Thursday, July 16, 2026

බන්ධනාගාර කළමනාකරණය සම්පූර්ණයෙන් වෙනස් කරමුද

 බන්ධනාගාර ප්‍රතිසංස්කරණය: රාජ්‍ය වගකීම සහ පෞද්ගලික කාර්යක්ෂමතාව සුසංයෝග කරන "PPP" ආකෘතිය


​මෑතකදී මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම් මෙන්ම, අජිත් ප්‍රසන්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැන්නවුන් විසින් මාධ්‍ය හමුවේ සිදුකළ බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කිරීම් ඕනෑම සංවේදී මිනිසෙකුගේ ඇඟ කිලිපොලා යන සුළුය. ඇතැම් ප්‍රකාශ සත්‍යයක් විය හැකිදැයි සැක සිතෙන තරමටම ඒවා පිළිකුල් සහගත මෙන්ම යුගුප්සා ජනකය.

​ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය අද වන විට පවතින්නේ මුළුමනින්ම ජරාජීර්ණ වූ, තවදුරටත් සාමාන්‍ය ක්‍රමවේද ඔස්සේ අලුත්වැඩියා කළ නොහැකි බිඳවැටීමක බව පෙනේ. මිනිස් අයිතිවාසිකම් සහ මූලික මානුෂීය සැලකීම් පසෙක තබා, දූෂණය සහ අමානුෂිකත්වය බන්ධනාගාර සංස්කෘතියේ "සාමාන්‍ය තත්ත්වය" බවට පත්ව ඇති පසුබිමක, මෙයට සාම්ප්‍රදායික විසඳුම් සෙවීම නිශ්ඵල කාර්යයකි.

​මෙම අර්බුදයට ඇති එකම ප්‍රායෝගික විසඳුම වන්නේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership - PPP) ආකෘතියක් ඔස්සේ බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි.

​පැහැදිලි කරගත යුතු වැදගත්ම කරුණ:

මෙයින් අදහස් කරන්නේ රජය බන්ධනාගාර පද්ධතියෙන් අත පිසදාගෙන එය මුළුමනින්ම පුද්ගලික අංශයට විකුණා දැමීමක් නොවේ. මෙහිදී නීතිමය පාලනය සහ අධීක්ෂණය රජය සතුව තබා ගනිමින්, දෛනික ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කාර්යක්ෂමතාව පමණක් පෞද්ගලික අංශයට පැවරීම සිදු කරනු ලබයි.

​මේ සඳහා අප යෝජනා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙසේය:

​1. ශ්‍රී ලංකාවට ගැළපෙන නව බන්ධනාගාර ප්‍රමිතියක් (Standard) සැකසීම

​වර්තමාන රටේ පවතින දුර්වල ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන, එහෙත් සිරකරුවෙකුට හිමිවිය යුතු අවම මානුෂීය අයිතිවාසිකම්, සනීපාරක්ෂාව සහ මූලික පහසුකම් ආරක්ෂා වන පරිදි නව රෙගුලාසි මාලාවක් රජය විසින් වහාම සකස් කළ යුතුය.

​2. නියමු ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික කළමනාකරණය පැවරීම

​මෙම ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා රටේ එක් බන්ධනාගාරයක් තෝරාගෙන, විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් හරහා එහි දෛනික ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වයකට (Contract Management) පැවරිය යුතුය. එහිදී රජය බලාපොරොත්තු වන සේවා මට්ටම් සහ දැඩි කොන්දේසි (Key Performance Indicators - KPIs) ගිවිසුම්ගත කළ යුතුය.

​ජංගම දුරකථන භාවිතය සහමුලින්ම නැති කිරීම: බන්ධනාගාර තුළ සිට සිදුවන අපරාධ මෙහෙයවීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීම සඳහා, සිරකරුවන් සතු නීතිවිරෝධී ජංගම දුරකථන භාවිතය 100% කින් තුරන් කිරීමේ වගකීම සහ ඒ සඳහා අවශ්‍ය නවීන ජැමර් (Jammer) ඇතුළු තාක්ෂණික උපක්‍රම යෙදවීම සහ නඩත්තුව මෙම කළමනාකාරීත්වයට පැවරිය යුතුය.

