උදේ හතයි කාලට පමණ පෝලිමට එහෙන් මෙහෙන් ජවයක් එනවා සේ පෙනුණි. මේ අතරින් අපට තරමක් ඉදිරියෙන් සිටි මුස්ලිම් මහත්මයෙකු ඔහු ගෙන විත් තිබූ සැන්විචස් වගයක් අපට බෙදා දුන්නේය.
හත හමාර පමණ වන විට මටත් කාර්යාලය ඇතුලට යාමට ඉඩ ලැබිණ. මම ඇතුළට යන විට එතැන සිටි ආරක්ෂක නිලධාරිනිය මගේ අයදුම්පතේ NIC අංකය පුරවා, එතන පොඩි බංකුවක් තබාගෙන අයදුම්පත්වල රබර් සීල් ගසමින් සිටි මහත්මයකු වෙත යන මෙන් දන්වා සිටියේය.
මගේ අතේ අයදුම් පතක් නොමැති බව ඇයට පැවසූ විට ම ඉහලින් තිබූ ජනේලයේ පිල මත තිබූ අයදුම්පත් ගොන්නකින් මට එකක් ලබා දුන්නේය. මම එහි හැඳුනුම්පත් අංකය පුරවා පරීක්ෂා කරමින් සිටි නිලධාරියාට දුන් විට ඔහු එහි සීල් එකක් ගසා නොම්බරයක් ලියා මා වෙත ආපසු දුන්නේය. මගේ නොම්බරය තුන් දහස් හත්සිය විසිඅට වූ අතර ඒ අනුව පිළිවෙළින් මම ද ඊළඟ පෝලිමට එකතු වුණෙමි.
දැන් අයදුම් පත පුරවා ගත යුතුව ඇත. වරක් කොළඹ දී ම එලෙස සුලු මුදලකට අයදූම්පත් පුරවා දෙන කාන්තාවන් කිහිප දෙනෙකුම සිටි බව මතක් වී මම මගේ පෝලිමේ ස්ථානය ස්ථාපිත කර ඉහළ තට්ටුවට මෙය පරීක්ෂා කිරීමට ගියෙමි. එතනට ගිය පසු මම ඊයේ කුණ්ඩසාලයට ගිය ගමන කිසිම තේරුමක් නැති එකක් බව මට වැටහුණි.
එතැන ෆොටෝ ගැනීමට ස්ටුඩියෝ එකක්, ෆොටෝ කොපි ගැනීමට ස්ථානයක් සහ පොඩි කැන්ටිමක් තිබුනු අතර මම එතන සිටි කෙනෙකුගෙන් පෝර්මය පුරවා ගැනීම ගැන විමසුවෙමි. ඔහු "ආ නංගි නැහැ නේද" යනුවෙන් පවසා කෙනෙකුට දුරකථන ඇමතුමක් දුන්නේය.
විනාඩි දහයකට පමණ පසුව තරුණ කාන්තාවක් එතැනට පැමිණියේය. ඇය මගේ පෝර්මය යන්ත්‍රයකින් පුරවා දුන්නා පමණක් නොව අවශ්‍ය ලිපි ලේඛන ද හරියට ක්ලිප් කර සකසා දුන්නේය. සාමාන්‍යයෙන් රටේ සේවා සහ ගාස්තු වල මිල ඉතාමත් අධික නිසා මම නිකමට මේ සඳහා රුපියල් 300 ක් පමණ ගනු ඇතැයි සිතුවෙමි. එහෙත් ඇය මගින් අය කළේ රුපියල් 150ක් පමණි.
ඉන්පසු මම නැවත පහළට ගොස් පෝළිමට එකතු වුනෙමි. පෝලිමත් සමගම කවුන්ටරය වෙත පැමිණ මගේ ලිපි ලේඛන භාර දුන්නෙමි. ඒවායේ කිසි අඩුපාඩුවක් තිබුණේ නැත. මේ වන විට උදෑසන දහය හමාර වී තිබුණු අතර මම ලැබුණු රිසිට් එකත් සමග ගෙදර පැමිණියෙමි.
