Sunday, June 26, 2022

සිංගප්පූරුවේ වැසියෝ 13


https://lakshmanillangakoon.blogspot.com/2022/06/12.html?m=1

 නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවන් මුණගැසෙයි අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාන්නට පටන් ගත්තෙමු. 

 කතාබහෙන්  මට වැටහුනේ ඔහු වෘත්තීය රියදුරෙක් නොවන බවත් වෙනත් රැකියාවක යෙදෙන අයකු බවය. 


ඇත්තෙන්ම ඔහුගේ ස්ථීර රැකියාව සිංගප්පූරුවේ ජනප්‍රිය බියර් වර්ගයක, country manager ලෙස සේවය කිරීමයි. 


සිංගප්පූරුවේ රජය ඔවුන්ගේ රාජ්‍යය උත්සව සහ වෙනත් කටයුතු සඳහා පිටරටින් පැමිණෙන නොයෙකුත් නිලධාරීන්ට ඔවුන් පැමිණි විට වාහන ලබාදීම සඳහා, එහි පුරවැසියන්ගෙන් වරින් වරට අයදුම්පත් කැඳවනු ලැබේ

 

එහිදී වාහනයේ වර්ගය පමණක් නොව වාහනය සේවය සඳහා යොදවන විට ඒ පදවන රියැදුරු ද පරීක්ෂාවකට ලක් කෙරේ. 

මෙම පරීක්ෂණයෙන් තෝරාගන්නා ලබන වාහන සහ ඒවා පදවන්නන් පොරොත්තු ලේඛනයක තබාගෙන වැනි සේවයක් අවශ්‍ය වූ විට කැඳවනු ලැබේ.


මෙවැනි සංවිධානාත්මක වැඩපිළිවෙලක් පවත්වාගෙන යාමෙන් සිංගප්පූරුව කොතරම් ්‍රයෝජන ලබා ගන්නේද? මම කල්පනා කර බැලුවෙමි.

 1.  මෙවැනි අවශ්‍යතාවයන් සඳහා මිල අධික වාහන රාශියක් මිලදීගෙන, ඒ සඳහා රියදුරු සංචිතයක් ද පවත්වාගෙන යන රජයේ වාහන පූල් එකක් ඔවුනට අවශ්‍ය නැත.

 2. පැමිණෙන විදේශිකයන්ට රට ගැන දැන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් පුද්ගලයෙකු රියදුරකු වශයෙන් ලබාදීමට පුළුවන.

 3. පැමිණෙන විදේශිකයන්ට රියදුරා හා කතා කිරීමෙන් ම, ඉහළම first impression එකක් ලැබේ. 

 4. රියදුරා ලෙස වෙස්මාරු කරගෙන සිටින බොහෝ විට පුද්ගලික අංශයේ ඉහළ රැකියාවක් කරන රියදුරුට නොයෙකුත් විදේශිකයන් හා contacts  සදා ගැනීමට අනගි අවස්ථාවක් ලැබේ.


මෙතැනදීම මට මෙවර singapore ගිය විට සිංගප්පූරුවේ ජීවත්වන ලාංකිකයෙකුගෙන් එහි වාහන පිළිබඳව දැනගත් කුඩා තොරතුරක් ද ලියනු කැමැත්තෙමි. 

ඔහු පාවිච්චි කරන්නේ හොන්ඩා වෙසල් වාහනයකි. යම් අවශ්‍යතාවයකට ඔහු අපිව රැගෙන යාමට ඔහුගේ වාහනයෙන් පැමිණියේය. මට සිංගප්පූරුවේදී වහනයක හිමිකරුවකු හමුවුණේ පළමුවෙනි අවස්ථාවය. 

ඒ නිසා ඔහු ගෙන් මම කලින් මම අසා තිබුණු කරුණක් ගැන විමසුවෙමි. ඒ එම වාහනය මිලදී ගැනීමට වාහනයට ගෙවනවාට අමතරව ොතරම් මුදලක් එම වාහනය මිලදී ගැනීමට අවසර පත්‍රය ලබා ගැනීමට ඔහු විසින් ගෙවන ලද්දේ ද යන බවයි. එය සිංගප්පූරු ඩොලර් තිස් දාහකි. මේ සඳහා නොයෙකුත් වර්ගයේ වර්ගීකරණය කරන ලද වාහන සඳහා ාර්ගස්ථ ක්‍රමයෙන් ලංසු තැබිය යුතු අතර තමන්ගේ ලංසුව සාර්ථක වුවොත් ජය ඔහුට එම බලපත්‍රය ලබා දෙන බවත් ඔහු කීවේය. ඒ කියන්නේ වාහනයක් මිලදී ගැනීමට අවසර පත්‍රය ලබා ගැනීමට පමණක් ලංකාවේ මුදලින්, මිලියන 8ක් පමණ ගෙවිය යුතු බවයි. 

නමුත් අවසානයේ වාහනය ගෙන්වාගැනීමට ගෙවිය යුත්තේ සියයට 7ක ජීඑස්ටී පමණි. 

ඒ අනුව බලන විට ලංකාවට වාහනයක් ගෙන්වාගැනීමට පුළුවන් කාලයේ එම වාහන සඳහා අපි ඊට වඩා ගෙවා ඇති බව පෙනේ.


2 comments:

  1. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර සිටි මගේ මිතුරෙකු පසුව ඇමරිකානු සමාගමක සිංග්ප්පූරු ශාකාවේ සේවයට ගියා. චිත්‍රපටයක් නැරඹීමට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමත් අසීරු යැයි ඔහු පැවසූ බවට මතකයක් ඇත. ඒ 1999 දී.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...