​3. රාජ්‍ය මට්ටමේ ස්වාධීන අධීක්ෂණය සහ විගණනය (State Oversight)

​පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන මෙම බන්ධනාගාරය, රජයේ නියමිත ප්‍රමිතීන්ට සහ මානව හිමිකම් රීතීන්ට අනුකූලව පවතින්නේද යන්න නිරීක්ෂණය කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ස්වාධීන කොමිෂන් සභා මගින් අඛණ්ඩව, පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන හදිසි පරීක්ෂණ (Surprise Audits) ක්‍රියාත්මක කළ යුතුය. යම් හෙයකින් නියමිත ප්‍රමිතීන් කඩ කරන්නේ නම්, අදාළ සමාගමට බරපතළ දඩ මුදල් පැනවීමට හෝ ගිවිසුම අවලංගු කිරීමට රජයට පූර්ණ බලය තිබිය යුතුය.

​ලෝකයේ සාර්ථක අත්දැකීම්

​රාජ්‍ය අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශය ලවා බන්ධනාගාර කළමනාකරණය කිරීම (Contracted Prisons) ලෝකයට අමුතු අත්හදා බැලීමක් නොවේ. දියුණු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් මේ හරහා දූෂණය අවම කරගැනීමට සහ රාජ්‍ය වියදම් පාලනය කරගැනීමට සමත්ව ඇත:

​එක්සත් ජනපදය (USA)

​එක්සත් රාජධානිය (UK)

​ඔස්ට්‍රේලියාව (Australia)

​නවසීලන්තය (New Zealand)

​දකුණු අප්‍රිකාව (South Africa)

​චිලී රාජ්‍යය (Chile)

​පේරු රාජ්‍යය (Peru)

​අපේක්ෂිත ඉදිරි පියවර

​පළමු අදියරේදී මාස හයක (06) පරීක්ෂණ කාලසීමාවක් (Pilot Project) සඳහා එක් බන්ධනාගාරයක මෙම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ක්‍රමය ක්‍රියාත්මක කළ හැකිය. එහි සාර්ථක-අසාර්ථකභාවය, අඩුපාඩු සහ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් විද්‍යාත්මකව ඇගයීමට ලක් කිරීමෙන් පසු, එම අත්දැකීම්ද උපයෝගී කරගනිමින් දිවයිනේ සෙසු බන්ධනාගාරද ක්‍රමයෙන් මෙම නව කළමනාකරණ පද්ධතියට පරිවර්තනය කළ හැකිය.

​ජරාජීර්ණ වූ පද්ධතියක් ඇතුළතින් පමණක් සුවපත් කළ නොහැක. එයට රාජ්‍ය නියාමනය සහ පෞද්ගලික අංශයේ වෘත්තීයමය කාර්යක්ෂමතාව මුසු කළ "නව්‍ය කළමනාකරණ ව්‍යුහයක්" බද්ධ කළ යුතුම කාලය එළඹ ඇත

Wednesday, July 8, 2026

බන්ධනාගාර ප්‍රශ්නය විසඳීම

 බන්ධනාගාරයේ සිදුවන දේ දකින විට මේ බන්ධනාගාර යම් විනයක් යටතට ගෙනාවොත්, රටේ තියෙන අපරාධ වලින් සියයට පනහකට වඩා ඒ මගින්ම අවසන් කරගත හැකි බව පෙනේ. 

හොඳම  උදාහරණය අගුණ කොළ පැලැස්සේ බන්ධනාගාරයෙන්  දුරකථනයකින් කතාකර ව්‍යාපාරිකයෙකු බයකර මුදල් ලබා ගැනීම එසේම එම මුදල් බය නැතුව රටේ ප්‍රධාන රජයේ බැංකුවකටම තැන්පත් කර ගැනීම පුදුම සහගතය. 


කෙනෙකු බන්ධනාගාර ගත කරන්නට ප්‍රධාන හේතුවක් නම් ඔවුන් සමාජයෙන් ඉවත් කර තැබීමය. විශේෂයෙන්ම අපරාධ ගෝඩි ෆාදර්වරුන් එසේ සමාජයෙන් ඉවත් කර තබන්නට බලවත් අවශ්‍යතාවයක් ඇත. 


