Tuesday, June 14, 2022

කාලයේ අරුමය සහ coordination

 කාලයේ අරුමය පිළිබඳව විස්තර කෙරෙන සිද්ධියක් අද උදේ මට ඇතිවුණි. ඉහළ පොලිස් නිලධාරියකු ව සිට ැන් විශ්‍රාම සුවයෙන් පසුවන මගේ මිතුරෙකු උදේ මට කෝල් එකක් දුන්නේය. 

නගරයේ ජීවත් වන ඔහු දැන් gas නැති නිසා දරවලින් උයන්නට පටන් ගෙන ඇත. 

නගරයේ දර සපයා ගැනීම අපහසු වේ මම තරමක් ග්‍රාමීයව ජීවත් වන හෙයිනි ඔහු මට කතා කර කවුරුහරි කෙනෙකුට කියා දර ටිකක් එකතු කර තබන ලෙස ඉල්ලා සිටියේය. 

එවැනි කෙනෙකු සොයා ගැනීමට අපහසු හෙයිනි ඔහුට අපේ නිවසට පැමිණෙන ලෙසත් අප දෙදෙනා එකතු වී දර ටිකක් එකතු කර ඔහුට ගෙන යාමට ලබාදිය හැකි බව මම පැවසුවෙමි. ඔහු එයට කැමැති උන අතර, මට කෝල් එකක් දේ පසුව දිනයක පැමිණෙන බව පවසා සිටියේය. නමුත් ඔහු සමග එකතු වී මේ වැඩේ කිරීම පොඩි  සතුට ගෙන දෙන කාරණයක් නිසා, මම ඔහුට අද පැමිණෙන ලෙසට කීවෙමි. 

එහෙත් අද ඔහුට කුණ්ඩසාලයේ පැත්තට වෙන යම් ගමනක් යන්නට තිබෙන නිසා පැමිණිය නොහැකි බවත් හෙට හෝ අනිද්දා පැමිණිය හැකි බවත් කියා සිටියේය.

කුණ්ඩසාලේ යන වැඩය සඳහා කොපමණ වේලාවක් ගත වෙනවා දැයි මම ඔහුගෙන් ඇසුවේ මෙයින් යම් අදහසක් පැමිණි නිසාය. ඔහු කිව්වේ විනාඩි 45 ක් පමණ ගතවන බවය. 

මගේ බිරිඳ ෆුඩ් සිටි යාමට සැලසුම් කර ගෙන සිටින බව මට මතක් විය. ඔහු ඒ ගමන යන්නේ ෆුඩ් සිටිය පහුකරගෙන බවත් ආපසු වෙන්නෙත් එතනින්ම බවත් මට කල්පනා විය. ඔහු කුණ්ඩසාලේ යන විට මගේ බිරිඳත් දමාගෙන ගොස් ආපසු එනවිට ෆුඩ් සිටි එක ළඟදී ඇය පික් කරගත හැකිදැයි මම ඔහුගෙන් ඇසුවෙමි.


ඔහු ඉතාමත් සතුටෙන් එයට කැමැති විය. අප ඒ සඳහා වේලාවක් ද යොදා ගත්තෙමි. මම මෙය ලියන්නේ ඔහු එන තෙක් බලා සිටින අතරතුරය. 

මේ දුරකථන සාකච්ඡාව සහ අදහස නිසා ංකාවට පෙට්ට්‍රල් ලීටර් තුන හතරක් ඉතිරිවන අතර, නොයෙකුත් වැඩ coordinate කිරීමෙන් කොතරම් කාලය මුදල් සහ ඉන්ධන ඉතිරි කරගත හැකිදැයි සියලු දෙනාට පෙන්වා දීමට හොඳ උදාහරණයකි. එසේම යමක් අවශ්‍ය වූ විට ලැජ්ජාවක් නොමැති ව ඒ පිළිබඳව කතා කිරීම ්‍රයෝජනවත් බව පෙන්වා දීමටත් මෙම කතාව වැදගත්ය.

අපගේ ගෙවත්තේ පොල් ගස් කිහිපයක් තිබේ. ඒවායේ වැටෙන පොල් අතු එතරම් පාවිච්චියට ගැනෙන්නේ නැත. මම දැන් ඔහුත් සමග එකතු වී ඒවාඔහුට දර සඳහා කපා දීමට සැලසුම් කරමි. එයට අමතරව තවත් අපේ කුඹුරේ වනාතේ ඇල්බීසියා ගස් විශාල ප්‍රමාණයක් වැවී තිබේ. ඔහුත් සමඟ එකතු වී එම ගස් වල අතු කපා ගෙන කොල ටික කුඹුරට සුද්ද කර දමා අතු ටික ඔහුට දරට ගැනීමට දීමට ද සිතාගෙන සිටිමි.

අපේ වත්තේ විශාල යෝධ උණ වර්ගයේ උණ පඳුරු කිහිපයක් ද තිබේ, ඒවාගෙන් ගස් දෙක තුනක් කපාගෙන ගෙන යාමට සුදුසු පරිදි කොට කරගත්තොත් ඔහුට ඒවාත් ඕනෑතරම් රැගෙන යාමට පුළුවන.


පැමිනි දුක පැනිරසයි කියා සිංහල කියමනක් තිබේ. අපි දැන් අවුරුදු 40ක 50ක මිතුරන් වෙමු. දැන් ඒ පැමිනි දුක බෙදා ගන්නෙ මෙලෙසයි.


1 comment:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...