Monday, July 22, 2024

6 සරදියෙල් 6 බාවා

 

හැන්දෑවේ බාවට හිස් පෙට්ටියත් ඇරගෙන යන්ට ඉඩ දුන්න, අපි එකතු වෙලා රා කලේකුත් අරන් ඇවිල්ල බීල බුරු ගැහුවා. මමයි සරදියෙලුයි අතේ තිබ්බ සල්ලි ඔක්කොම පැරදුනා. සරදියෙල් කොළඹ යන ගැලක නැගලා කොළඹ යනවා කියල රෑ වෙලා නුවර පාරට ගියා. මාවනැල්ලේ පොලිසියෙන් ඇවිල්ල සරදියෙල් හැමතැනම හෙව්වා, හැබැයි ඌ නැතිවුණ එකෙන් අපි ටික බේරුනා. අපිත් නිකං සරදියෙල් තමයි ඔක්කොම කෙරුවේ විදිහට හිටිය. බාවත් වැඩිය උනන්දුවකින් පොලිසියට විස්තර ඇතුව, පලහිලව්ව ගැන කියන්ට ගියේ නෑ, මොකද මිනිහත් ආපහු මේ ගම්කරේම වෙළඳාම කරන්ට එන්ට වෙනවනේ.

පොලිසියෙන් කොහොමහරි හොයා ගන්නවා කියල අපටත් සත්තමක් දාල ආපහු ගියා.

සරදියෙල් කන්දේ හැංගිලා ඉදල පහුවෙනිදා ආපහු ආවා. මේ සිද්ධියෙන් පස්සේ අපි ආපහු අපේ පරණ ජීවිතේට වැටුන, හැබැයි අලුත් පණක් එක්ක. සරදියෙල් කොළොඹදී ආශ්‍රය කරපු සුද්දන් ගෙන් ඉංග්‍රීසි ඩිංගක් කතා කරන්ටත් ඉගෙන ගෙන තිබ්බ, බුරු ගහන එකට අමතරෙන් කුට්ටමෙන් තව සෙල්ලම් තුනක් ඉගෙන ගෙන ඇවිල්ල තිබ්බ. මේ ඔක්කොටොම වඩා වටිනා ඉගෙන ගැනිල්ල ආයුධ පන්නේ. සරදියෙල් ඕනෑ තුවක්කුවක් කෑල්ලෙන් කෑල්ල ගලවල හයි කරන තරමට, ආයුධ සම්බන්ධයෙන් කෙලපැමිණ තමයි කොළඹින් ආපහු ඇවිල්ල තිබුනේ.

“මම මස්සිනා, බැරැක්කේ හිටපු ඔපිසර මහත්තුරුන්ගේ ආයුධ ඔක්කොම හැන්දෑවට ගලවල සුද්ද කරනවා, උන්නැහේල බොහොම සතුටුයි ඒකට. මට කීයක් හරි දෙනවා හිතුනහම. උන් දැනගෙන හිටියේ නෑ, මං මේ පුහුණු වෙනවා කියල උන්ගේම දේපල කොල්ල කන්ට” සරදියෙල් ඩිංගක් බි ගත්තහම කීප වතාවක්ම කිව්වා මට මතකයි.

දවස් තුන හතරක් ගියාට පස්සේ දවසක් සරදියෙල් පාන්දර ජාමෙට ඇවිල්ල, අපේ ගෙදර දොරට ගහනවා හවඩියත් එක්ක.

අපි පන්සලට ගිහිල්ල රම්බරනාට කියල, කෝපි ඩිංගකුත් හදාගෙන බිල කතාවට වැටුන. අපි ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද කියල ‘ප්ලෑනක්’ ගැහුවා. ඔය වචනෙත් සරදියෙල්ම තමයි උතුවනට ගෙනාවේ. 





No comments:

Post a Comment

පරණ තැපැල් ඡන්ද මතකයක්

 අසූ ගණන් වල මුල  මම ලුතිනන්වරයෙක් වශයෙන් යාපනයේ කරේනගර්හි 'එළාර' කඳවුරේ සේවය කළෙමි. එකල එහි අනදෙන නිලධාරිවරයා වූයේ, පසු කලෙක නාවික ...