Friday, June 17, 2022

සිංගප්පූරුවේ වැසියෝ 5

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/4.html?m=1







ඉන්දියානු කෑම ගැන කතා කරද්දී තව ටිකක් ලියන්නට මට සිතුනි. අප නැවතී සිටි හෝටලය තිබුනේ සිංගප්පූරුවේ race course road එක නමැති ්‍රධාන පාරක අසලිනි. මේ හෝටලය සහ ඒ අවට ඇවිදිද්දි ඒ මුලු බ්ලොක් එකම ප්‍රධාන පාරවල් හතරක් ලෙසට සම්පූර්ණයෙන්ම වාගේ තිබුණේ ඉන්දියානු ආපනශාලා බව පෙනුණි. 

කේරල, තමිල්නාඩු, බෙංගාලි, චෙට්ටිනාඩ්, යනාදී නොයෙකුත් ඉන්දියානු ආපන ශාලා වර්ග සීයක් පමණ මේ බ්ලොක්  එකේ පමණක් තිබුණු බව පෙනුණි. 

මේ ආහාරවලින් මා වඩාත් සිත් ගත්තේ චෙට්ටිනාඩ් ආහාර වලට ය. කලකට පෙර මම ඉන්දියාවේ 1980 සහ 89 අවුරුද්ද බැගින් ජීවත් වී ඇතත් චෙට්ටිනාඩ් ආහාර මට මුණගැසී නැත. දහවල් ආහාරයට බත්, පලා වලින් සෑදූ කරියක්, චිකන් කරියක් එළවළු කරියක් සහ බැදපු මාළු කෑල්ලක් අපේ රසයට ගැළපෙන ආකාරයට ම වාගේ ආහාරයට ගැනීමට ඉඩ ලැබුණි.

මෙවැනි ඕනෑම ආපනශාලාවක බියර් සහ වෙනත්  මද්‍යසාර මිලදී ගැනීමට හැකියාව තිබුණු අතර මෙයින් ආහාරයේ රස වත්කම වැඩිකරගැනීමට පාරිභෝගිකයන්ට ඉඩ ලැබේ. 

බොහෝවිට එකම ස්ථානයකදී ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශ වැඩිම ගණනක ආහාර රසවිඳිය හැකි, ස්ථානය මෙම හතර වීදිය විය හැකි යැයි මට සිතුනි.

ලිට්ල් ඉන්දියා ප්‍රදේශයේ පමණක් නොව සිංගප්පූරුවේ බොහෝ තැන්වල ඉන්දියානු ආපන ශාලා විසිරී තිබේ. චීන වැසියන් ද මේවායේ නිතරම ආහාර ගනු දකින්නට පුළුවන.


මම අද එපිසෝඩ් එකේ ඡායාරූප කිහිපයක් අඩංගු කරමි. ඒවායින් පෙන්වන ආකාරයට ලිට්ල් ඉන්දියා ප්‍රදේශය, සිංගප්පූරුවේ රජය විසින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සැලසුම් සහගතව යොදන බවක් පෙනේ. ඒ ප්‍රදේශයට පැරණි ඉන්දියානු මුහුණුවරක් ලබා දීමට බොහෝ වෙහෙසක් ගන්නා බවක් පෙනෙන්නට තිබේ. 

ඇත්තෙන්ම  කෙනෙකුට ලිට්ල් ඉන්දියා තුළ ඉන්දියාවට නොගොස්ම ඉන්දියානු අත්දැකීමත් සමහර විට ඉන්දියාවට ගියාටත් වඩා හොඳට ලබාගැනීමට හැකියාවක් තිබෙන බව මට සිතුනි. 

