Monday, August 17, 2026

කුඹුරු කොම්පැනි කිරීම

 




කෘෂි ඇමතිවරයා කියූ පරිදි ගොවි සමාගම් ඇති කිරීම ඉතාමත් කාලෝචිත වැඩකි. 

එමඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය. 

1. කුඹුරු යාය කිහිපයක් එකට එකතු කර අක්කර සීයක පමණ ගොවිතැන් කරන විට මුළු ඒකකයේ කළමනාකරණය කිරීමට එක් දැනුමැත්තෙකු පත් කර ගත හැක. අක්කර එකක් දෙකක් සඳහා මෙවැනි කෙනෙකු ට වැටුප් ගෙවා ලබා ගැනීම තේරුමක් නැති වැඩකි. 


2. නොයෙකුත් අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී තොග ගණනේ මිලදී ගත හැකි නිසා පිරිවැය අඩුවෙයි. 


3. කුඩා ඒකක අයිතිකරුවන් නොයෙකුත් ප්‍රශ්න නිසා වගා කළ යුතු කාල වේලාවන් මගහැරගයි. මෙවැනි ඉඩම් එකතු කිරීමකින් පසු සියල්ල එකවර සිදුවෙයි. 


4. ජලය බෙදා ගැනීමේ දී ආරවුල් ඇති නොවේ. මුළු යායටම ඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ම ජලය බෙදා ගත හැකිය. 


5. මෙය දීර්ඝ කාලීනව සිදු කරන්නට යොමු වුවහොත් අනවශ්‍ය නියරවල් කපා හැර විශාල ලියදි වගාවට යොදා ගත හැක. එවිට ඉඩම් නාස්තිය අවම වෙයි. නියර බැඳීමත් අවම වෙයි. 


6. මැෂින් හයර් කිරීමේදී එකම කටයුත්ත සෑම තැනම සිදුවන නිසා පිරිවැය සෑහෙන දුරට අඩු වෙයි. 


7. කුඩා ඉඩම් හිමියෙකුට ආයෝජනය කිරීමට නොහැකි සමහර උපකරණ වලට සමාගමක් ලෙස එකතු වී සිටින නිසා ආයෝජනය කළ හැක. 


තව මෙවැනි ප්‍රයෝජන බොහෝ ලියන්නට පුළුවන. මෙහි වඩාත්ම වටිනා ප්‍රයෝජනය මෙය පයිලට් ප්‍රොජෙක්ට් එකක් ලෙස පටන් ගෙන අවුරුදු කිහිපයක් පවත්වාගෙන ගොස් ව්‍යාපෘතිය ඇත්තටම කළ හැක්කක් දැයි පරීක්ෂා කිරීමට හැකිවීමය.

Saturday, August 15, 2026

ඩයස්පෝරාවෙන් ආයෝජන ගෙන්වා ගැනීම

 ඇමතිවරයෙක් ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ගමනක පින්තූර  බොහෝ ගණනක් ෆේස්බුක් එකේ දැක්කෙමි. 


මේවා දැකීමෙන් පසු මට මගේ අත්දැකීම් දෙකක් මතක් විය. 


එකක් දැන් අවුරුදු තුනකට පමණ පෙර මම මිරිස් වගාවක් කළමනාකරණය කිරීම සඳහා වැල්ලවායට ගොස් සිටියදී දුටු දෙයකි. එහි කැලේ ඇතුලට වන්නට රජයට අයත් විශාල ඉඩකඩම් , මිනිසුන් අල්ලාගෙන සිටිති ;සමහර විට එසේ අල්ලාගෙන සිටින නිසා විය යුතුය, ඒවායේ හරි වගාවක් කරන බවක් පෙනෙන්නට නැත. වරක් හරක් කිහිපදෙනෙකු පමණක් සිටින අක්කර දෙසීයක ඉඩමක් මම දුටුවෙමි. 


