Thursday, May 9, 2024

ඉඳ හිට දකින කළු නික

 මම අද කලුනිකයක් දුටුවෙමි. ඒ කියන්නේ වෙලාවට හරියට වැඩ කරන රජයේ කාර්යාලයකි.


ඉඩම් ගනුදෙනුවක  මුද්දර හරි වටිනාකමට යොදා නැද්දැයි කරන පරීක්ෂණයක් සඳහා මට අද උදේ නමයට මහායියාවේ පිහිටි පළාත් සභා පතින්ම ආදායම් කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙසට ලිපියක් ලැබී තිබුණි. එහි පුරවන්නට තිබූ පෝර්මයද පුරවාගෙන එතනට ගියෙමි. 


වාහනය නැවතීමට තැනක් නොතිබුණු නිසා ඉදිරිපිට තිබූ කුඩා කාර් සේල් එකක; මේ දවස්වල ඒවා හිස්ය, අල්ලපු කඩේ වැඩ කරන කෙනෙක්ගෙන් අනුමැතිය ලබාගෙන ,වාහනය නවත්වා  කාර්යාලයට යන විට තවත් නවයට විනාඩි පහළොවක් පමණ තිබිණ. 


උඩ තට්ටුවට නගින විට කොයි පැත්තෙන් ම යන්නේ දැයි පෙන්වා දීමට පාසලකුණු පේන්ට් කර තිබූ අයුරු දුටු පමණින්ම මෙතන යම් වෙනස් තැනක් බවට මට හැඟීමක් ලැබුණි.


මම කාර්යාලයට ඇතුළු වූ විගසම, එතනට කියන්නේ 'පෙරටු කාර්යාලය' බව දැන ගතිමි, මගේ කැඳවුම් ලිපිය රැගෙන මට ඉඳගන්නට සලස්වා ඒ නිලධාරියා ඇතුලට ගියේය. 


විනාඩි දෙක තුනකින් ඔහු පැමිණ  මා නියමිත කාර්යාලයට රැගෙන ගියේය. ඒ නිලධාරියා  මගේ ගනුදෙනුව පිළිබඳව විමසා බලා google maps සහ street view වලින් දේපළ පරීක්ෂා කර බලා පොරොත්තු මගෙනුත් යම් කාරණා විමසා, මේ පිළිබඳව තීරණයක් ගෙන මට යම් ලිපි ලේඛන ය වගයක් බාර දෙන ලෙස දන්වා රාජකාරිය අවසන් කළේය. 


කොතරම් අපූර්ව ජනකද? රජයේ අනික් කාර්යාල වල නිලධාරීනුත් මෙවැනි කාර්යාලයකට යවා  පුරවැසියන් රාජ්‍ය කාර්යාල වල, රාජකාරී කිරීම බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයෙන්දැයි බලාගන්නට සලස්වන්නේ නම් ලොකු සෙතක් වනු ඇත.



1 comment:

මාසික මැරතන් ව්‍යාපෘතිය

 දවසකට පැය භාගයක් ඇවිද්දොත් මාසයකට මැරතන් එකක් සැතපුම් 26ක් පමණ ඇවිදින්නට පුළුවන.  එංගලන්ත රජය 'මාසයකට මැරතන් එකක්' නමින් ජනතාවට ඇවි...