Thursday, September 21, 2017

රියැලිටි ෂෝ සහ වානේ පන්නරය ලැබීම




මම මාස කිහිපයක සිට අහම්බෙන් දැක; බොහෝවිට අප රුපවාහිනි වැඩසටහනක් බලන්නට පටන් ගැනෙන්නේ එය චැනල් මාරුකිරිමේදී  අහම්බෙන් දැකීමෙනි, history TV නම් චැනලයක forged in fire (ගින්නෙන් පන්නරය ) නම් රියලිටි TV වැඩසටහනක් නරඹන්නට පටන් ගත්තෙමි. සමහරවිට  මා  මෙය දකින්නට ඇත්තේ ඒ චැනලයේම මම නිතරම බලන pawn stars නම් වැඩ සටහන බලද්දි විය යුතුය. 

 forged in fire හි  සිදුවන්නේ කම්මල් කරුවන් පස් දෙනෙකු නවීනතම පට්ටල්  උපකරණ සියල්ල තිබෙන ස්ථානයකට ගෙන්වා විනිසකරුවන් තිදෙනෙකු ඉදිරියේ ඔවුන්ගේ දක්ෂකම් උරගා බැලීමයි.

ඔවුන් මුලින්ම කිනම් ක්‍රමයකට තොරාගන්නවාදැයි පැහැදිලි නැති නමුදු ඔවුන්ට වානේ කැබැල්ල බැගින් දී අප හා විනිසකරුවන් බලා සිටියදීම  නොයෙකුත් ආයුද සාදවා ඒවා පරික්ෂාකර පිටුදැකීමේ ක්‍රමයට එක තරඟ කරුවා බැගින් ඉවත් කර අවසාන තරඟ කරුවන් දෙදෙනෙකුට විශේෂ පෞරාණික ආයුදයක් පෙන්වා එවැනි ආයුදයක් සාදන්නට නියම කෙරෙයි. 

මෙම ආයුදය සැදීමට කම්මල් කරුට සතියක් පමණ කල් ලැබෙයි. ඔහු එය තමන්ගේ පට්ටලයේ සාදා නියමිත දිනට තරඟය තිබෙන තැනට රැගෙන ආ යුතුය. ඔහු එය තමන්ගේ තැන සාදද්දීද එය රුප ගත කෙරෙයි. අවසානයේ එම ආයුධ දෙකෙහි පන්නරය සහ උපයෝගිතාවයන් බැලීමට අපුරු පරීක්ෂණ කිහිපයකට පාත්‍ර කර ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ. ඔහුට මට මතක හැටියට $ 30000 කැ පමණ තෑග්ගක් ලැබෙයි.

මෙවැනි රියලිටි ෂෝ වලින් කොතරම් ප්‍රොයෝජන ලැබේදැයි නිකමට පරික්ෂාකර බලමු.

1. මෙවැනි නිපුනතාවයන්ට තරුණ පරපුර , වැඩිහිටි පරපුර පවා උනන්දුවක් දක්වන්නට පටන් ගැනීම.

2. වැඩි උනන්දුවක් දක්වන්නන් විනොදාන්ෂයන් වශයෙන් මෙවැනි ද කිරීමට පෙළඹීම 

3. විනොදාශ්වාදක වීම.

4.නොයෙකුත් වානේ කර්මාන්ත  පිළිඹදව සාමාන්‍ය දැනුමක් නරඹන්නන්ට ලැබීම.

 
මෙයට අමතරව බටහිර රටවල , විශේෂයෙන්ම ඇමෙරිකාවේ නොයෙකුත් ක්ෂේත්‍ර වල රියලිටි ශෝව්ස් විශාල ගණනක් පැවැත්වෙයි. ඒවා ශරීර ශක්තිය උරගා බැලීමේ සිට උකස් කඩ  ක්ෂේත්‍ර දක්වා   දිවෙයි. උදාහරණයකට property brothers වැඩසටහන දේපල විකිණීම ගොඩනැගීම යන ක්ෂේත්‍ර පිළිබඳව රියලිටි වැඩසටහනකි. 


මෙයට සංසන්දනාත්මකව අපගේ රියලිටි ශෝව් මොනවාද?

