Sunday, September 17, 2017

2 අප අපුරු ඉතිහාසය 2






ඔහු නරසිම්හ රජු  වෙත ගොස් නැවත ඔහු සේවයේ යෙදෙයි.
ටික කලකට පසු නරසිම්හ රජු මානවම්ම රජුට නැවත හමුදාවක් ගොඩ නංවා නැවත ඔහුට රාජ්‍ය ලභා ගැනීමට නැව් නැංවීමට උත්සාහ කරයි. එහෙත් හමුදාව නැව්  නැඟීමට මැලි  බවක් දක්වයි. සමහරවිට මුල්වර ලංකාවට පැමිණි පසු ලැබුණු කටුක අත්දැකීම් නිසා වන්නට පුළුවන.

නරසිම්හ රජු මේ සඳහා උපායක් සැලසුම් කරයි. ඔහු ඔහුගේ රාජකීය යුධ  ඇඳුම් සහ යුධායුද මානවම්ම කුමරුට අන්දවයි. ඔහුගේ රාජකීය කොත්ත යුද බෙරකරුද නැව් කණ්ඩායමේ  එක නැවකට යවා බෙරය වයන්නට සලස්වයි. නරසිම්හ රජුගේ  හමුදාව තමන්ගේ රජු නැවට ගොඩවුන බව සිතා දිව ගොස් නැව් වලට ගොඩවුණු අතර නැව් වහා මුහුදට ඇදින. 

මෙලෙස උපායෙන් ලබාගත් හමුදාව පැමිණෙන නැව් කණ්ඩායම මහ මුහුද මැද නගරයක් සේ පෙනුණු බව විස්තරයේ කියවෙයි. හමුදාව උතුරු කාරයෙන් රටට ඇතුළු වී ටික දිනක් විඩා හැර උතුරු කරය අල්ලා ගනියි. බලගතු හමුදාව දැන් අගනුවර වූ අනුරාධපුරය වෙතට  සේන්දු වෙයි. මේ පැමිණීම ආරංචි වන පොත්තකුත්ත, රජුත් සමග තම හමුදාව ගෙන සටනට යයි.

මානවම්ම ඇතු  පිට නැගී සටන් කරමින් පොත්තකුත්ත සහ හත්තධාත රජු හමුදාවෙන් වෙන්කර ඔවුන් හඹා යයි. පලා යන හත්තධාත රජු අතර මඟදී අල්ල ගන්නා රටවැසියෝ ඔහුගේ ඔලුව කඳින් වෙන්කර මානවම්ම වෙතට ඉදිරිපත් කරති.

පොත්තකුත්ත තම මිතුරෙකු වූ  මෙරුකන්දර ප්‍රාදේශීය පාලකයා  වෙතට පලා  යයි.ඔහු එහි ගිය විට එම මිතුරා මහත් දුෂ්කරතාවයකට පත්වෙයි. ඔහුට් මිතුරාට උදව් කිරීමටත් අවශ්‍යය, එසේ උදව් කළහොත් ජයග්‍රාහි  රජුගෙන් දඬුවම් විඳින්නටත් සිදුවෙන බව දනියි.

ඔහු වස යෙදු  කැවුම් කා  ජීවිතය නැති කර ගනියි. ඒ දකින ඔහු වෙත් උදව් ඉල්ලා පැමිණි පොත්තකුත්ත ද එම වස දැමු කැවුම් කෑ තෙමේද දිවි නසා ගනියි. 

මෙලෙස දීර්ග කාලයක් මහත් කැපකිරීම් වලින් පසු ලබාගන්නා රාජ්‍ය මානවම්ම දැහැමි ලෙස අවුරුදු 35 ක් පාලනය කරයි. ඔහු රජ වූ විගසම විශේෂ රාජ කාර්යක් සිදුකරයි. ඒ රට වටාම ආක්‍රමණයක් නැවත සිදු නොවන පරිදි ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීමය.

3 comments:

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...