අනෙක් අත්දැකීම, දැන් බොහෝ කලක සිට ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින මගේ පාසැල් මිතුරෙකු මගෙන් ඔහුට වගාවක් කිරීමට ලංකාවේ අක්කර 25ක් පනහක ඉඩමක් සොයා දෙන ලෙස ඉල්ලා සිටීමයි. ඔහු මෙරට නිතරම සිටින්නේ නැත්නම් එසේ ඉඩමක් වගා කිරීම පහසු නොවන කටයුත්තක් බව මම ඔහුට කියා සිටියද ඔහුව ඉතා උනන්දුවකින් මේ ඉඩම සොයමින් උන්නේය. 


මේ දෙක සම්බන්ධ කර බැලූ විට පිටරට ගොස් පදිංචිව සිටින ලංකාවේ ඩයස්පෝරාවට මෙහි ආයෝජන  දිරිමත් කිරීම ඉතාමත් පහසුවෙන් කළ හැකි ්‍රමවේදයක් තිබෙන බව පෙනී යයි. 


රජය කළ යුතු වන්නේ මෙලෙස රජයට අයත් වගා කළ හැකි ඉඩම් සියල්ල ඩේටා බේස් එකකට දමා ඒවා අවුරුදු පනහක වැනි දීර්ඝ කාලීන බදු වලට ඩොලර් වලට පමණක් ලබාදීමයි. 


මෙලෙස ලබාදීම විවෘත විනිවිද පෙනෙන ටෙන්ඩර් ක්‍රමයකින් ලබාදීමෙන් රජයට ඉහළම ආදායමක් ලැබෙන අතර ඒවාට ආයෝජනය කරන්නන්ට අසාධාරණයක් ද සිදු නොවේ. 


මෙවැනි ක්‍රමවේදයක් ඉතාමත් පහසුවෙන්  පණ ගන්වන්නට පුළුවන. ඉන්පසු එවැනි ආයෝජන අවස්ථාවන් තිබෙන බව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර වෙබ් සයිට් එකක සියලු විස්තර දමා තිබෙන්නේ නම් ඒ ඒ රටවලට ගොස් ඩයස්පෝරාවට මේවා ගැන කියන්නට අවශ්‍යතාවයක් ඇතිවන්නේත් නැත. 


අනෙක මෙලෙස ආයෝජනය කරන අය තාක්ෂණිකව බලගැන්වුණු පුද්ගලයන් නිසා එවැනි ඉඩකඩම් හරවත් දේකට යොදා ගැනීමද එසේම කෘෂිකර්මික කටයුත්තක් වුණත් නවීනතම ඉහළම තාක්ෂණයෙන් ම සිදුවනු ඇත. 


මෙවැනි කටයුත්තකින් රටේ ආර්ථිකය හි සීඝ්‍ර දියුණුවක් ලබාගනු ඇති අතර බොහෝ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් ද ලැබෙනු ඇත. එසේම තමන්ගේ රටට යම් සේවයක් කරන්නට යම් ආයෝජනයක් කරන්නට ආයෝජන අවස්ථා සොයමින් සිටින අපේ ඩයස්පෝරාවේ සහෝදර සහෝදරියනට මෙවැනි ආයෝජනයක යෙදී ම තමන්ගේ රටට යම් සේවයක් සිදුවන ආකාරය බලා සතුටු වන්නට ද පුළුවන. 

Sunday, August 9, 2026

නිවිති වලින් යකඩ උරා ගැනීම

 ඊයේ පෙරේදා මම නිවිති පැළයක් පිළිබඳව පෝස්ට් දෙකක් දැම්මෙමි. එහිදී නිමිතිවල ඇති යකඩ පිළිබඳව සාකච්ඡාවක් ඇතිවූ අතර මෙතුළ මා මිත්‍ර වෛද්‍යවරයෙක්  නිවිති වල ඇති යකඩ රීරයට උරා ගත හැක්කේ ඉතාමත් සුළු ප්‍රමාණයක් යැයි කීවේය. 

පොඩි කාලයේ පොප් අයි කාටුන් වලින් නිමිතිවල ගුණාගුණ ඉගෙන ගත් මට මෙය පුදුමයක් විය


මේ නිසා ගූගල් වෙත ගොස් මේ පරීක්ෂා කර බැලුවෙමි. ඔහු කියා ඇති දෙය සත්‍යයකි. අප ශරීරයට නිමිති වල ඇති යකඩ වලින් උරා ගත හැක්කේ 1.7-5% ප්‍රමාණයක් පමණි. 