සිංගප්පූරුවේ වැසියෝ කෑමට රුසියෝ බව ලංකාවේ නාට්‍යයක සින්දුවක ගායනා කරනු මට ඇසී තිබේ. එය නම් සම්පූර්ණ සත්‍යයකි. කෑම කඩවල් ඇතුලට යාමට එළියෙ ඉතාමත් ඉවසිලිවන්ත ලෙස පෝලිම්වල රැඳී සිටින මිනිසුන් එහි සුලබ දසුනකි. බොහෝ දුම්රිය ස්ටේෂන් මුල්කරගෙන කේන්ද්‍රීය කරගෙන අති විශාල සාප්පු සංකීර්ණ සාදා ඇති අතර ඒවායේ එක් කොටසක් සැමවිටම පාහේ ආපනශාලා වලින් පිරී තිබේ. රටේ මිනිසුන්ගේ ආදායමේ හැටියට ඉතාමත් සාධාරණ මුදලට එම ආහාර ලබා ගත හැකි අතර ලෝකයේ බොහෝ franchise  ආහාර දාමයන්ගේ ද කිසිදු අඩුවක් නැත.


සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ රසවත්, මස් මාලු වලින් සපිරි ආහාර වේලක් ඩොලර් දහයකට අඩුවෙන් ලබා ගත හැකි අතර එහි බස් රියදුරෙකුගේ වැටුප ඩොලර් පන්දාහක් පමණ වෙයි. ඒ කියන්නේ වැටුපෙන් 2/1000 කි. 

ඒ කියන්නේ ලංකාවේ රියදුරෙකුගේ වැටුප රුපියල් හතළිස් දහසක් නම් රුපියල් 80 ක මුදලකි. ලංකාවෙ අද රුපියල් අසූවකට බනිස් ගෙඩියක් වත් කන්නට පුළුවන් දැයි සැක සහිතය.

ඊළඟ කොටස අනිද්දා


2 comments:

  1. සිංගප්පුරුවේ කෑම ගැන කියවපුවාම, මීට වසර විසිපහකට තිහකට එහා අතීතයේ, සිංගප්පූරු වැසියෙකු මට කියූ කතාවක් මතක් උනා.

    මම සිංගප්පුරුව හරහා ලංකාවට එන ගමනකදී යාබද ආසනයේ හිටපු මගියා සමග කතාබහ කළා. ඔහුගේ දෙමව්පියන් ලාංකික මැලේ ජාතිකයන් උනත්, ඔහු ඉපදී හැදී වැඩී තිබුනෙත්, ස්ථිර පදිංචියත් සිංගප්පුරුවෙයි. ඔවුන් සතු ව්‍යාපාරයක් ලංකාවේ තියන නිසා මාසයකට වරක්වත් ලංකාවට එන බව කිව්වා.
    කෑම ගැන කතා බහකදී, දෙමළ ආහාර, විශේෂයෙන් තෝසේ, වඩේ ගැනත් කතා උනා.
    පිරිසිදුවට තෝසේ, වඩේ හදන තැන්වල එයට ආවේනික රසය නැති බවත්, ඒ රසය ලැබෙන්නේ අපිරිසිදු ආපන ශාලා වලින් පමණක් බව ඔහුගේ මතයයි. මමත් ඒ සමග එකඟ උනේ මගෙත් ඒ සම්බන්ධ අත්දැකීමක් තියන නිසා යි.
    එකල මෙල්බර්න් හි තිබුන හින්දු කෝවිලේ බැතිමතුන්ට විකිණීමට සඳහා ඉතාම පිරිසිදුව සාදන තෝසේ/සාම්බාර්/වඩේ මිලදී ගැනීමට මම පුරුදු වී සිටියා. වෙනත් දෙමළ ආහාර මිලදී ගැනීමට තැනක් නොතිබුන එකල, ඒවා රසවත් ලෙස සැලකුවාට, ඒවා ලංකාවේ කෑම තරම් රස නැති බව මට මතක් උනේ එවිටයි.

    ReplyDelete
  2. ඒකෙත් පොඩි ඇත්තක් ඇතැයි මට හිතෙනවා, ඒ වගේම මට මැලේ යාළුවන් කීප දෙනකු ආශ්‍රය කරන්න ඉඩ ලැබිලා තියෙනවා, ඔවුන් සෑහෙන්න විහිළුවට කැමති කට්ටිය

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...