Tuesday, September 26, 2017

3- රටවල් 30 ක් හරහා ධර්මය සොයා -3

http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-30-2.html

සිට







එහි භික්ෂුන්ගේ භාණ්ඩාගාරයන්  නොයෙකුත් ඉතාමත් වටිනා මුතු මැණික් වලින් පිරි ඇත්තේය. වරෙක මෙහි සිටි රජෙකු මෙම භාණ්ඩාගාරය ඇතුලට ගිය විට එහි තිබූ වටිනා මුතු වර්ග දැක මහා ලෝභයක් ඉපදී ඒවා බලෙන් අත්කර ගන්නට සිතක් පහල විය. දින තුනකට පසු ඔහු නැවත පැමිණ මහණුන් ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ඔහුට ඇතිවූ එම චේතනාව පිලිබදව සමාව ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු අනාගතයේදී කිසිම රජ කෙනෙකු හෝ අවුරුදු 40 ට අඩුවෙන් මහන දම් පුරා ඇති මහණෙකු මෙම භාණ්ඩාගාර තුලට යාම තහනම් කරන නීති පැනවිය යුතු යැයි ඉල්ලා සිටියේය. 

මෙම නගරයෙහි බොහෝ වෛශාක්‍ය  වෙළද පවුල් ජීවත් වෙති. අතුරු වීදි සහ මාවත් මනා ලෙස නඩත්තු කරති. ප්‍රධාන වීදි හතරේ ඇති දේශනා ශාලාවල මාසයේ 8,14,15 වෙනි දිනවල ශ්‍රමණයන් සහ පුරවැසියන් ධර්මය සාකච්චා කරති. රාජධානියෙහි භික්ෂුන් 60,000 ක් පමණ ඇත්තේය. ඔවුන් පොදු ගබඩාවකින් ආහාර ලබා ගනිති. ඊට අමතරව රජු 6000 කට පමණ ආහාර නගරයේ ශාලාවක තබා තිබේ. භික්ෂුනට අවශ්‍ය වූ විට එතනට ගොස් පාත්තරය පිරෙන්නට ආහාර ලබා ගනිති. 

සෑම වසරකම තුන්වන මාසයේ දන්ත ධාතුව පිටතට ගෙන පෙරහැරක් පවත්වනු ලැබේ. මෙය පැවැත්වීමට දින 10 කට පෙර මනා ලෙස සරසන ලද සද්දන්ත අලියෙකු මත රාජකීය ඇදුමෙන් සැරසුණු නිලදාරියෙකු බෙරයක් වයමින්  තව දින 10 කින් දන්ත ධාතුව අභයගිරි විහාරය වෙත රැගෙන එන බවත් සියලු පින් කැමති භික්ෂුන් සහ පුරවැසියන් වීදි සහ අතුරු මාවත් අලංකාර ලෙස සරසා සුවද සහ මල් පුජා කිරීමට පිළියෙළ කරන ලෙස දන්වා සිටිනු ලැබේ. 

මෙලෙස දැන්වීමෙන් පසුව බෝදිසත්ව කාලයේ බුදුන්ගේ නොයෙකුත් ජීවත; සුදාන, සාම, අලින්ගේ රජෙකු ලෙස, අශ්වයෙකු හෝ ගොනෙකු ලෙස, 500 ක් පෙන්වන ප්‍රතිමාවන් රජු විසින් විදි දිගේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම සියලු පිලිරු තද පැහැයෙන් වර්ණවත් කර ජීවත්වන ආකාරයටම නිමවා ඇත. මින් පසු දන්ත ධාතුව විදිය  දිගේ ගෙනයනු ලබයි. සෑම තැනකදීම එයට ජනයා තෑගී පිරිනමති.

මෙය අභයගිරි විහාරයට රැගෙන ආපසු එතනට එකතු වුන භික්ෂුන් සහ ජනයා එතැනදී සුවද දුම් අල්ලා පහන් පත්තු කර සියලු පුජාවන් පවත්වති. මෙලෙස දවස් 90 ක් පුජා පවත්වා දන්ත ධාතුව ආපසු නගරයේ ඇති විහාරයට ගෙන යනු ලැබේ. පොහොය දිනවල මෙම විහාරයේද දොරවල් විවුර්ත කර නොයෙකුත් පුද පුජා පවත්වනු ලැබේ. 

අභයගිරි විහාරයට ලී 40 ක් පමණ දුරින් (කිලෝ මීටර් 20 ක් පමණ; මිහින්තලය විය යුතුයි.) කන්දක භික්ෂුන් 2000 ක් පමණ ජීවත්වෙති. ඔවුන් අතර ජීවත්වන ධර්ම ගුප්ත නමැති බොහෝ සිල්වත් එමෙන්ම දැනුවත් භික්ෂුවට  මේ අතරින් රටේ සියලු දෙනාගෙන් මහත් ගෞරව  ලැබේ. ඔහු අවුරුදු 40 ක් ගල්ගුහාවක භාවනා කර ජීවත් වී ඇති  අතර ඔහු කොතරම් කරුණාවන්ත හදවතකින් යුක්ත වුයේද යත් නයින් සහ මීයන් එකිනෙකාට අවැඩක් නොකර එකම කාමරයේ වාසය කිරීමට සැලැස්වීමට හැකියාව ලැබී ඇත.

ඊළඟ 

http://lakshmanillangakoon.blogspot.com/2017/09/4-30-4.html








   

No comments:

Post a Comment

Ecery tree has a history

 Few years back a classmate of mine, who settled down in Germany an year or two after our  advanced levels, visited me at home with another ...