Wednesday, January 10, 2024

මීළඟ ජනාධිපති මැතිවරණය

 මගේ හොඳ මිතුරෙකු අද අප නිවසට පැමිණියේය. 


සාමාන්‍යයෙන් මේ දිනවල රටේඕනෑම සතුටු සාමීච්චයක් ගමන් කරන ආකාරයට සමාන ලෙස අපේ කතාවද අවසානයේ ළඟ එන මැතිවරණය පැත්තට ඉබේම ඇදී ගියේය. 


ඔහු මෙවර  කැමැත්ත දක්වන ජනාධිපති අපේක්ෂකයා කවුරුන් දැයි න් මම ඇසුවෙමි.


ඔහුගේ පිළිතුර  ලියන්නට පෙර දන්නා තරමින් ඔහුගේ දේශපාලන යට නැඹුරුවීමේ ඉතිහාසය  ටිකක් දුරට හෝ ලියා තැබුවොත් හොඳ යැයි සිතේ.


මුලින්ම ඔවුන්ගේ පවුල තද එක්සත් ජාතික පාක්ෂිකයන්වූහ. සාමාන්‍ය පාක්ෂිකයන් නොව යි මැතිවරණ කාලයට පක්‍ෂයට උදව් කරන්න එළියට බසින ා පාක්ෂිකයන් වූහ.


ඉන්පසු එක්සත් ජාතික පක්ෂය කැඩී ඩඩ්ලි පෙරමුණ බිහි වුනු අවස්ථාවේ ඔවුන් ඩට්ලී පෙරමුණට උදව් කලහ.


එක් මැතිවරණයකින්ම ඩඩ්ලි පෙරමුණ අවසන් වූ හෙයින් එක්සත් ජාතික පක්ෂයට තිබූ විරුද්ධත්වය නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් වූහ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සහ පොහොට්ටුව  වෙන් වූ අවස්ථාවේ ඔවුන් තදබල පොහොට්ටු ආධාරකරුවන් වූහ. 


දැන් ඔහු ට පොහොට්ටුව පෙනෙන්නට බැරිය. ඔහු දැන් මාස තුනකට පමණ පෙර ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහට උදව් කළ යුතු යැයි කියා සිටියේය.


රජය ක්‍රීඩා ඇමතිවරයා ඉවත්කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ පසුපස රනිල් වික්‍රමසිංහ ද සිටින නිසා ඔහුට දැන් රනිල් වික්‍රමසිංහ ද එපා වී ඇති බවය. 


අද මම ඔහුගෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙවර ධම්මික පෙරේරා ඡන්දය ඉල්ලන්නේ නම් ඔහුගේ ඡන්දය හිමිවන්නේ ධම්මික පෙරේරාට බවය. මම ඔහුගෙන් ඒ තේරීමට හේතුව කුමක්දැයි ඇසුවෙමි.


ඔහු කීවේ ධම්මික පෙරේරා ඒ  සම්බන්ධ ඇමතිවරයාව සිටියදී, තමන්ගේ මුදලින් වියදම් කර ප්‍රාදේශීය පාස්පෝට් කාර්යාල පහක් රටට ලබා දී ඇති බවත් ඔහුට රටේ ආර්ථිකය යළි ට්‍රැක් එකට දැමීමට සැලසුමක් තිබෙන බවත්, ඔහුට ඇති තරම් මුදල් තිබෙන නිසා නැවත සොරකම් කිරීමට පෙළඹෙන එකක් නැති බවත්ය.


මේ සියල්ල ගැන නම් මම ඒ තරම් දන්නේ නැත. 


නමුත් ඔහු ඊයේ රැස්වීමකදී රට ඩිජිටල් තත්ත්වයට ගෙනයාමට තමන්ගේ වියදමින් යම් උත්සාහයක් දරන බව නම් මට පෙනුණි. එසේම ඔහු එතැනදී ලංකාවේ ආර්ථිකයට සිදු වූ විශාලතම  ධනාත්මක සිදුවීම් දෙකක් ගැන කීවේය.


ඒ ජේ.ආර් ජයවර්ධනගේ නිදහස් වෙළඳ කලාප සහ ආර් ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයේ වැඩසටහන ඒ ප්‍රධාන සිදුවීම් දෙකයි. 

මේ බ්ලොග් එක ලියාගෙන අවසන් වෙද්දී එකපාරටම ධම්මික පෙරේරා ගේ නම මට අමතක විය. DP it පාසල් මතක් කළ වුවද තවමත් නම මතකයට එන්නේ නැත.

අවසානයේ මම casino owners of Sri Lanka යනුවෙන් Google කළෙමි. පැමිණි නම් දෙක අතර ඔහුගේ නම ද තිබුණි.


ඔහුට බොහෝවිට ඡන්දය ඉල්ලන්න ලැබෙන්නේ , දැනට ඔහු උත්සාහ කරන්නේත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමටය. 


එසේ තිබිය දී ම තමන්ට විරුද්ධ විය හැකි පක්ෂවල සිටි රටේ සංවර්ධනයට විශාල සේවයක් කළ දෙදෙනකු ට ලෝභකමක් නොමැතිව නම් කිරීම මගේ සිතද පහන් කළේය.


3 comments:

  1. ඔය කියන එක තර්කයක් නම් බොරුවක් බව පෙනේ. මුදල් තියන නිසා හොරකම් නොකරාවි කියන එක.

    ReplyDelete
  2. ධම්මික පෙරේරා උසස පෙළ කරන වකවානුවේ කරේ පොලීයට මුදල දෙන එක කළුතර පැත්තේ ඔහුව හැදින් වුයේ පොලී ධම්මික නමින් ඉන පසුව ඉඩම් ගෙවල් උගස ගැනීම මගින් ඔහු යාම මුදලක ඉපයුවා.
    චාසිනෝ රජු හෙවත් ජෝකීම් ගේ ජැක පොට් රට පුරා අරගෙන ගියේ ඔහු.
    ජෝකීම් රංජන විජේරත්න ලංකවෙන එලවපු වෙලාවේ ධම්මික තම එම ව්‍යාපාරය කරගෙන ගියී ජෝකිම් වෙනුවෙන්.
    කතා ගොඩයි..
    '
    පොලී ධම්මික ජැක පොට් ධම්මික උනා.
    ජැක පොට් ධම්මික කැසිනෝ ධම්මික උනා
    කැසිනෝ ධම්ම්කික කුණු කසල ධම්මික උනා ( අපේ එවුන්ට දැන් ඒවා මතක නෑ )
    කුණු කසල ධම්මික දප් දම්මික උනා

    ReplyDelete
  3. ජනාධිපති වීමට සුදුසුකම හොඳ ව්‍යවසායකයකු වීම ලෙස දැකීම යම් පමණක මුලාවීමක්ය හිතෙනවා මට නම්.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...