1. ගීත ගායන හැකියා උරගා බැලීම.
2. නැටුම් හැකියාව උරගා බැලීම.
3. කුඩා ළමුන්ගේ සින්දු කීමේ හැකියාව 
4. කුඩා ළමුන්ගේ නැටීමේ හැකියාව 
5. නළු නිළියන්ගේ ගායන හා නැටුම් හැකියාව
6. නළු නිළියන්ගේ හාස්‍ය හැකියාවන්
7. ඉඳ හිට කෙරන ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන්. 

අපේ TV නිෂ්පාදකයන්ටත් හැමදාම සින්දු , නැටුම් සහ වේලුනු විහිලු වැඩසටහන් කරන්නේ නැතිව ඉහත කතා කළා වැනි අලුත් දේවල් කරන්නට බැරි ඇයි?

උදාහරණ ලෙස ගොවිතැන, ගෙවතු වගා, කායික ශක්තිය , ව්‍යාපාර,ගොඩනැගීම් , ඉවුම් පිහුම්, මාර්ග සොයාගැනීම්, අන්තර්ජාල පරිහරණය වැනි දහසක් මාතෘකා සිතන්නට පුළුවන. 

මෙලෙස දිගටම කරන්නන් වාලේ කරගෙන ගියහොත් ලංකාවේ රුපාහිනියටත් වන්නේ අපේ චිත්‍රපට කර්මාන්තයට සිදු වූ දෙයම බවට කිසිදු සැකයක් නැත්තේය.

14 comments:

  1. Pawn stars මම ආසම වැඩසටහනක්...ඉතිහාසය ගැනත් ලොකු විස්තර එනවා,,එවගේම තමා ඔය දේපල විකිනීමත්,,කසි කබල් උනු ගෙවල් ගොඩ අරන් විකිනීම

    ReplyDelete
    Replies
    1. එකනේ අපිටත් කොච්චර ලේසියෙන් කරන්න පුලුවන්ද

      Delete
  2. බලන්න NHK English Channel

    https://www3.nhk.or.jp/nhkworld/en/live/

    https://www3.nhk.or.jp/nhkworld/en/vod/japanrailway/

    https://www3.nhk.or.jp/nhkworld/en/vod/medicalfrontiers/

    https://www3.nhk.or.jp/nhkworld/en/vod/scienceview/

    ReplyDelete
  3. නමුත් ඔබ සඳහන් කරන ලංකාවේ ඒ රියලිටි ෂෝ වලදීත් හැකියාවටම තැන එනවා කියන්න අමාරුයි. උදාහරණයක් ගත්තහම ගීත ගායන රියලිටි ෂෝ එකක, මගුල් ගෙදරක් වගේ කරගෙන නාඩගම් කරන එකෙන් ගීතය හෝ ගීත කීමේ හැකියාවට වඩා වෙනත් දේවල් යටපත් වෙලා යනවා. මොකක් ආවත්, අපි නතරවෙන්නේ එවැනි බාල වර්ගයේ වේදිකාවක නම්??

    තවත් .. දෙයක්... අර ඕනෑම ක්ෂේත්‍රයක වැඩකරුවෙකුට සහභාගිවෙන්න පුළුවන් ටැලන්ට් ෂෝ වලදී අපේ ලංකාවෙන් ඉදිරිපත් වෙන්නේ බොහොම ලාමක වර්ගයේ ( අවර ගනයේ) අංග. කොටින්ම ඒවායින් දිනන්නෙත් අපහාස සහ උපහාස් වැඩිපුර කරන කෙනා. ඊට වඩා ක්‍රියෙටිවිටි තියෙන දවල් මම වෙනත් රටවල්වල රියලිටි ෂෝ වල තියෙනවා. ( shadow dancing වගේ) අපි තාම ඉන්නේ ළිඳේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත, අලුත් දෙකට යන්න බයක් වගේ තියෙනව මගේ හිතේ

      Delete
  4. ඇයි අෆ්ෆා වාහන මොඩිෆයි කරන වැඩසටහන් කීයක් යනවද, අපේ රටේ දැන් දැන් ඒකත් තහනම්

    ReplyDelete
    Replies
    1. මෝඩි ෆයි කරන්න තහනම්ද , මම හිතන්නේ යම් සීමාවකින් එහා නේද

      Delete
    2. මේ දවස් වල රාවයක් යනව. නීතියෙ හැටියට නම් අවසර නැතිව කරන්න පුලුවන් පොඩි දේවල් ටිකක් විතරයි.

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...