අප ඉතිහාසය තරම් විචිත්‍රවත් එමෙන්ම කොතරම් නිර්මානකාරි කතුවරයෙකුටවත් ප්‍රබන්ධ කල නොහැකි ඉතිහාස කතා චීන ඉතිහාසයේවත් තිබෙනවා දැයි සැක සහිතය. අපි කුඩා කාලයෙහි ශුභ සහ යස කියවා එසේත් නැත්නම් සිගිරි කාශ්‍යප කියවා පුදුමයටත් විශ්වයටත් පත්වීමු. මෙම සිදුවීම ඒ දෙකටම වඩා අපුරුය, එමන්ම සත්‍යය.
මෙය සිදුවන්නේ ක්‍රිස්තු වර්ෂ 650 - 700 කාලයේය. එකල සිරිලක අගනුවර වන්නේ අනුරාධපුරයය. ඇත්තෙන්ම පොලොන්නරුව 1070 අගනුවර වන තෙක් තවත් අවුරුදු 400ක් පමණ එය සිරිලක අගනුවරය. 674 දී සිරිලක රජ වූ 4 වන අග්ගබෝධි මිය යයි. ඔහුගෙන් පසු දමිල පොත්තකුත්ත නම් ඔහු නිලධාරියෙකු යුව රජ ධාතසිව හිරකර රට පාලනය කරයි. බොහෝ විට මෙම නිලධාරියා මියගිය රජුගේ සෙනෙවියා වන්නට පුළුවන.
ඔහු තමනට රාජ්‍ය අයිතියක් නොමැති නිසා දත්ත නැමැත්තෙකු නාමික රජ වරයෙකු ලෙස පත් කරගෙන රාජ්‍ය කරයි. දත්ත මිය ගිය පසු හත්තධාත නැමැත්තෙකු නැවතත් නාමිකව රජ කරවා දමිල පොත්තකුත්ත රාජ්‍ය කරයි. හත්තධාත රාජ්‍ය කරද්දී රාජ්‍යට කෙලින්ම උරුම කම් ඇති මහාවම්ම නමැති කුමාරයකු කඳුරට රජ වූ සංගමාන නම් රජුගේ දියණියක් විවාහ කරගෙන රහසේ උතුරු ප්‍රදේශයේ ජිවත් වෙයි.
ධාතසිවට මොහු ජීවත්වීම පිළිබඳව ආරංචි වී සොයා බලන බව දැනගත් මහාවම්ම අසුවීමට පෙර ඉන්දියාවට පැන යයි. එහිදී කන්ඩුවෙති නම් දකුණු ඉන්දියානු රාජයේ පාලකයා වන පලවෙනි නරසිම්හවරම් වෙත ගොස් ඔහුට තමා පිළිබඳව විස්තර කර ඔහුගේ සේවයට එකතු වෙයි. ටික කලකින් රජු ගේ අවසර ලබා තම බිරිඳද එහි ගෙන්වා ගනියි. එම රජුගේ සේවයෙදීම ඔහුට දරුවන් අට දෙනෙකු ලැබෙයි.
නරසිම්හවරම් රජු මොහුගේ සේවය ගැන පැහැදී ඔහුට හොඳ ආදායමක් එන ලෙසට ගම්වර ලබාදෙයි. මේ දෙදෙනා බොහෝ කුළුපග වෙයි. දවසක් දෙදෙන අලියෙකු පිට නැගී නිදහසේ සංචාරය කරද්දී රජු අලියා පිට සිටියදීම කුරුම්බා ගෙඩියක් බි ඉතිරි වතුරත් සමගම එය තමාට පිටුපසින් සිටින මානවම්ම හට අමතක වීමකින් දෙයි. කුරුම්බය විසි කලොත් රජුට අගෞරව විය හැකි හෙයින් ඉතිරි වතුර වලින් කොටසක් මානවම්ම අකමැත්තෙන් වුවද පානය කරයි.
