Monday, June 20, 2022

සිංගප්පූරුවේ වැසියෝ 8

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/7.html?m=1


මම දවස් ගණනක් මේ නැව පිළිබඳව පරීක්ෂාකර එක් දිනෙක landing එකක් ද උත්සාහ කර දවස් දහයකට පමණ පසු ආපසු ලංකාවට පැමිණියෙමි. 

නෞකාව චාටර් කිරීම පිළිබඳව, අවසාන දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී මම ඔවුනට කියා සිටියේ අනෙක් සෑම අතින් ම මෙය අපගේ කාර්යයට සුදුසු වුවත් නැවේ වේගය මඳ වීම සහ gradient එක  ලංකාවේ වෙරළට එතරම් නොගැලපීම්, ප්‍රශ්නයක් විය හැකි බවයි.


මා නැව ලබාගැනීමට නිර්දේශ කරන්නේ නම් මට යම් වාසියක් විය හැකි ආකාරයේ උදව්වක් ඔවුනට කරන්නට පුළුවන් බව මට ඔවුන් කියා සිටින ලදී.


ලංකාවට පැමිණ මම නැවේ වාර්තාව ලියූවෙමි. එහිදී මම සැලසුම් කළ  කාර්යය සඳහා ලංකාවට ලබා ගැනීම නිර්දේශ නොකළෙමි. 

මෙයින් මාස දෙක තුනකට පසුව මා ඇමරිකාවේ new port Rhode Island හි  යුද විද්‍යාලය නැමති විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා තෝරා ගන්නා ලදී. එකල ඒ සඳහා තෝරා ගන්නා ලද්දේ විභාගයක් පවත්වා ය. 


විභාගයට විෂයන් අටක් පමණ තිබුණු අතර, එයින් එක් විෂයක් හැර අනෙක් විෂයයන් සඳහා විභාගය පැවැත්වූයේ නාවික හමුදාව විසිනි. Current affairs විශය පමණක්, පවත්වන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි. 


සාමාන්‍යයෙන් මෙම විභාගයට පෙනී සිටීමට ලුතිනන් කමාන්ඩර් තරාතිරමේ යම් ජේෂ්ඨ තාවයක් නාවික හමුදාවෙන් තීරණය කරන අතර එම ජේෂ්ඨ තාවය තුළ නිලධාරීන්ට මේ විභාගය සඳහා ඉදිරිපත් වීමට පුළුවන. නිලධාරීන් 15 දෙනකු පමණ ඉදිරිපත් වූ එම විභාගයෙන් මම පළමු වෙනි තැනට පැමිණියෙමි. මේ නිසා මට ඇමරිකානු පාඨමාලාව හැදෑරීමට ඉඩ ලැබුණි. ඒ වඩාත්ම ඉල්ලුම තිබුණේ ඇමෙරිකානු පාඨමාලාව සඳහා නිසාය.


මම පාඨමාලාවට ගොස් සති කිහිපයකට පමණ පසු එකල නාවික හමුදාපතිවරයා ව සිටී අද්මිරාල් මොහාන් සමරසේකර ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි. mobile phone පවා නොතිබුණු ඒ කාලයේ මට දුරකථන පණිවුඩය ලැබුණේ අපේ විද්‍යාලයේ ප්‍රධානියා හරහා ය. නාවික හමුදාපතිවරයාගෙන් එසේ දුරකථන පණිවිඩයක් ලැබීම ටික දිනකට මට පාසලේ මහත් ගෞරවයක් හිමි කර දුන්නේ ය.


එහෙත් ඔහුගේ දුරකථන පණිවිඩයෙන් ඔහු මට කියා සිටියේ මා පරීක්ෂා කිරීමට සිංගප්පූරුවට ගිය නැව ලංකාවට ගෙනවිත් එය ැලසුම් කළ කාර්යන් සඳහා යෙදවීමට නොහැකිව ලොකු ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවයි. මේ අවුලට මා වගකිව යුතු බවත් එසේ නම් මා ආපසු ලංකාවට ගෙන්වීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය. 

නමුත් මම එම නෞකාව නිර්දේශ නොකළ බව මම ඔහුට කියා සිටියෙමි. ඔහු වාර්තා වේ ඡේදයෙන් ඡේදය මා සමඟ සාකච්ඡා කළේය. මම කෙලින්ම නැව ලබා ගැනීම නිර්දේශ නොකර තිබූ අතර එහෙත් අවසාන ඡේදයෙන් මේ වැඩේ වැරදි ඇතිබව පෙනුනි.

මේ නැව පිළිබඳව සිංගප්පූරුවේ දී සාකච්ඡා කරද්දී එයට මාසයකට ගෙවිය යුතු මුදල මට දැනගන්නට ලැබුණි. එය සාමාන්‍යයෙන් විශාල මුදලක් වූ අතර, මම එහි කළමනාකරුගෙන් නැව මිලදී ගන්නවා නම් කුමන මුදලක් ගෙවන්නට සිදුවේ දැයි එම බදු මුදල සාධාරණ දැයි දැනගන්නට ඇසුවෙමි. 

ඔහු ඒ සඳහා කී මුදල මාසයක බදු මුදල මෙන් හය ගුණයක් පමණ විය. 

මේ හේතුව නිසා, වාර්තාවේ අවසාන ඡේදය ලෙස මා මෙසේ ලියා තිබුණි.


නෞකාව අප බලාපොරොත්තු වන කාර්යය සඳහා සුදුසු නැත. ඒ නිසා එය ලබා ගැනීම නිර්දේශ නොකරමි. එහෙත් යම් වෙනත් හේතුවකට එම නෞකාව ලබා ගන්නේ නම්, මාස 6 ක බදු මුදලෙන් මුළු නැවුම මිලදී ගත හැකි නිසා, එය බදු ගන්නෙ නැතිව මිලදී ගැනීම සුදුසු යැයි සිතමි.

මේ නිර්දේශ කිරීමේ කිසිදු වරදක් නොමැති බවත් වැරදි නෞකාවක් ගෙන ඒමට මගේ වගකීමක් නොමැති බවත් නාවික හමුදාපතිවරයා පිළිගත්තේය.

නැවට ආපසු යන්නට සිදුවිය. 

https://lakshmanillangakoon.blogspot.com/2022/06/9.html?m=1

මීළඟ කොටස සිංගප්පූරුවේ හමුදා පිළිබඳව




2 comments:

  1. ඊශ්‍රායලයෙන් පරණ නැවක් ගැනීමට පෙර පරීක්ෂා කළ විට එහි ඉලෙක්ට්‍රොනික පද්ධති නුසුදුසුයි කියා කපිතාන් නිලයේ සිටි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයා වාර්තාවේ සඳහන් කළ පසු ඔහුට තර්ජනය කර ඔහු වෙනුවට වහාම වෙනත් අයකු ක්ෂණයකින් ලංකාවේ සිට ගෙන්වා ගෙන අලුත් වාර්තාවක් ලියා නැව මිලට ගත් කතාවක් මා අසා තිබෙනවා.

    ඔහුට ඉන් පසු උසස් වීම් ලබා නොදී ඔහු වෙනුවට කනිෂ්ඨ නිලධාරියෙකු උසස් කළ පසු මේ කපිතාන්වරයා අඩු වයසෙන් විශ්‍රාම ගියා.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලෝ පැන්ෂන් එහෙම අරං ඉන්න නිසා , නම් ගම් එක්කම දානඩ බැරිද ? අඩුගානේ දෙමාපියෝ කොයි වගේද කියලා දරුවන්ටවත් තේරුම ගන්ඩ පුළුවන් ?

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...