ අතර එම රැකියාව අවුරුදු පහක් කළ පසු ඒවාට මුදල් වියදම් කිරීමට ඉන්දියානු රජයට අපහසු නිසා නවතා දමා ඇත.

3 comments:

  1. Archaeological Survey එතට මුදල් හිඟ වුනාට සමහර කැණීම් බාරව හිටපු පුරා විද්‍යෙඥයෝ ව්‍යාජ දන්තදාතු වැනි පුරාවස්තු ජපානයේ සහ සියමේ ධන කූවේරයන්ට විකුණා බෝහෝ මුදල් සොයාගත් බව කොන්ස්පිරසි තියරි ලියන සමහරුන් ලියා තියනවා. එසේ ව්‍යාජව සොයාගත් පැරණි ලෝකයේ ඌරු දත් 4කින් එකක් ජපන් ජාතිකයකු ගේ පරිත්‍යගයකින් ලංකාවට ලැබී අනුරාධපුරයේ වෙහෙරක තැන්පත් කරාලු (1960 දශකය).

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්, පෘතුගීසි ලනාවේ තිබුන එකක් පැහැරගෙන ගිහිල්ල මේකට මොකද කරන්නේ කියල සාකච්චා කරන කොටත් බුරුමේ රජ්ජුරුවෝ රත්තරන් නැවක් දෙන්නම් කියල ඉල්ලුවලු

      Delete
  2. කොටස් අටම කියවුවා. අතිශයෝක්තිය නැතුව, බොරු සීලෙ නැතුව ලියූ මේ ලිවීම ඇත්තෙන්ම ඉතා වටිනවා. ඉතුරු ටිකත් කියවන්න එන්නං

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...