Friday, January 5, 2024

එක දවසෙන් පාස්පෝට් ලබා ගැනීම

 තව මාස දෙකකින් පිටරට යන්න සැලසුම් කරද්දී  මගේ ගමන් බලපත්‍රය මාර්තු මාසයේ කල්ඉකුත්වන බව දැක්කෙමි.

ටිකට් ගැනීමට කල් මදි වන නිසා ගමන් බලපත්‍රය කල් නොයවා ලබාගත යුතු හෙයින් එක් දින බලපත්‍රයක් ලබා ගැනීමට තීරණය කළෙමි.


මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාදැයි ගූගල් එකෙන් සොයා බැලුවෙමි. 

ඒවා නම් දැන් ගමන් බලපත්‍රය,

ජාතික හැඳුනුම් පත,

උප්පැන්න සහතිකය සහ උප්පැන්න සහතිකය යන ලියකියවිලි ය. 


ඡායා පිටපත් එක බැගින් සහ original ඉහත ලියකියවිලි මේ සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව  දුටුවෙමි.


ඡායාරූප ලබා ගැනීමට නිවසට ළඟින්ම තිබෙන studio එක google maps තුල පරීක්ෂා කළ විට මහනුවර ස්ටුඩියෝ කිහිපයක් තිබුනද с නගරයට යාමට වඩා කුණ්ඩසාලේ තිබෙන ස්ටුඩියෝ එකකට යාම ට්‍රැෆික් අඩු නිසා පහසු බැවින් එහි යාමට තීරණය කළෙමි.

බ්‍රහස්පතින්දා එහි ගොස්, ඡායාරූපය ලබා ගත් අතර ඔවුන් එය කෙලින්ම ආගමන විගමන කාර්යාලයට යවා  ඒ සම්බන්ධව රිසිට් එකක් ලබා දුනි. 


දවසකට ඇතුල් කර ගන්නේ සීමිත ප්‍රමාණයක් නිසා ටිකක් උදයෙන්ම යාමෙන් එක් දවසෙන් ගමන් බලපත්‍රය ලබා ගැනීම පහසු වන බව අසා තිබු නිසා උදේ පහ හමාරට ම වාහනයක් ගෙන්වාගෙන කටු කැළේ පාරේ ඇති පාස්පෝට් කාර්යාලය වෙත ගියෙමි.


ඒ වන විටත් එහි කොළඹ පැත්තේ සහ නුවර පැත්තේ සිට  පෝලිම් දෙකක් සෑදෙමින් තිබුණි. එකක් කොට වූ අතර අනෙක පෙර පෝලිම මෙන් තුන් ගුණයක් පමණ දිග විය. 


එක දවසකින් පාස්පෝට් ලබාගැනීමට රුපියල් විසි දාහක් ගෙවිය යුතු නිසා මම හිතුවේ කෙටි පෝලිම දවසේ පෝලිම විය යුතු බවය. එහෙත් එතනට ගොස් විමසන විට මට දැනගන්නට ලැබුණේ ඇත්තෙන්ම දවසේ ගමන් බලපත්‍ර පෝලිම දිග එක බවය. මම දවසේ ගමන් බලපත්‍ර පෝලිමට එකතු වූයෙමි. 


ඒ පෝලිම දෙස බැලූ විට මුලින්ම නිරීක්ෂණය වන කාරණයක් වන්නේ පෝලිමෙන් සියයට පනහකට වඩා සිටින්නේ මුස්ලිම් ජාතිකයන් බවය. ඒ අතර වයස්ගත වූ පිරිමි සහ කාන්තා දෙපර්ශවයම බොහෝ සිටිති. 


මෙසේ පහ හමාරට පමණ, පෝලිම් සෑදීම පටන් ගත්තත් පෝලිම්වල අය ඇතුළට ගන්නේ හතට පමණය. මේ අතර මෙම කාර්යාලය පිහිටා තිබෙන්නේ හරියටම මහනුවර උතුර ලංගම ඩිපෝවේ ඉදිරිපස නිසා එතනින් නිතරම බස් එළියට ගැනීම සිදුවෙයි. ඒ බස් එසේ ගන්නාවිට පෝලිම එයට ඉඩ දිය යුතු අතර  බසයෙන් පිටවන කලු දුමාරයෙන් පෝලිමම වසා ගනියි. පෝලිමේ සිටින්නන් කෙහෙල් කන් වූයේ නම් කාර්යාලයේ ඇතුළට ගැනීමට පෙර ඔවුන් ඉදෙන්නට ඉඩ තිබෙන බව මට සිතුනි.


මට ඉදිරියෙන් සිටි  දෙමාපියන් දෙදෙනෙකු සහ වයස දාසයක තරුණයෙකු, මා සමඟ කතාවට වැටුණු අතර, ඒ තිදෙදෙනාගෙන් දෙමව්පියන් දෙදෙනා, online තමන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත්, තරුණයාට වයස දාසයක් පමණක් නිසා ඔහුට online ඉල්ලුම් කිරීමට නොහැකි නිසා අද මෙම පෝලිමට එකතු වූ බවත් මම දැනගත්තෙමි.


මට පසුපසින් සිටි තරුණයා ඊයේ ද මෙම පෝලිමට පැමිණ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කළ ද ඔහු පෝලිමේ සිටි ස්ථානය ගේට්ටුවේ සිට තරමක් දුරින් පිහිටා තිබුණු නිසා උදේ හතට ඇතුලට ගන්නාවිට ඔහුට ඇතුලට යාමට නොහැකි වී ඇති බවත් මම දැනගත්තෙමි. 


මට ඉදිරියෙන් සිටි කෙනෙකු පෝලිමේ මුලට ගොස් අප සිටින ස්ථානය දක්වා කී දෙනෙකු සිටින්නේදැයි ගණන් කර අපට පැවසුවේ අප සිටින ස්ථානයට ගේට්ටුවේ සිට 110 දෙනෙකු සිටින බවය. එකසිය පනහක් පමණ හතට ගත්තත් අපට ඇතුල් වියට යාමට හැකිවන බවය.

https://lakshmanillangakoon.blogspot.com/2024/01/2.html?m=1

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...