Wednesday, July 24, 2024

අනතුරුදායක ගසකින් ඇති ප්‍රයෝජන

 උකුවෙල ප්‍රදේශයේ පදිංචි කෙනෙකු මේ දවස් වල අපේ ගෙදර පොඩි වැඩක් කරයි. ඔහුත් සමග කතා කරමින් සිටියදී ලස්සන කතාවක් අහන්න ලැබුණී.


ඔහුගේ ගෙවත්ත කෙළවර වන්නේ අසල තිබෙන වතුයායක කෙළවරකටය. බොහෝ වතු ඉඩම් මෙන් මෙම ඉඩම ද කිසිම ප්‍රයෝජනයකට නොගෙන තිබේ. ඇත්තෙන්ම ලංකාවේ ලොකුම නාස්තියක් ඇත්තේ  සමාගම්වලට අයත් කිසිම ප්‍රයෝජනයක් නොගෙන පැත්තකට දමා තිබෙන ඉඩම් බව මමත් සිතමි.


ඔහු මෙම ඉඩම සුද්දකර කෙහෙල් වවන්නට පටන් ගෙන ඇත. ටික දවසකින් පැමිණි වත්තේ කණ්ඩායමක් ඒ කෙහෙල් පැල ටික ගලවා ඉඩමේ කෙළවරක ගොඩ කර ා වත්තේ ඉඩම්වල එලෙස වගා කටයුතු නොකරන ලෙසට මොහුට දැනුම් දී ඇත. 

මෙලෙස ටික කාලයක් ගතවන විට ඒ ඉඩමේ කෙළවර තිබෙන විශාල අට්ටික්කා ගසක් මොහුගේ නිවසට කඩා වැටෙන තත්ත්වයට දුර්වල වී තිබෙනු දැක ඔහු වත්තේ ප්‍රධානියාට, මේ පිළිබඳව දන්වා ගහ කඩා වැටුණොත් නිවසට ලොකු අලාභ හානියක් විය හැකි නිසා ඒ ගස කපා ඉවත් කරන ලෙස ලිපියකින් ඉල්ලා සිට ඇත.


ටික දිනකින් වත්තේ ප්‍රධානියාගේ අත්සනින් යුක්තව ඔහුට ලිපියක් ලැබුණි. එහි කියා තිබුණේ ඉඩම් රජයට අයිති වන අතර  වත්තට අයිති නොවන නිසා මෙහි වගකීම වත්තට භාර ගත නොහැකි බවයි. 


මින්පසු නැවත වරක් එම ඉඩම සුද්දකර, ඔහු කෙහෙල් වගාවක් පටන්ගෙන ඇත. 


වත්තේ කිහිපදෙනෙකු ටික දවසකින් පැමිණ එසේ කෙහෙල් වගා නොකරන ලෙසට ඔහුට නැවතත් දැනුම් දී ඇත. වත්තෙන් ඔහුට පැමිණි ලියුම පෙන්වා දුන් ඉඩම වත්තට අයිති නොවන හෙයින් ඔහු මෙලෙස කෙසෙල් වගා කරන බවටත් එයට වතු සමාගමේ යම් විරුද්ධත්වයක් තිබේ නම් උසාවියට ගොස් විසඳා ගන්නා ලෙසත් කියා ඇත. 


දැන් ඔහු අවුරුදු කිහිපයක් එම ඉඩමෙන් කෙහෙල් ඵලදාවක් ලබා ගන්නා අතර  කවුරුත් කරදර කරන්නේද නැති බව ඔහු සිනාසෙමින් කීවේය.


නිවස මතට කඩා වැටෙන්නට මෙන් තිබෙන අට්ටික්කා ගස් වලිනුත් ලොකු ප්‍රයෝජන තිබෙන බව පෙනේ.

No comments:

Post a Comment

The Story of Thomas Moore, the British Coffee Planter

My name is Thomas Moore, and I was born in Sussex, England, the eldest of seven children. My father owned four ships trading with the West I...