මස් මාළු වලින් නම් ඒවායේ තිබෙන යකඩවලින් 15-35%  දක්වා ප්‍රමාණයක් අප ශරීරයට උරාගත හැකි බවත් එහි කියා තිබුණි. 


තවදුරටත් කියවාගෙන යන විට නිමිති වලින් යකඩ වැඩිපුර ශරීරයට ලබා දීමට නම් එක්කෝ ඒවා තම්බා හෝ උයා කෑමට ගත යුතු බවත් එසේම කෑම උයා අවසන් වූ පසුව එයට ලෙමන් හෝ දෙහි බෑවක් මිරිකා ගැනීමෙන් අපේ ඇඟට උරා ගත හැකි යකඩ ප්‍රමාණය හතර පස් ගුණයකින් වැඩිකර ගත හැකි බව එහි ක්‍රියා තිබුණි. (ආහාර ජීරණය වන විට විටමින් සී  සමග තිබුණොත් නිමිති වලින් යකඩ උරා ගැනීම පහසු කෙරෙයි).


අපේ රටේ නිමිති බොහෝවිට කන්නේ පරිප්පු වලට දමා උයා ගෙන නිසා එතන ප්‍රශ්නයක් නැත. එසේ ඔයා අවසන් වූ පසු දෙහි හෝ ලෙමන් බෑවක් මිරිකා ගන්නේ නම් නිවිති වල තිබෙන යකඩ වලින් අමුවෙන්කනවාට වඩා හතර පස් ගුණයක් අපට ලබා ගන්නට පුළුවන. 


මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වන නිසා මෙසේ ලියන්නට සිතුණි.

Saturday, August 8, 2026

මන්ත්‍රී වැටුප

 අර්චුනාගේ මන්ත්‍රී පඩි පිළිබඳ ප්‍රකාශය ගැන මා පළකළ පෝස්ට් එකකින් පසුව කියවූ නොයෙකුත් කොමෙන්ට් නිසා මට ඇත්තටම මන්ත්‍රී කෙනෙකුට කීයක විතර වැටුපක් ලැබිය යුතුදැයි සිතුනි. 


අර්චුනා කීවේ ඔහුට ගිය මාසයේ ලක්ෂ හතරහමාරක් විතර ලැබුණ බවය. 


මම හිතන්නේ ලංකාව වැනි දුප්පත් රටකට මෙය ඉතාමත් වැඩි වැටුපක් බවය. ඔවුනට ලැබිය යුත්තේ ;  දැනට ලැබෙන වරප්‍රසාද වලට අමතරව, ලංකාවේ සාමාන්‍ය පාසලක විදුහල්පතිවරයෙකුට ලැබෙන වැටුපට කිට්ටු වැටුපක් බවය. 


ඔවුනට වාහන වරප්‍රසාද, දුරකථන හා බිල් ගෙවීම්, සේවක මණ්ඩලයක් යනාදියත් ලැබෙන බව මා සිතමි. 


මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

Friday, August 7, 2026

සත්ව ලෝකය

 ගැහැනු මේ ෆ්ලයි මැස්සා ගැන පමණක් පොඩි පැහැදිලි කිරීමක් ලියා මේ වටිනා තොරතුරු ටික ලියා පළ කරමි. 


ලියද්දි කොටියා ඉන්නේ මේ තරම් අඩු කාලයක් දැයි  දැක  කණගාටුවට පත්වීමි.


ඩොලානියා ඇමරිකානා වැනි ඇතැම් විශේෂවල ගැහැණු මේෆ්ලයිස්, වැඩිහිටියන් ලෙස මිනිත්තු පහක් පමණ ජීවත් වන්නේ ඔවුන්ගේ ශරීරවලට මුඛය සහ ආහාර ජීර්ණ පද්ධති නොමැති නිසාය, සංසර්ගයට සහ බිත්තර දැමීමට ප්‍රමාණවත් ශක්තියක් පමණක් රැගෙන ඔවුන් මේ ලෝකයට පැමිණෙති.