මෙය දකින නරසිම්හවරම් කුරුම්බය ආපසු ඉල්ලාගෙන ඉතුරු වූ වතුර ටික තමන් පානය කරන්නේ ඉඳුල් වූ කුරුම්බා වතුර බිමෙන් මානවම්ම ට; විශේෂයෙන්ම ඔහුද රාජ්‍ය වංශයෙහි කුමාරයෙකු නිසා, ලැජ්ජාවක් සිදුවීමට ඉඩ ඇති නිසාය. මෙම සිද්ධියෙන් පසු රජු මානවම්ම ගැන බොහෝ පැහැදී ඔහුට තමාට ඇති උපකරණ, සම්පත්, මාලිගා යනාදිය ඒ ආකාරයෙන්ම ලබාදෙයි.
මේ අතර දෙවෙනි පුලුකෙසින් නම් වල්ලභ රජෙකු මෙම රාජධානිය ආක්‍රමණය කරයි. ආක්‍රමණයට සැරසෙන අතරතුර නරසින්හවරම් රජු මෙසේ සිතයි.
"මානවම්ම කුමරු බොහෝ කලක් මා ලග සේවය කළේය. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව තමාට අයිති රාජ්‍යය ආපසු ලබා ගැනීමයි. මා සමග යුද්දයට ගොස් ඔහු යුද්දයේදී මරුමුවට පත් වුව හොත් ඔහු මෙතෙක් උත්සාහ කල ඒ බලාපොරොත්තුව ඉටු කර ගත නොහැකි වනු ඇත. ඔහු මෙහි තබා යමි" යයි සිතා තම හමුදා සමග යුධ භූමියට ගියේය.
මේ අතර මානවම්ම කුමරු " මොහු යුද්දයට ගොස් පැරදුනහොත් මා මෙතෙක් කල් සැලසුම් කල ලංකා රාජ්‍ය ලභා ගැනීමට නොහැකිවනු ඇත " යයි සිතා අලියෙකු පිට නැග යුධ භූමියට ගොස් බොහෝ වීර ක්‍රියා කර තම මිත්‍ර රජුට ජයග්‍රහණය ලබා දුන්නේය.
ජයග්‍රහණයෙන් පසු ආපසු අග නුවරට පැමිණි නරසිම්හවරම් රජ විශාල සැණකෙළියක් පවත්වා තම මිතුරාට ගෞරව කළේය. මින්පසු තම මිතුරාට උදව්කිරීමට මේ කල් යයි සිතු ඔහු තම නිලධාරින් එකතුකර
" අප මිතුරා යුද්දයේදී කල කි දෑ ඔබ දුටුවෙහිය, දැන් අපටද ඔහුර උදව් කිරීමට කල පැමිණ තිබේ"යයි පැවසිය. ඔහුගේ නිලධාරින්ද එයට එකඟව "ඔබ තුමාට සිතැඟි දෙයක් අප කරන්නෙමු " යයි රජුට පැවසුහ. රජු විශාල හමුදාවක් මානවම්ම කුමරුට දී නැව් නංවා ලංකාවට යැවිය.
ලංකාවට ගොඩ බට හමුදාව දුටු ධාතොපතිස්ස රජු පලා ගියේය, එහෙත් මානවම්ම අගනුවර ඇල්ලීම පසෙක තබා ධාතොපතිස්ස හඹා ගියේය. මේ අතර ඉන්දියානු හමුදාවන් අතර නරසිම්හ රජු රෝගී වී මිය ගිය බවට කතාවක් පැතිර ගියෙන් ඔවුහු ආපසු තම රට බලා ගියහ. මේ ඇසු ධාතොපතිස්ස තම හමුදාව රැගෙන ආපසු පැමිණ මානවම්ම ගේ ඉතුරු වූ හමුදා සමග සටන් කළේය. තම හමුදා සටනට ප්‍රමාණවත් නොවන බව පසක් කල මානවම්ම් කුමරු
" නැවත ඉන්දියාවට ගොස් හමුදාවක් ගෙන මට අයිති රාජ්‍ය ලබා ගන්නෙමි " යයි සිතා නැවත ඉන්දියාවට පලා ගියේය.
ඊ ළඟ කොටස
http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-2.html
########
ReplyDeleteInteresting story. No patience till tomorrow.
ReplyDeleteනිතර කමෙන්ට් නොකළත් ඔබගේ ලිපි නොවරදවා කියවමු .දිගටම ලිවීමට සුබ පතමු
ReplyDelete