Wednesday, June 22, 2022

සිංගප්පූරුවේ වැසියෝ 10

 

https://lakshmanillangakoon.blogspot.com/2022/06/9.html?m=1

සිට



මගේ සිංගප්පූරු කතාවලින් ඔබ මිදුනා යැයි සිතුවා නම් එය වැරදි සිතුවිල්ලකි. මගේ ඔළුවට දැන් සිංගප්පූරු කතා නයගරා දිය ඇල්ල මෙන් ගලා එයි. මේ සිංගප්පූරුව පිළිබඳව මගේ තවත් අත්දැකීමකි.


2005 වර්ෂයේ මම නාවික හමුදාවේ සැලසුම් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් සිටියෙමි. මම අවුරුදු හතරක් පමණ මෙම තනතුරේ වැඩ කළෙමි. මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ ්‍රධාන කාර්යයක් වූයේ යුද්ධය සඳහා පර්යේෂණ සහ නව නිපයුම් කිරීමයි. ඒ සඳහාම බඳවාගත් තරුණ ිද්‍යාඥයින් හත් අට දෙනෙකු පූර්ණකාලීනව මේ පරීක්ෂණ වල යෙදී සිටියහ. නොයෙකුත් විශ්වවිද්‍යාල සමග ස්වාධීන නිර්මාණකරුවන් සමඟ අපි බොහෝ කිට්ටුවෙන් එකල වැඩ කළෙමු. අපි බොහෝ දේවල් අලුතෙන් නිර්මාණය කර ව්‍යවහරය සඳහා යෙදවූවෙමු. 

මේ අතරම අලුතෙන් ආයුධ මිලට ගැනීමේ කටයුතු ද බොහෝවිට පැවරුණේ මා වෙත ය. මෙකල නාවික හමුදාවට ඉතාමත් වැදගත් වූ අවියක් වූ, bushmaster mm 30 ස්වයංක්‍රීය තුවක්කුව, අපගේ wish list එකේ ප්‍රධානම අයිටම් එකක් විය. ඒ සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ එම අවිය නිපද වූ ඇමරිකානු සමාගම සමඟ සාකච්ඡාවන් කළේද මා විසිනි.


මේ වසරේ සිංගප්පූරුවේ යම් සැමරීමක් සඳහා බොහෝ කලාපීය නාවික හමුදාවන්ට ආරාධනයක් ලැබුණි. මෙයට සමගාමීව , සෑම දෙයකින්ම ව්‍යාපාර කටයුත්තක් සම්බන්ධ කරගන්නා සිංගප්පූරුව, ආයුධ නිපදවන්නන්ගේ ෙළඳ ප්‍රදර්ශණයක් සංවිධානය කර තිබුණි. 

බොහෝවිට මෙසේ විදේශවලින් පැමිණෙන නිලධාරීන් නවාතැන් ඇතුළු වෙනත් පහසුකම් සඳහා ගෙවන්නට ඇත්තේ මෙම ආයුධ නිපදවන්නන්ගේ සමාගම් වලින් විය යුතුය. 

 ඒ සඳහා එකල නාවික හමුදාපතිවරයා වූ, අද්මිරල් වසන්ත කරන්නාගොඩ ඇතුළු තවත් නිලධාරීන් දෙතුන් දෙනෙකු සමග මමද ගියෙමි. අප ගුවනින් ගිය අතර ලංකාවේ යුධ නෞකාවක් ද මුහුදෙන් පැමිණ මේ සඳහා සහභාගී විය. 


සිංගප්පූරුවේ සතියක පමණ කාලයක් සිටි අපට නවාතැන් පහසුකම් දෙන ලද්දේ ඉතාමත් සුඛෝපභෝගී හෝටලයක් වන ඔරියන්ට් හෝටලයේය. අමතක වීමට පෙර හෝටලය මතක් වූ ගමන් තවත් ලියන්නට යමක් තිබේ. මම ඒ කාලය වන විට ද ඊට පසු මෑතක් වන තුරුම බොහෝ හෝටල් වල නැවතී තිබේ. එහෙත් මම මෙතෙක් කල් ජීවිතයේ දැක ඇති විශාලතම එසේම වෛවර්ණ breakfast බුෆේ එක දැක්කේ මේ හෝටලයේ දී ය. 


එය මට මතක තිබෙන්නේ ඒ බුෆේ එකේ දුටු එක් පලතුරක් ඉන්පසු මගේ ජීවිතයට බොහෝ සම්බන්ධ වූ නිසාය. ඒ පලතුරු දුටු නිසා මම එම ගමන අවසන් කර ආපසු පැමිණි පසු ඒ පළතුරේ පැළ කිහිපයක් සොයාගෙන මගේ ගෙදර වත්තේ එසේ නැතිනම් නිවාස උද්‍යානයේ පැල කර ගත්තෙමි. අපි තවමත් ඇත්තෙන්ම කියනවා නම් ඊයේත් ඒ පලතුරු ජූස් එකක් හදාගෙන  බීවෙමු. එම පලතුරට විරුද්ධව ෛද්‍යවරයෙකු විසින් පුවත්පතකට ලියන ලද ලිපියකට විරුද්ධව මා විසින් ලියන ලද බ්ලොග් එකක් එකල ඉතාමත් ජනප්‍රිය විය.

ඒ බ්ලොග් එකේ ලින්ක් එකකුත් මම මෙතන ඇතුල් කරමි.

https://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_44.html?m=1


පලතුර starfruit හෙවත් කාමරංගා ය.

වචන 500 පැනපු නිසා ඉතිරි කොටස අනිද්දාට ලියමි.


No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...