සතුන් සහ උන්ගේ ආයු කාලය (ANIMALS & THEIR LIFESPAN)

 * 🐶 බල්ලා (Dog): අවුරුදු 10-13

 * 🐱 පූසා (Cat): අවුරුදු 13-17

 * 🐄 ගවයා (Cow): අවුරුදු 15-20

 * 🐎 අශ්වයා (Horse): අවුරුදු 25-30

 * 🐷 ඌරා (Pig): අවුරුදු 15-25

 * 🦟 මදුරුවා (Mosquito): දින 42-56

 * 🐐 එළදෙන / එළුවා (Goat): අවුරුදු 10-18

 * 🦈 ග්‍රීන්ලන්ත මෝරා (Greenland Shark): අවුරුදු 270-500

 * 🐓 කුකුළා (Chicken): අවුරුදු 10-15

 * 🐍 සරපයා / සර්පයා (Snake): අවුරුදු 20-30

 * 🦆 පාතයා / තාරාවා (Duck): අවුරුදු 10-15

 * 🐒 වඳුරා (Monkey): අවුරුදු 10-50

 * 🐊 කිඹුලා (Crocodile): අවුරුදු 60-70

 * 🐅 කොටියා (Tiger): අවුරුදු 10-15

 * 🐝 ගැහැණු මේෆ්ලයි මැස්සා (Female Mayflies): මිනිත්තු 5

 * 🐟 මිල්ක්ෆිෂ් / පාල මාලුවා (Milkfish): අවුරුදු 15

 * 🐀 මීයා (Rat): අවුරුදු 7

Saturday, August 1, 2026

මරණ දඬුවම ලබාදීම

 පූජිත් සහ මම එකම සහ පාසලේ එකම විශ්ව විද්‍යාලයේ. ඉගෙන ගත්තෙමු.

හේමසිරි සහ මම නවික හමුදාවෙ සේවය කළෙමු. අසූ ගණන්වල මුල් හරියේ කොළඹ වර්ජන රැල්ල කාලයේ අපි එකට රාජකාරි කළා මට මතකය. 


මේ දෙදෙනාට ලැබුණු දඬුවම ගැන  මම ඉතාමත් කණගාටුවෙමි. මෙම ශත වර්ෂයේ පමණක් නොව  පසුගිය ශත වර්ෂයේද රාජකාරී  පැහැර හැරීමකට මෙවැනි දඬුවමක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ලබාදී නොමැති බව පරීක්ෂා කළ විට ජෙමිනායි කීවේය. 


කෙසේ නමුත් මෙවැනි අපරාධයක්  සිදුවන්නට යන බවට පැහැදිලි තොරතුරු මේ දෙදෙනාට ම ලැබුණා යයි සාක්ෂි තිබුණු බව පැහැදිලිය. එසේ පැහැදිලි සාක්ෂි තිබුණේ නැත්නම් මෙවැනි දඬුවමක් කවදාවත් දෙන්නේ නැත.


මේ දෙදෙනාම රටේ ආරක්ෂාවේ වගකීම ක් පැවරුණු ඉහළම තලයේ නිලධාරීන් දෙදෙනෙකි. එසේ තොරතුරු ලැබුණා නම් එය වැළැක්වීමට කටයුතු කර නැත්නම් ඔවුන්ට දඬුවම් දීම සාධාරණය. 


මෙලෙස තොරතුරු ලැබී  ඒවා පිළිබඳව පැහැදිලි ක්‍රියාමාර්ග නොගත් තවත් නිලධාරීන් හෝ ාජ්‍ය පාලනයේ යෙදුනොවුන් සිටි බවක් එහෙන් මෙහෙන් අසන්නට ලැබෙයි. ඔවුන් පිළිබඳව සොයා බැලිය යුතුය. ඔවුන්ටද දඬුවම් දිය යුතුය.

කුඹුරු කොම්පැනි කිරීම

  කෘෂි ඇමතිවරයා කියූ පරිදි ගොවි සමාගම් ඇති කිරීම ඉතාමත් කාලෝචිත වැඩකි.  එමඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය.  1. කුඹුරු යාය කිහිපයක් එකට එ...