Friday, June 24, 2022

සිංගප්පූරුවේ වැසියෝ 11

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/10.html?m=1




මෙවැනි ආයුධ එසේත් නැත්නම් ආරක්ෂක ්‍රදර්ශන පවත්වන්නෙ නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් මුණ ගැස්සවීමට ය. 

මෙහිදී යම් සංවිධායකවරයෙක් සමාගමක් මෙය සංවිධානය කරන අතර තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන සමාගම් වලට එම ප්‍රදර්ශනය පවතින ස්ථානයේ ගෙවන මුදල හැටියට ොයෙකුත් ආකාරයේ ප්‍රදර්ශන කුටි වෙන් කර ගත හැක. 

සංවිධායකවරයා මෙම ප්‍රදර්ශනයට කවරෙකු පැමිණෙන්නේ දැයි ආයුධ  නිෂ්පාදකයන්ට දැන් විය යුතු අතර නිෂ්පාදකයන්ට මෙම ප්‍රදර්ශනය පිළිබඳ උනන්දුව ඇති වන්නේ කුමන රටක කුමන ආයතන වල කුමන තරාතිරමක පුද්ගලයන් මෙය බැලීමට එන්නේ දැයි දැන ගැනීමෙන් පසුවය. 


එනිසා සංවිධායකවරුන් නිෂ්පාදකයන්ට උනන්දුවක් ඇති වන පරිදි සුදුසු පුද්ගලයන්ට ආරාධනා කර ඔවුනට බොහෝ විට ගුවන් ටිකට් පත් නවාතැන් සහ වෙනත් පහසුකම් ලබා දෙනු ලැබේ.


මේ කාලයේ අපේ රට යුද්ධයේ දරුණු ම අවස්ථාවට පැමිණ සිටි කාලය වෙයි. අපි බොහෝ රටවලින් ආයුධ සහ යුද උපකරණ මිලට ගනිමින් සිටියෙමු. මේ නිසා අපේ රටෙන් ගැලපෙන කෙනෙකු ගෙන්වා ගතහොත්, අපේ රටට යුද උපකරණ විකිණීමට බලාපොරොත්තුවන සමාගම්වලට එය ලොකු ආකර්ෂණයක් වනු ඇත.

එකල ලංකාව ආයුධ මිලදී ගැනීම් සහ අලුත් දේවල් සෙවීම් පිළිබඳව ්‍රසිද්ධව සිටි නිසා මේ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා ගේ පැමිණීම සංවිධායකයන්ට ඉතාමත් වැදගත් වූවා නොඅනුමානය.

මෙම උත්සවයට බොහෝ රටවල නාවික හමුදාපතිවරුන් සහ උසස් නිලධාරීන් පැමිණ සිටියහ. තමන්ගේ රටේ වෙළඳ ප්‍රදර්ශන කුටි පවත්වන සමාගම් වලට, යම් ආකාරයෙකින් උදව් කිරීමක් ද ඔවුන්ගෙන් සිදු විය. 

මේ කාලයේ අප එංගලන්ත සමාගමකින් යම් උපකරණයක් මිලදී ගැනීමට සාකච්ඡා  කරමින් සිටියෙමු. එම සමාගමේ විශාල කුටියක් ෙම ප්‍රදර්ශනයේ පැවැත්වුනු අතර, එංගලන්ත නාවික හමුදාපතිවරයා අපට විශේෂ ආරාධනාවක් කර එම කුටිය ඇතුළත තිබූ ඔවුන්ගේ ආගන්තුකයන්ට සත්කාර කරන කුඩා ශාලාවක් වැන්නක, අප සඳහා වැඩ කරන දහවල් ආහාරයක් ද පිළියෙළ කළේය.

සිංගප්පූරුවේ වැඩ කරන අපූරු ක්‍රමය පිළිබඳව මට තවත් යම් සිද්ධියක් මෙහි දී මතක් විය. ඒ අපට සිංගප්පූරු නාවික හමුදාවෙන් ාත්‍රී ආහාරය සඳහා ඉතාම උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද සම්භාෂණය කි. 

මෙම සම්භාෂණය පවත්වන ලද්දේ සිංගප්පූරුවේ ජාතික කෞතුකාගාරය තුළ දී ය. මා මේ පිළිබඳව මෙම සම්භාෂණය කෞතුකාගාරයේ පැවැත්වීම පිළිබඳව, යමෙකුගෙන් ඇසූ විට ඔහු කීවේ එම ස්ථානය, එවැනි විශාල ප්‍රිය සම්භාෂණ සඳහා කුලියට ගැනීමට තිබෙන බවය.


මෙම කෞතුකාගාරයක් හරියටම ලංකාවේ ජාතික කෞතුකාගාරයේ ආකාරයටම වාගේ ගොඩනඟා තිබුණි. බොහෝ විට බ්‍රිතාන්‍යයන් විසින් එය සිදු කරන්නට ඇත.

ඉතිරි කොටස අනිද්දා 

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...