Friday, September 22, 2017

දහම සොයා සැතපුම් දහස් ගණනක් ඇවිද්ද මිනිසා



ෆාහියන් ඇතුළු පිරිස ධර්මාශෝක රජුගේ මාලිගාවේ නටඹුන් අසල 
චීනයේ x අකුරට හඬ නංවන්නේ හි ශබ්දයට කිට්ටුවෙනි. ඒ නිසා Faxian යන්න කියන්නේ ෆාහියන් යනුවෙනි.  අපේ ෆාහියන් චීනයේ  උපත ලබන්නේ ගොවි පවුලකය. ඒ ක්‍රිස්තු වර්ෂ 337 දිය. මිය යන්නේ වයස 85ක්ව ක්‍රිස්තු වර්ෂ 422 දිය, ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකු සිටි අතර ඔවුන් කුඩා කාලයේම මියගියහ. ෆාහියන් ගේ පියා ඔහුව සාමනේර වරයෙකු කිරීමට ආරාමයකට බාර දුන්නේය. ඔහු ද තදබල ලෙස අසනිපවුණු නමුදු ඉන්  සුවපත්වුවද ආපසු නිවසට යාම ප්‍රතික්ෂේප කර දිගටම ආරාමයේ ජිවත් විය.

ඔහුට වයස 10 ක් වනවිට ඔහුගේ පියා මිය ගියෙන් ඔහුගේ මාමා ඔහුට තනිවුනු  මව වෙතට යන ලෙසට කියා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කර දිගටම ආරාමයේ ජීවත්විය. පසුව මව මියගිය අතර ඔහු ගෙදරට ගොස් මවගේ ආදාහන කටයුතු නිමවා නැවත ආරාමයට ගොස් ශ්‍රමණ පුහුණුව ලබමින් ජීවත්විය.

ඔහුට වයස 20 ක් වනවිට ඔහුගේ ශ්‍රමණ පුහුණුව  අවසන් වූ අතර වයස 25 ක් වන විට තවත් ශ්‍රමනයන් හතර  දෙනෙකු සමග විනය පිටකය සොයා ගැනීම සඳහා ඉන්දියාව බලා පිටත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 399 දිය. මෙම ගමන දැන් සේද මාවත යයි හැඳින්වෙන සැතපුම් දහස් ගණනක් දිග මාවතේ රාජ්‍ය ගණනාවක් හරහා සිදුවිය.



ඔහු ගොඩබිම හරහා ඇෆ්ගනිස්තානය , පකිස්තානය , ඉන්දියාව, නේපාලය ,බංග්ලාදේශය හා ටුක්මෙනිස්තානය වැනි තවත් බොහෝ රටවල්; රාජධානි 30ක් පමණ හරහා,පැමිණ තාමලිප්ත වරායෙන් නැව් නැග ලංකාවට පැමිණෙයි. මේ ඔහු චීනයෙන් පිටත්වූ වසරට අවුරුදු 10 කට පමණ පසුව ක්‍රි ව 410 දී පමණය. 
මේ ඔහුගේ නැවෙන් ලංකාවට පැමිණීමේ ගමන් විස්තරයයි.

" ගංගානම් ගඟේ පහල යොදුන් 18 ක් අප ගමන් කර ශේෂ්ට  චම්පා රාජධානිය (දැන් චම්පා නගර්) වෙත පැමිණියෙමු. මෙහි බුදුන් භාවනා කරමින් සක්මන් කල තැන මෙන්ම ඔහු හා ඔහුට පෙර සිටි බුදුන් තිදෙනෙකු වැඩ සිටි ස්ථාන ද තිබේ. ඒ සැම ස්ථානයකම  දැන් ශ්‍රමනයන්  ජීවත්වෙති. මෙලෙස යොදුන් 50 ක් නැගෙනහිරට ගමන්කළ අපි තාමලිප්ත  රටෙහි වරාය අගනුවරට පැමිණියෙමු( බටහිර බෙංගාලයේ  හුග්ලි ගඟේ කෙලවර පිහිටි වරායක්). මෙම රටෙහි  භික්ෂුන්  වෙසෙන ප්‍රධාන ආරාම 22ක් තිබේ.මෙහි අපි අවුරුදු දෙකක්  ධර්මය පිටපත් කරමින් සහ ප්‍රතිමා  චිත්‍රයට නඟමින් කල් ගත කළෙමු.

ඉන්පසු විශාල නැවක නැග  නිරිත දිග දෙසට ගමන් කළෙමි . එලෙස මා පමණක් ඉතිරි  වුයේ මා සමග පමිනියවුන්ගෙන් අවසාන භික්ෂුවද ඉන්දියාවේ නැවතී තව දුරටත් ආගම හැදෑරීමට තීරණය කල නිසාය. එකල ශිත ඉර්තුව විය. සුළං උදව්වට හමු නිසා දිවා රාත්‍රී ගමන් කර දින 14කින් සිංහල ද්වීපයට පැමිණියෙමු. ඒ දුර යොදුන් 700 ක් බැව් ඔවුහු පැවසුහ. 

මෙම රාජධානිය විශාල දුපතකි. එය නැගෙනහිර සිට බටහිරට යොදුන් 50 ක්ද උතුරේ සිට දකුණට යොදුන් 30 ක්ද පමණ වෙයි.
 ( වරද්දාගෙන ඇති බව පෙනේ ). එහි වමේ සහ දකුණේ දුපත් 100 ක් පමණ තිබෙන අතර එකී නෙක අතර දුර ලී 10,20, සමහර විට 200 පමණ වෙයි. මේ සියලු දුපත් ප්‍රධාන රාජධානියේ කොටස්ය. මේ දුපත්වල මුතු සහ මැණික් නිපද වෙයි; එක දුපතක පැහැදිලි, දිලිසෙන, ඉතා වටිනා  මනි මුතු ලෙස හැදින් වෙන මුතු වර්ගයක් .  නිපද වෙයි - මේ දුපත වර්ග ලී 10 ක්  පමණ වෙයි. රජතුමා මෙම මුතු නිපදවෙන දුපත්වල ආරක්ෂාව යොදවා ඇති අතර ඒවායේ නිපදවෙන සෑම මුතු 10 කින්ම 3 ක් ම  රජුට බදු  ලෙස ගෙවිය යුතුය." 

චි (චීන පතුල්) 1500ක් ලී එකයි
ලී එකක්  කිලෝ මීටර 1/2 යි.

ඊළඟ කොටස 

 http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-30-2.html 



2 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...