Sunday, June 19, 2022

සිංගප්පූරුවේ වැසියෝ 7

https://lakshmanillangakoon.blogspot.com/2022/06/6.html?m=1




මගේ සිංගප්පූරු ගමන් විස්තරය අවසන් අදියරට පැමිණ තිබේ. එහෙත් මා මෙම විස්තර කිරීම එන්ජෝයි කරන නිසා තවත් එකක් දෙකක් ලියන්නට කාරණා ඉතිරිව තිබෙන බව පෙනේ. සමහර ඒවා පැරණි මතකයන් ය. සමහර ඒවා අපට උදාහරණ ලෙස යොදවා ගත හැකියි කරුණු කාරණාය.


මම සිංගප්පූරුවට කිහිප වතාවක්ම ගොස් ඇත්තෙමි. එයින් වාර කිහිපයක් නාවික හමුදාවේ යම් රාජකාරීන් සඳහා ගිය ඒවාය. මෙලෙස මුලින්ම ගියේ 1995 පමණ යුද්ධ හමුදාවට amphibious යාත්‍රාවක් පුද්ගලික සමාගමකින් බදු ගැනීම සඳහා, එය අපට සුදුසු දැයි පරීක්ෂා කර බැලීමට ය. 


එකල මම කණ්ඩුල නෞකාවේ අණදෙන නිලධාරිවරයා වශයෙන් අවුරුදු දෙකක් පමණ සේවය කර එවැනි යාත්‍රාවන් සහ ඒවාගේ මෙහෙයුම් පිළිබඳව ලංකාවේ සිටි පරම විශාරදයා බවට පත්ව සිටියෙමි. 


මම එහි ගිය පසු මගේ සියලු කටයුතු බලා ගනු ලැබුවේ එම නෞකාව අයිති සමාගමේ ඉංගිරිසි ජාතික මැනේජර් වරයෙකු විසිනි. මට එහිදී ජීවත්වීමට දෛනික ගෙවීමක් ද ඔවුන් විසින් කරන ලදී. ඔහු දවල් වරුවේ නැවේ පරික්ෂා කරන වැඩ කටයුතු අවසන් වූ පසු හවසට ඔවුන්ගේ ක්ලබ් එක වෙත මා එහි සිටි බොහෝ දවස් වල මා කැඳවා ගෙන ගියේය. ඒ සමාජ ශාලාවේ බොහෝ විට දක්නට ලැබුණේ යුරෝපීය ජාතිකයන් වූ නිසා මම ඔහුගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමි. 

ඔහු එවිට මට කීවේ මේ ක්ලබ් එක සාමාජිකයන්ට පමණක් වන එකක් බවත් තවමත් යුරෝපීය නොවන පුද්ගලයන්ට ඔවුන් සාමාජිකත්වය නොදීසිටීමට සැමවිටම ්‍රියා කරන බවයි. 

ඒ කතාව මට ජෝජ් ඕවල්ගේ burmese days නවකතාව මතක් කරන බව ඔහුට මම කීවිට, ඔහු අසල මේසයක සිටි එම ක්ලබ් එකේ සභාපතිවරයාට මගේ මේ කතාව ඒ අවස්ථාවේම එතැනට ගොස් කීවේ, ඒ මේ සේ සිටි සියලු දෙනාම සිනා ගස්සවමිනි.


landing craft වල මෙහෙයුම් කටයුතු සඳහා ඉතාමත් වැදගත් කාරණයක් වනුයේ ඒවා මුහුදේ සිට වෙරළට පැමිණෙන විට වෙරළේ කොතරම් බැස්මක් (gradient) තිබිය යුතුද යන බවයි. අවශ්‍ය ප්‍රමාණයට බැස්ම තිබුණේ නැත්නම් landing craft එක මඟ හිරවේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම sitting duck තත්ත්වයකි.


ඒ කාලේ තිබුණු තත්ත්වයට අනුව බොහෝවිට landing craft වෙරළට යන විට සතුරෝ වෙරළේ සිට වෙඩි තබති. මම වරක් කණ්ඩුල නෞකාව මුතුර් ජැටිය අසල වෙරළට රැගෙන යන විට, වෙරළේ සිට .50 තුවක්කු වලින් පවා වෙඩි කෑමට ලක්ව ඇත. 


එවැනි වෙඩිතැබීම් මැද වෙරළට කිට්ටු වන විට නෞකාව පාලනය කර ගැනීමට නොහැකිව මඟ හිර වුනොත්, නැවේ රැගෙන යන මෙහෙයුම් කණ්ඩායමක් නෞකාවේ crew එකටත් නාථ දෙයියන්ගේම පිහිටය. ........

ඊළඟ කොටස අනිද්දා


2 comments:

  1. 🤔
    නේවි කැප්ටන් කෙනෙකු ලෙස සේවය කළ මගේ පාසල්/විවි මිතුරෙකු පැරණි නැවක් මිළ දී ගැනීමට පෙර පරීක්ෂා කිරීමට ඊශ්‍රායලයට ගිය කතාවක් මතක් විය

    ReplyDelete
    Replies
    1. නැවක් ගන්න හැම වෙලාවකම වගේ කවුරු හරි යනව

      Delete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...