ඇතුලට යන ඔවුනට සමාජයත් සමඟ සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට හැකි නම් ඔවුන් බන්ධනාගාර ගත කර ඇති ප්‍රයෝජනය කුමක් ද?


එසේ ඇතුලට ගිය පසු රුපියල් පනහක රීලෝඩ් එකක් තමා දෙනවානම් කතා කරන්නට පුළුවන් බව යි මම ඊයේ පෙරේදා කලකට පෙර රිමාන්ඩ් එකට ගිය කෙනෙකු ලියූ පෝස්ට් එකක දුටුවෙමි. 


කලකට පෙර බන්ධනාගාරවල  ජෑමර් සවිකර මෙය නවත්වා ගැනීමට උත්සාහයක් කළද එය සාර්ථක වූයේ නැත. 


ඇඬුවාට කොමිෂන් දැම්මාට ොකු ප්‍රයෝජනයක් නැත. ඒවා මීට කලිනුත් සිදු වී තිබේ. නමුත් මේ සන්නිවේදන  මාර්ගය  වසා දැමූවහොත් බන්ධනාගාරය තුළ විනය ප්‍රශ්නයත් එසේම සමාජය තුළ අපරාධ හා දූෂණ රැල්ල මැඩ පැවැත්වීමටත් කවුරුත් නොසිතන තරමේ ්‍රයෝජනයක් වනු ඇත. 


කලකට පෙර මෙය කරන්නට ගොස් එසේ කළහොත් අවට ජීවත් වන්නට මෙය බලපාන බවට ්‍රශ්නයක් ඇති විය. එසේ නම් කළ යුතු වන්නේ බන්ධනාගාර ජන ශුන්‍ය ප්‍රදේශවලට රැගෙන යාමයි.

Sunday, July 5, 2026

නඩුකාරයන් විශ්‍රාමයාම

 නඩුකාරයන් විශ්‍රාම යන කාලය එකපාරටම වැඩි කිරීමට යාම  ගැන සැකයක් ඇතිවීම සාධාරණය. සමහර විට යම් විශේෂ කෙනෙකු තව කාලයක් තබා ගැනීමට මේ හදිසි උනන්දුව ඇතිවී ඇත්තේ දැයි  ජනතාවට සැකයක් ඇති වන්නට පුළුවන. 


නමුත් මමත් හිතන්නේ තව අවුරුදු කිහිපයක් මේ ඉන්න විනිශ්චකාරයන්ගෙන් ගෙන් ප්‍රයෝජනයක් ගැනීම සුදුසු බවය. එන්න එන්නම වයස්ගත අයටත් හොඳින් වැඩ කිරීමට පුළුවන් බව පෙනී යන නිසාත් ඔවුන්ගෙන් වැඩක් ගැනීමට සිතීම සාධාරණය. එසේම විද්‍යාවේ දියුණුවත් සමඟම විශ්‍රාම ගතවී ම බොහෝ කලක් ජීවත්වන විටද  ඔවුන් බලා ගැනීමට සිදුවන්නේත් රජයටමය, ඒ කියන්නේ ඉදිරි තරුණ පරම්පරාවටය.


මේ කරුණු දෙකම වින්වින් සිටුවේශන් එකකින් අවසන් කර ගැනීමට ක්‍රමයක් තිබේ. 


ඒ සෑම නඩුකාරයෙකුගේම ව්ශ්‍රාම වයස තව අවුරුදු තුනකින් වැඩි කරන්නට නීති සම්පාදනය කර ගැනීමය. එහෙත් මේ නීති ්‍රියාත්මක වන්නේ තව අවුරුදු තුනක් වැනි කාලයකින් බව පනතේම ඇතුළත් කිරීමය. 


එවිට රැවුලක් කැඳත් දෙකම බේරාගත හැක. 


