Thursday, July 11, 2024

රිලව් එලවීම

 දැන් මාතලේ උකුවෙල පැත්තේ, පදිංචිව සිටින අපේ ගමේ කෙනෙකු  අවුරුදු තිහකට පමණ පසුව අප නිවසට පැමිණියේය. 

ගොවිතැන් ගැන කතා කරමින් සිටියදී ඔහු මම කවදාවත් අසා නැති යමක් කීවේය. 

අපේ පොල් ගස්වල හොඳින් ගෙඩි තිබෙනවා දැක මේ පැත්තට ම රිලව් වෙන්නේ නැද්දයි ඔහු ඇසුවේය.

අපට රිලවුන්ගෙන් කරදරයක් නොමැති බවත් ඉඳ හිට හෝ එකෙක් දෙන්නෙක් පැමිණියත් එයා රයිෆල් එක දික් කල විට, පැන දුවන බවත් නැවත බොහෝ කාලයකට මේ පැත්තට නොඑන බවත් මම කීවෙමි.  ඔහුගේ ඇස් සතුටින් දිලිසින.

ඔහුගේ ගෙවත්තේ, පොල් ගස්වල  පොඩි ගෙඩියක්වත් ඉතිරි නොකරන අතර, පනහක් හැටක  ලොකු රංචුවක් පැමිණ ෙන්නේ වත්තේ තිබෙන සෑම භෝගයක්ම පාහේ විනාශ කර දමන බව ඉතා කණගාටුවෙන් පැවසීය. 

කොස් දෙල් පොල් පමණක් නොව බඩ ඉරිඟු එළවළු වැනි කෙටි කාලීන බෝග සියල්ල ද විනාශ කර දමන බව දැනගන්නට ලැබුණි. 


ඔහු මගෙන් එයා රයිෆල් එක බලන්නට අවශ්‍ය බව කී නිසා මම එය ගෙනැවිත් ඔහුට පෙන්නුවෙමි. ඔහු එහි මිල කීයක් පමණ වනවා දැයි ඇසීය. 


රුපියල් 50000 ක් පමණ වන බව කී විට ඔහු ට එතරම් මුදලක් වියදම් කළ නොහැකි බවත් මෙවැනි එකක් පිටතින් පෙනෙන්නට ලී වලින් සාදා ගන්නා බවත් පවසා එය හොඳින් පරීක්ෂා කර බැලීය. ඔහු පෙදරේරු වැඩ කරන්නෙකු නිසාත් යම් අතේ වැඩ පිළිබඳව හැකියාවක් තිබෙන නිසා මෙවැන්නක් සාදාගන්නා බවට සැකයක් නැත. 


නමුත් මෙය ඉතාමත් කණගාටුදායක යා තත්ත්වයකි. තමන්ට තමන්ගේ ගෙවත්තේ යමක් වවා ගන්නට බැරි තත්ත්වයක් මෙවැනි සතුන්ගෙන් සිදුවී තිබීමත් මෙම තත්ත්වය  මඟ හැර ගැනීමට කිසියම් දෙයක් නොකර සිටින  රාජ්‍ය යන්ත්‍රණයක් තිබීම පුදුම සහගතය. 

ඔවුන් දැනට  එම රිලවුන්ගෙන් ගෙවත්ත ආරක්ෂා කර ගැනීමට කුමක් කරන්නේදැයි මම  ඔහුගෙන් විමසුවෙමි.


ඔහු මම කවදාවත් අසා නැති පුදුම උපදවන ්‍රමයක් පැහැදිලි කළේය. 

ඔවුන් ලොකු ග්‍රීස් තලියක් පරණ පේන්ට් ටින් එකකට දමා එය කළුතෙලින් පුරවා වහලේ උඩ තබති. රිලව් මෙය දුටු විට ඒ අසලට පැමිණ  ඒ කළු තෙල් සහ ග්‍රීස් තමන්ගේ ඇඟේ ගාගනිති.  මෙය තරමක් පිළිගැනීමට අපහසු ක්‍රියාවක් වුවද රිලවුන්ගේ බොහෝ කුතුහලයක් තිබෙන බව නම් මම කලිනුත් දැක ඇත.


මෙලෙස ග්‍රීස් ගාගන්නා විට ඒවා අත්ලේද තැවරී, ඉන්පසු රිලවා ගසක් උඩට යන විට හරියට අත්තක් අල්ලා ගැනීමට බැරිව  ඔහු බිමට කඩා වැටෙයි. මෙලෙස රිලවෙක් ගහෙන් බිමට කඩා වැටුණු විට රිලව් රංචුවේ අනික් රිලව්ද වැටුණු සගයා අසළට එක්ව මහත් කරදරයක් ඇති වූ කලෙක මෙන්  ලොකු කලබගෑනියක් වේටර් ඇතිකර ගනිති. 


මෙවැනි සිද්ධියක් ඇති වූ විටෙක මාස කිහිපයක් රිලව් කරදරයෙන් ඒ ගෙවත්ත න්න බේරී තිබෙන බව ඔහු පැවසීය. 


මෙය මම මීට පෙර අසා නොතිබුණු ක්‍රමයක් නිසා නිකමට ලියා තබන්නට සිත් විය.


1 comment:

  1. ස්තුතියි මේ තොරතුර බෙදා ගත්තට..මමත් කවදාවත් අහල තිබුනෙ නෑ. අපේ පලාත් වලත් රිලා කරදරේ තිබුනත් මෙහෙම තත්වයක් තිබුන බවක් මතකේ නෑ. ප්‍රශ්න ඇති වෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ නිර්මානශීලී අදහස් එලියට එන්න.

    ReplyDelete

The Gentleman in the Cave — Part Two

  The planter returned to his bungalow carrying the collar and lead. Appu, who had been watching the estate road from the veranda, looked be...