Monday, June 27, 2022

සිංගප්පූරුවේ වැසියෝ 14



 හදිසියේ සිංගප්පූරුව ගැන ලියද්දි සිහියට ආ නිසා අන්දමන් නිකොබාර් දූපත් වල පැවැත්වුනු ඉන්දියානු සාගරයේ නාවික හමුදා සුහද හමුව, පිළිබඳ මතකයන් ටිකක් ලියන්නට මට සිතුනි. 

නමුත් සිංගප්පූරුව ගැන තවත් ලියන්නට හිතේ තිබෙන නිසා මෙයත් ඒ සීරීස් එකේ ම අඩංගු කිරීමේ වරදක් නැතැයි සිතමි.



මේ සඳහා පකිස්තානය හැරෙන්නට ඉන්දියානු සාගරය අවට සෑම රටකින් ම පාහේ යුද නෞකාවන් පැමිණ තිබුණි.


කලින් කී පරිදි ශක්ති නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස ට මම ද මෙයට සහභාගි වුණෙමි.

හමුවීම යන අදහස ඇතිව ඔවුන් මෙය නම් කර තිබුනේ මිලාන් යන නමිනි. avid හින්දි චිත්‍රපට නරඹන්නෙකු මම ඔවුන් ඒ කියන්නටත් පෙර තේරුම් ගෙන නොදන්නවා සේ සිටියේ අප හින්දි ආධිපත්‍යයට යට වී ඇතැයි ඔවුන් සිතන්නට ඉඩ තිබෙන නිසා ය. 😂


කොළඹ සිට මෙම දූපත් සමූහයේ අගනුවර වෙත යාමට කිලෝමීටර් 1600ක් තිබේ. අපට මේ ගමන සඳහා දවස් හතරක් ගත විය. මෙය ඉන්දියාවෙන් බොහෝ දුරින් තිබුණ ද ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තය ට තිබෙන්නේ කිලෝ මීටර් 150 ක් පමණ දුරිනි.

දූපත් පන්සිය ගණනකින් යුත් මෙම දුපත් සමූහය තුළ ගෝත්‍ර දෙකක් ඇතුළුව ලක්ෂ තුනක පමණ ජනගහනයක් ජීවත් වෙයි.


සතියක් පමණ කල් පැවැත්වුණු මෙම සුහද හමුවේ දී  කලා සන්දර්ශන ක්‍රීඩා තරඟ සංගීත සංදර්ශන වෘතීය සාකච්ඡා නෞකා අතර අණදෙන නිලධාරීන්ගේ සංචාර සහ භෝජන සංග්‍රහ වලින් ඒ ගත කළ කාලය පිරී ඉතිරී ගියේය.


අපගේ ශක්ති නෞකාව විශාල උභයාකාර නෞකාවක් නිසා බොහෝ ඉඩ තිබුනෙන් අප මේ සුහද හමුවේ තිබෙන නොයෙකුත් අංගයන්ට ගැලපෙන පරිදි නෞකා කණ්ඩායමට අමතරව එහි තිබෙන්නට නියමිත ක්‍රීඩා අංගයන්ට ගැලපෙන පරිදි නාවික හමුදා කණ්ඩායම් වල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද රැගෙන ගියෙමු. ඉඩ තිබෙන පරිදි නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ දක්ෂයන් කිහිප දෙනෙකු ද මෙයට එකතු කර ගත්තෙමු.


මෙහි දී පැවැත්වුණු සෑම තරඟයක දී ම අප ඉහළින්ම ජයග්‍රහණය කරන්නට අපගේ සහජ දක්ෂකම් හැරෙන්නට ඉහත හේතුවත් පිටුවහල් වන්නට ඇත. අනෙක් රටවල නැව් වලින් පැමිණ සිටියේ නැව් කණ්ඩායම පමණක් වීම නිසා මට සමහර තරඟ නරඹද්දී ඔවුන් ගැන කනගාටුවක් ද ඇති විය.


අවසාන දිනයේ තිබූ අන්තර්ජාතික සංස්කෘතික සංදර්ශනය පෙරහුරුවට අපගේ කණ්ඩායමක සමඟ මමත් එය තිබූ තැනට ගියෙමි සමහර රටවලින් පැමිණ සිටි නැව් වල නැවියන් විසින් ඉතාමත් ආධුනික ආකාරයෙන් ලී කෙළි නැටුම් සංදර්ශන යනාදිය ඉදිරිපත් කළහ. අප කණ්ඩායම වෙස් නැටුමක් සහ සළුපාලිය අංගයක් ඉදිරිපත් කළ විට සියලු බලා සිටින්නන් මවිතයට පත්විය. ෙරහුරු වේ සංවිධාන කටයුතු භාරව සිටියේ ඉන්දියානු නාවික හමුදාවේ කපිතාන් නිලයේ වෛද්‍යවරියකි. ඇය පෙරහුරුව අවසානයේ තේ සංග්‍රහයේදී මා සමඟ මෙසේ කීවාය.

"ඔබගේ සංදර්ශනයේ ඔබ සනත් ජයසූරියගේ සියලුම හතර සහ හයේ පාරවල් එකට එකතු කර තිබෙනවා"


 එකල සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දක්ෂකම් පෙන්වූ අවධිය විය යුතු බව මෙතනදී නොකිව මනාය.

මෙම බ්ලොග් එකෙහි  ඇති ඡායාරූපය අඩංගු පුවත්පත් වාර්තා වේ සිත්ගන්නාසුලු යමක් මම මෙවර එය කියවද්දී දුටුවෙමි. එහි කියා තිබුනේ පැමිණ සිටි ලංකාවේ නිලධාරීන්ගේ නම් දුටුවිට ලේඛකයාට සිතුනේ කොතරම් දෙමළ ආභාෂයක් එම නම් වලට ලැබී තිබේද යන්නයි.

මම හොඳ වෙලාවට ඒ දවස් වල මේක සම්පූර්ණයෙන් කියෙව්වේ නැත. එසේ කියෙව්වා නම් මට තරහ යාමටත් ඉඩ තිබිණ. නං නමුත් දැන් තමිල්නාඩුවේ මිනිස්සු අමාරුවෙන් සල්ලි එකතු කර අපිට කෑමේ වන නිසා ඔවුන්ගේ වාගේ නම් තිබෙන එක ගැන පොඩි සතුටක් ඇතිවන බවක් පෙනෙන්නට තිබේ.


7 comments:

  1. ඔබේ පැරණි පරම්පරා නම් නිවැරදිව සඳහන් වී ඇතැයි සිතේ.

    මගේ මව් පාර්ශවයේ ආච්චීගේ වාසගම් ඉලේපෙරුම. ඒ කියන්නේ ඉලෛප් පෙරුමාල්
    ආච්චීගේ ආච්චී පුල්ලෙපෙරුම. ඒ කියන්නේ පුල්ලෛප් පෙරුමාල්.

    ReplyDelete
    Replies
    1. වැඩිහරියක් අපේ නම් ඉතින් ඉන්දියාවෙන් ආ ඒවා තමයි නේද

      Delete
  2. Even though I didn't comment, All the blogs I'm reading,, its very interesting.

    ReplyDelete
  3. nam witharak noeyi apath indiaywen elawapu aya neda

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...