බොහෝ යුරෝපීය රටවල දැන් විශ්‍රාම ගන්නා වයස වැඩි කරගෙන යනු ලැබේ. නමුත් අපේ රටේ විශ්‍රාම ගැනීමේ වයස වැඩි කරන්නට කැමති නැත. ඒ තරුණයන්ට රැකියා ලැබෙන්නට තියෙද්දෙන අවස්ථා අඩුවන බව සිතමිනි. 


නමුත් විශ්‍රාම ගෙන සිටින බොහෝ පුද්ගලයන්ට පරමායුෂ වැඩි වන නිසා වැඩි කාලයක් විශ්‍රාම මුදල් ගෙවිය යුතුය. එය ගෙවන්නට වන්නේත් රජයේ බදු මුදල් වලිනි. ඒ වෙනුවට ඔවුන්ගෙන් වැඩක් ගත්තා නම් හොඳ නැද්ද?

Saturday, July 4, 2026

මාසික මැරතන් ව්‍යාපෘතිය

 දවසකට පැය භාගයක් ඇවිද්දොත් මාසයකට මැරතන් එකක් සැතපුම් 26ක් පමණ ඇවිදින්නට පුළුවන. 


එංගලන්ත රජය 'මාසයකට මැරතන් එකක්' නමින් ජනතාවට ඇවිද්ද වීමේ ව්‍යාපෘතියක් පටන් ගන්නට යයි. 


නියමිත ඇප් එක සකසාගෙන සෑමදා මෙලෙස දවසකට පැය භාගයක් හෝ වැඩි ප්‍රමාණයක් ඇවිද එය රෙකෝඩ් වන පුරවැසියනට නොයෙකුත් දිරි දීම් ත්‍යාග සහ වට්ටම් ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ජාතියේ සෞඛ්‍ය නගා සිටුවීමට බොහෝ උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වේ. 


තාක්ෂණය යොදාගෙන නොමිලේම පාහේ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීමට එසේම තාක්ෂණය තමන්ගේ යහපතට පාවිච්චි කිරීමට ජනතාව උනන්දු කිරීමට අපත් මෙවැනි ව්‍යාපෘති පටන් ගත යුතුය.


ලංකාවේ කරන්නේ නම් මෙයට බොහෝ ම පුරවැසියන් ආකර්ෂණය කර ගත හැකි අලුත් අංගයක් මට මතක් විය. ඒ මෙලෙස ෙම ව්‍යාපෘතියට සම්බන්ධව් එය සාර්ථකව කරගෙන යන අයට  රෝහල්වල පෝලිම්වල ප්‍රමුඛතාවයක් ලබාදෙන බව ප්‍රසිද්ධ කිරීමයි

Thursday, July 2, 2026

බෙලෙක් තහඩු ප්‍රකාශය

 මිනිස් සංහතිය පටන් ගත් දා සිට තමන්ගේ මිනිසුන් ගේ පැවැත්මට තර්ජනයක් වූ සෑම විටකම ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබමින් සතුරා ඉදිරියට ගිය සෑම විරුවෙකුටම ඉතාමත් පහත් ගණයේ අපහාසයක් කළ ඒ රාජ්‍ය නිලධාරියාට අප සියලු දෙනාගේ බලවත් අප්‍රසාදය පළ විය යුතුය. 


එය හමුදාවලට පමණක් නොව රටේ ව්‍යවස්ථාවට එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයටද කරන ලද බලවත් අපහාසයකි. 


හිතාමතා කරන ලද මෙම අපහාසයට ඔහු හමුදාවල සේවය කරන, යුද්ධයේදී මිය ගිය සහ හමුදා සේවයෙන්  විශ්‍රාමලත්  සියලු දෙනාගේ සමාව ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය යුතු අතර එසේ නොකරන්නේ නම් රජය ඔහු පිළිබඳව තීරණයක් ගත යුතුය.


බන්ධනාගාර කළමනාකරණය සම්පූර්ණයෙන් වෙනස් කරමුද

 බන්ධනාගාර ප්‍රතිසංස්කරණය: රාජ්‍ය වගකීම සහ පෞද්ගලික කාර්යක්ෂමතාව සුසංයෝග කරන "PPP" ආකෘතිය ​මෑතකදී මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව වාර්ත...