මම මේ ලඟදි සිංගප්පූරුව වෙත ගියෙමි. ඒ මගේ පළමුවැනි මිනිපිරිය බැලීම සඳහාය. එහි සිටියදී දවසක් මගේ ළඟම මිතුරෙකු වන සරත් විමලසූරිය මා සමග කතා කරමින් සිටියදී සිංගප්පූරුවේ මදුරුවන් සිටින්නේ දැයි ඇසුවේය. මදුරුවන් නොමැති බව මම ඔහුට කීවෙමි. මෙම සාමීචියේ න් පසුව මමත් ටික වෙලාවක් කල්පනා කර බැලූ විට සිංගප්පූරුවට පැමිණි පසු කිසිම අවස්ථාවක මම මදුරුවෙකු කූඹියෙකු හෝ එවැනි කෘමීන් කිසිවකු දැකීමට නොලැබුණු බව සිහියට නැගුනි.
මම ලංකාවේ ගෙදර සිටියදී සෑම දිනකම පාහේ මදුරුවන් දෙතුන් දෙනෙකු කූඩැල්ලන්ට තුන්දෙනෙකු ගේ පහර දීමකට ලක් වන අතර කූඹින් දෙසියක්/300ක් නොදැකපු දිනයක් ඉතාමත් අසාමාන්‍ය දිනයක් බව නොඅනුමානය.
මම ඉන් පසුව අන්තර්ජාලයට ගොස් මෙම මදුරුවන් නොමැතිකමට හේතුව කුමක් විය යුතු දැයි සොයා බැලුවෙමි.
එයට හේතුව පරීක්ෂාකර බලන විට මදුරු ප්‍රශ්නයක් සිංගප්පූරුවට ම ආවේණික ආකාරයට විසදා ඇති බව දැනගන්නට ලැබුණි.
ඒ මදුරුවන්ගේ බිත්තර රැක්ක වීමට නොහැකි වන ආකාරයට බැක්ටීරියාවක් ඇතුල් කර ඇති මදුරුවන් පරිසරයට නිදහස් කිරීමෙනි. උන් එලියට ගොස් ාමාන්‍ය මදුරුවන් සමග අනෙක් හැම දෙයටම තරග කරන අතර, එහෙත් පැටවු හදන්නේ නැත. කාලයක් යන විට බිත්තර වලින් පැටව් හදන්නට පුළුවන් මදුරුවන් ද පරිසරයෙන් ඉවත් වී යයි.
Wolbachiya නම් වූ මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක වී ඇති බව පෙනේ.
මෙයට අමතරව මම වෙනත් ගමන් ගිය විට කරනවා මෙන් එහිදීම දකින දෑ මගේ බ්ලොග් පොතේ සටහන් නොකර ඉන්නට මම තීරණය කළෙමි. ඒ මක්නිසාද යත් මෙතරම් දුර්භික්ෂ හා දුෂ්කර කාලයක ලංකාවේ travel log ලිවීම නොගැළපෙනවා යැයි සිතූ බැවිනි.
මේ නිසා මට මා එහිදී දුටු දෑ පිළිවෙළකට ලිවීමේ අවශ්‍යතාවයක් ද ඇති වන්නේ නැත. අප සිංගප්පූරුවේ සිටි කාලය තුළ මගේ දුවගේ නිවස එ තරම් ඉඩ පහසුකම් නොමැති නිසා අප නැවතී සිටියේ කුඩා හෝටලයක ය.
මේ හෝටලයේ සිට ඇයගේ නිවස වෙතට කිලෝ මීටර 25ක් පමණ දුර වූ අතර අප දිනපතා වාගේ ඇගේ නිවස වෙත උමං දුම්රියකින් ගමන් කළෙමු. සිංගප්පූරුවේ මේ උමං දුම්රිය පද්ධතිය ඇත්තෙන්ම පුදුම සහගත එකකි. කිලෝ මීටර් දෙසිය ගණනක් දිග මෙම පද්ධතියේ දවසකට එහි ජනගහනයෙන් සියයට 65ක් එසේ එන්නත් නම් මිලියන 3.4 ක් ගමන් කරති.
ජනගහනයෙන් මෙතරම් ප්‍රමාණයක් ගමන් කරන්නේ ඇයිදැයි හිතාගන්නට වත් බැරිය.
සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර් 80 ක පමණ වේගයෙන් ගමන් කරන මෙම දුම්රිය ඇතුලේ යන මගිනුත් පුදුම සහගතය. ඔවුහු කිසි විටෙකත් තමා අත තිබෙන බෑග් එකක් තමාට ආසන්න ආසන හිස්ව තිබුනත් එම ආසනය මත තබන්නේ නැත. එක්කෝ එය තම ඔඩොක්කුවේ තබා ගනිති එසේත් නැත්නම් කෙලින් තබාගෙන සිටින කකුල් දෙක අතරේ බිමින් තබා ගනිති. දෙදෙනෙකු කතා කරනවා හෝ කෙනෙකු දුරකතනයකින් කතා කරනවා දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇත්තෙන්ම ඒවා තුල කථා කිරීම අධෛර්යමත් කිරීමට දැන්වීම් පවා අලවා තිබේ.
ඊළඟ කොටස පහත link එකන්
ගමන් කිරීමට මූලික හේතුව නිවාස සහ රැකියා ස්ථාන එකිනෙකට දුරින් තිබීම විය යුතුයි
ReplyDelete