Friday, September 15, 2017

3 මාක් ට්වේන් ගේ ලංකා ගමන - අවසාන කොටස







කෙසේ වුවත් අපට අපේ ඇඳුම් සමග ජීවත්වීමට සිදුව තිබේ - ඇඳුම් වලටත් පැවතීමට හේතුවක් තිබේ. ඇඳුම් අප මත සිටින්නේ අප නිරාවරණය කිරීමටය - අප ඇඳුම් වලින් සඟවා ඇත්තේ කුමක්දැයි ලොවට පෙන්නිමටය.

ඒවා සැඟවුණු සංඥා ; අපේ ව්යාජත්වයේ සංඥා , පිටතට ලභා දෙයි. එහෙත්  අප තද පාටට , ඒවායේ සමබරතාවයට ,ලාලිත්‍යට  කැමති නැති බව පෙන්වා එය සාක්ෂාත් කර පෙන්වීමට මෙවැනි ඇඳුම් අඳිමු.





නමුත් අපිට  අපේ අසල්වැසියන් ඒ ආකාරයෙන් රවටන්නට උත්සාහ කිරීම නිෂ්පල වෑයමකි ; ඇත්තෙන්ම අපි ලංකාවට ගිය විට අපට අප වත් රැවටීමට නොහැකි වී ඇති බව අපට තේරුම් ගත හැකිය. අපි දිලිසෙන පාට වලට සහ අලංකාර ඇඳුම් වලට කැමැත්තෙමු. අපි ඇමෙරිකාවේදී එවැනි වර්ණවත් රැලි සහ පෙළපාලි පැවැත්වෙන විට ඒවා නරඹන්නට කුනාටුවකදිත් එකතු  වෙන්නෙමු - බලා එම වර්ණවත් ඇඳුම ඇඳගෙන සිටින්නන්ට ඉර්ශයා කරන්නෙමු.

අපි එවන් ඇඳුම් ඇඳ රඟ පාන්නන් බලන්නට නාට්‍ය ශාලාව වලට  ගොස් අපට එවැනි ඇඳුම් අඳින්නට අවස්තාවක් නැති  වීම ගැන කනගාටු වෙන්නෙමු. අපි අවසර ලැබුණු විට රජුගේ සාදයනට යන්නෙමු - එයට පැමිණ සිටින නිලදරුවන්ගේ දිලිසෙන නිල ඇඳුම් දැක සතුටු වෙන්නෙමු.

අපට අවස්තාවක් ලැබුනහොත්  අපි වර්ණවත් වේදිකා ඇඳුමක් ඇඳගෙන තනිවම අසල ඇති කන්නාඩියකින් බලා සතුටු නොවී සිටින්නෙමුද? ප්‍රජාතන්ත්‍රවාදී අමෙරිකාවේද නිල ඇඳුම් වලට අයිති වාසිකම් කියන නිලධාරින්ද තනියම අවස්තාවක් ලැබුන හොත් මෙසේ හැසිරෙති - ඔවුන්  කවුරුත් පෙනෙන්නට නැත්නම් තමන්ගේ  චායා රුපයක්ද නොගෙන සිටීද?

මා  කොළඹදී සෙනග අස්සේ අහම්බෙන්  දුටු කුඩා දුඹුරු  ළමයෙකු ඇඳගෙන සිටියේ  ඉන වටා ට්වයින් නුලක් පමණි. නමුත් මගේ මතකයේ ඔහුගේ නිර්ව්‍යාජ ඇඳුම , මා එදින දුටු ඇඳුම් ගොඩකින් වෙස්වලාගත් ඉරිදා පාසල් දැරියන් ගේ ව්‍යාජ  වෙස්වලා ගැනීමට වඩා ඉතා ඉහලින් කා  වැදී ඇත.

මාක් ට්වේන් ගේ සමකය හරහා කල සංචාරයේ පොතෙහි ඔහු ලංකාවේ ගත කල කාලය පිලිබඳ කොටස මෙයින් නිමවේ. ඔහු ඉන්පසු නව නැග ඉන්දියාව බලා පිටත් වෙයි.




3 comments:

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...