Friday, March 28, 2025

රිළා ප්‍රශ්නයට දූපත් සෙවීම

 රිලා ප්‍රශ්නය  අතිමහත් ජාතික ප්‍රශ්නයකි. ඊයේ මම මැල්සිරිපුර වත්තට ගියෙමි. අල්ලපු වත්තේ කොටසක පැපොල් වවා ඇති අතර  රිලවුන් එලවීමට දෙදෙනෙකු මුරට දමා තිබේ. ඔවුන් කරන්නේ රිලව් දකින විට කෑ ගැසීමයි. 

අනික රිලවුන් ගෙඩියක් දෙකක් කඩාගෙන යන්නේ නැත අවස්ථාවක් අහුවුනොත් මුළු වගාවම විනාශ කර දමති. 


සමහර ගම්වල ගෙවතුවල කිසිම දෙයක් වගා කර ගන්නට බැරි තරමට මෙය ලොකු ප්‍රශ්නයක් වී තිබේ. මම නම් වායු රයිෆලයකින් මගේ ගෙවත්ත  ආරක්ෂා කරගෙන සිටිමි.

ලංකාවේ පොල් මිල මේ තරම් ඉහළ යන්නට ප්‍රධාන හේතු තුනෙන් එකක් වන්නේ රිලවුන්ය. 

මෙතෙක් කල් සාකච්ඡා කරමින් පමණක් තිබුණු මේ ප්‍රශ්නයට මණූවරණ මන්ත්‍රීවරයා යමක් ප්‍රායෝගිකව කරන්න උත්සාහ කිරීම අගය කළ යුතුය. 


එහෙත් දූපතකට දමා සිරකිරීම ප්‍රශ්නයට විසඳුම දැයි කෙනෙකුට සැකයක් ඇතිවීම ස්වභාවිකය. 

දැනට මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඉදිරිපත් වී හෝ සාකච්ඡා වී ඇති විසඳුම් මොනවාද? 


 1.  වඳ කිරීම- නිදහසේ සිටින රිලවුන් මිලියන ගණනක්, වඳ භාවයට පත් කිරීම පහසු වැඩක් නොවේ. මේ රිලව් ප්‍රමාණයෙන් සියයට දහයක් වඳ කරන්නටත් අවුරුදු පනහකට වැඩිය ගතවිය හැක. එසේම රිලවෙකු  වඳ භාවයට පත් කළ විට , එය ජනගහන පාලනයට උදව් 

වීමට තවත් කාලයක් ගතවේ.

 2.  දූපතකට දමා කොටුකර දැමීම- රිලව් අල්ලා ගැනීමම ලොකු ප්‍රශ්නයක් විය හැක. ඔවුන් දූපතට අල්ලා ගත් පසු රැගෙන ගොස් දැමීමත් ලොකු මුදලක් වැය වන කටයුත්තක් වේ. රිලවුන් ජීවත් වන්නේ මිනිසුන් වවන දේවල් කෑමෙනි. ඉස්සර අපි පොඩි කාලේ උඩ වත්ත කැලේ සිටි රිලවුන්ද  කෑම හොයාගන්නට එන්නේ මිනිසුන් සිටින ස්ථානවලටය. එසේ නම් දූපතක කොටු කර දැමූ රිලවුන් පිරිසක් ජීවිතය ගැට ගසා ගන්නේ කෙසේද? ඔවුන් පරිණාමය වී  ගොවිතැන් කරන්නට පටන් ගන්නට තරම් කාලය මදි වුනොත් ඔවුන්ගෙන් සියයට අනූවක් පමණ  බොහෝවිට සියලු දෙනාම අවුරුද්දක් ඇතුළත මිය යනු ඇත. 

 3. තුන්වන විසඳුම ලෙස ඉදිරිපත් වූයේ රිලවුන් අල්ලා චීනයට පැටවීමය. ඔවුන් චීනයේ දී ආහාරයට ගන්නා බව කියා කොටසක් මෙයට විරුද්ධ වූහ. නමුත් මට නම් පෙනෙන්නේ ඉදිරිපත්ව ඇති විසඳුම්වලින් යම් තරමකට හෝ ප්‍රායෝගික විසඳුම වන්නේ මෙය බවය. අනෙක මුහුදට ගොස් මාළු අල්ලාගෙනවිත් කන, ගෙදර කුකුලන් ඇතිකර කුකුල් මස් කන  අප, කැලයෙන් අල්ලා ගත් රිලවුන් වෙන රටක මිනිසුන් මරාගෙන කනවාට මේ තරම් විරුද්ධ වන්නේ ඇයි දැයි  සිතාගන්නටත් බැරිය. 


ඒ නිසා මේ විසඳුම් තුනෙන් නම් හොඳම විසඳුම  රිලව් චීනයට පැටවීමයි.


1 comment:

  1. රිලව් පරිණාමය වෙලා කවද හරි මේ රටේ මිනිස්සු එලවලා දාපු දායක මේ රට දියුණු වෙයි

    ReplyDelete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...