ඔවුන් මට උපදෙස් දුන්නේ දෙකහමාර සහ හතර අතර පැමිණ මගේ එම ගමන් බලපත්‍රය එකතු කරගන්නා ලෙසය. හවස නැවත යාමට කම්මැලි වී ගමන් බලපත්‍රය සඳුදා එකතු කර ගන්නේ යැයි සිතා පාස්පෝට් කන්තෝරුවට කිහිප වතාවක් දුරකථන ඇමතුම් දුන්නේ මම සඳුදා පැමිණ එය එකතු කරගත්තොත් කමක් නැද්දැයි දැනගැනීමටය.
නමුත් දුරකථන වැඩ කරන්නේ නැත. ඒ නිසා හතරට එතැනට ගියත් හතර හමාරවන තෙක් ගමන් බලපත්‍ර සූදානම් වී තිබුණේ නැත.
ඉන්පසු ගමන් බලපත්‍ර කඩිනමින් අප වෙත ලබා දුන් අතර සියලු දෙන සතුටින් විසිර ගියහ.
මම වාහනය නවතා ගියේ ශ්‍රීයානී ඩ්‍රෙස් පොයින්ට් එකේ bassman car park එකේය. ආපසු එතැනට යන විට සුරා බදු අධිකාරයේ කාර්යාලය ඉදිරිපිට කුඩා ෆෘට් සැලඩ් කඩයක් තිබෙනවා දැක, එය ඇතුළට ගොස් ඉඳගෙන ෆෘට්සැලඩ් එකක් ඕඩර් කෙරුවෙමි. විනාඩි දහයකින් පමණ පසුව අයිස් ක්‍රීමුත් ඕනෑදැයි මගෙන් ඔවුහු විමසූහ. කඩය කරන්නේ මුස්ලිම් ජාතික පියකු සහ දුවක බව මම නිරීක්ෂණය කළෙමි.
මම අයිස්ක්‍රීම් ද ඉල්ලා සිටියෙමි. ඉතා රසවත් වූ ෆෘට්සැලඩ් එක මම කන ගමන් කීයක් පමණ වේදැයි අනුමාන කරන්නට උත්සාහ කළෙමි. මගේ අනුමානය වූයේ රුපියල් හාරසීයක් පන්සීයක් අතර ගණනක් විය යුතු බවයි. එම ප්‍රමාණයේ ෆොට්සැලට් එකක් එවැනි පාර අයිනේ කඩයකින් මම වැල්ලවායේදී නිතරම කන්නට පුරුදු වී සිටියෙමි. එයින් එකක් රුපියල් හයසියයක් වූ බව මට මතකයේ තිබුණි.
මම මිල ඇසූ විට කාන්තාව මා පුදුමයට පත් කළාය.
" රුපියල් දෙසීයයි සර්, මේ දවස්වල පැණි කොමඩු එහෙම ගණන්"
ඉඳල හිටල ඇහෙන හිත සැනසෙන කථාවක්
ReplyDeleteඋදේ පහේ ඉදන් පොලිමේ ඉන්න සිද්ධ වෙච්චි එක ඇරෙන්න අනෙක් වැඩ ටික හොදට ගිහිල්ලා තියෙනවා....
ReplyDeleteලිපියේ යටි පෙල කියවනවනම්...පෝලිමේ හිටපු මුස්ලිම් මහත්තයා ගැනයි, ෆ්රුට් සැලඩ් ලාබෙට දුන්න මුස්ලිම් කඩෙයි , ඒ වගේම පෝලිමේ වැඩි පුරම හිටියේ මුස්ලිම් අයයි කියන එකෙන් මොකක් හරි කියන්න උතසහ කරන ගතියක් දැනුනා....
- Mayy
එහෙමම නැහැ. නමුත් ුස්ලිම් ප්‍රජාව මේතරම් පාස්පෝට් ගන්නේ විශේෂයෙන්ම වයස්ගත උදවිය කාන්තාවෝ අනෙ ක් communities වලට වැඩියෙන්, ඇයි කියලා මටත් හිතුනා
Delete