Monday, May 20, 2024

ජනාධිපති විවාදය

 දැන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සංසන්දනාත්මක තරුණ නායකයන් දෙදෙනා විවාදයක් පැවැත්වීමට එකඟ වී ඇත. මෙය ඉතාමත් සාධනීය ලක්ෂණයකි. 


ඇත්තටම මේ විවාද, පැවැත්විය යුත්තේ පැවැත්වීමෙන් ඡන්දදායකයන්ට යම් අදහසක් ලබාගත හැකි වන්නේ, ලංකාවේ සාමාන්‍යයෙන් පැවැත්වෙන දේශපාලන විවාද වල කරනවා මෙන්, ඔවුන් දෙදෙනා ම එකිනෙකාට විරුද්ධව කතා කර ගැනීමෙන් නොවේ. 


ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් වුන් දෙදෙනාගේ ප්‍රතිපත්ති පිළිබඳව, ඔවුන් ජයග්‍රහණය කළහොත් කුමක් කරන්නට බලාපොරොත්තුව සිටින්නේද යන්න, මෙතනදී සාකච්ඡා කළ යුතුය.


මේ සඳහා හොඳම පිළිවෙල එසේත් නැත්නම් ආකෘතිය, කරගත යුත්තේ රටේ තියෙන විසඳිය යුතු  එහෙත් මෙතෙක් විසඳා නොමැති දුෂ්කර ගැටලු පිළිබඳව ඔවුන්ගේ යෝජනාවන් මොනවාද ඔවුන් කරන්නට බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න ඔවුන්ගෙන් අසා දැන ගැනීමය.


ඔවුන් දෙදෙනා දෙපැත්තේ හිඳුවා ්‍රශ්න අසන්නා හෝ අසන්නන් කණ්ඩායම  ඔවුන්ගෙන් නිශ්චිත ප්‍රශ්න ඇසිය යුතුය.  එම ප්‍රශ්නයට පිළිතුරු දීමට එක් අපේක්ෂකයකුට විනාඩි 10ක් හෝ පහලවක් ලබාදිය යුතුය. 


මට මේ සඳහා ප්‍රශ්න කිහිපයක් යෝජනා කරන්නට සිතේ. 

 1.  ලංකාවේ අලි මිනිස් ගැටුම අවසන් කළ යුතුය. එය ලංකාවේ ආර්ථිකය සියයට දහයකින් පහළොවකින් පමණ අඩුකරයි. මෙම ගැටලුව විසඳීමට ඔබගේ යෝජනාව කුමක්ද? 

 2. ලංකාවේ කිසිම ඵලදායී අයුරකින් පාවිච්චියක් නොමැති, ඉතාමත් අකාර්යක්ෂමව පාලනය වන රජයේ දේපළ , වගා කළ හැකි ඉඩම්, යනාදිය ආර්ථික අතින් ඵලදායී තත්ත්වයකට ගෙන ඒම සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක්ද

 3. පෞද්ගලික විශ්ව විද්‍යාල, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල  නොමැති කමෙන් ලංකාවේ මුදල් විශේෂයෙන්ම ඩොලර් මිලියන දහස් ගණනක්, පිටරටට ඇදී යයි. මෙය වළක්වා ගැනීම සඳහා ඔබගේ යෝජනා මොනවාද 

 4. නිදහස් අධ්‍යාපනය අයාලේ යන තත්ත්වයකට පත්ව තිබේ. මෙයට හොඳම උදාහරණය පොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු රූපවාහිනී නාලිකාවල  මුදල් ගෙවා පෙන්වන අපොස උසස් පෙළ ටියුෂන් දැන්වීම් සමුදායය. අධ්‍යාපනය කාර්යක්ෂමව ත් එසේම ආර්ථික වශයෙන් ඵලදායි ලෙස පවත්වාගෙන යාමට ඔබ යෝජනා කරන්නේ කුමන අදහස්ද 

 5. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය න් ඉතාමත් අකාර්යක්ෂම සහ නාස්තිකාර ලෙස කළමනාකරණය කෙරෙන බව පෙනේ. බෙහෙත් මිලදී ගැනීමට පත්කර ඇති ාජ්‍ය ආයතන  වංචා කරුවන්ගේ තෝතැන්නක් වී තිබෙන බව දැන් පවතින නඩු හබ වලින් පෙනේ. ඔබ මේවා වෙනස් කරන්නට පිළිවෙලක් කරන්නට කුමන යෝජනා ඉදිරිපත් කරන්නේද 

 6. මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට තීරු බදූ රහිත වාහන ලබාදීම, ඇමතිවරුන්ට මන්දිර ලබාදීම, දේශපාලකයින්ට ිශ්‍රාම වැටුප් ලබාදීම, වැනි අසාධාරණ ා කටයුතුවලට රටේ ජනතාව මහත් අප්‍රසාදයට පත්ව ඇත. මේවා වෙනස් කරන්නට ඔබගේ යෝජනා මොනවාද 

 7. ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කිරීම කොතරම් මන්දගාමී වී ඇත්ද යත් නඩුවක් විසඳීමට අවුරුදු දහයක් පහළොවක් ගතවීම, සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අඩු තරමින් අවුරුදු දෙකකින් වත් නි, නඩු හඹ  අවසන් කිරීමට ඔබ කුමන විදිහේ වෙනසක් යෝජනා කරන්නේද 

 8. යම් වැඩක් කර ගැනීමට රජයේ කාර්යාල වලට ගිය විට ලැබෙන අත්දැකීම් ඉතාමත් කටුකය. වැඩේ කරගැනීමට කීප වතාවක් කියා යුතුය. සමහර විට එපා වී නවතා දමන අවස්ථා තිබේ. මේ සඳහා app භාවිත කිරීම වැනි අලුත් තාක්ෂණික අදහස් යොදාගෙන පුරවැසියන්ට රජය හා ගනුදෙනු කරන්නට ඉඩ සැලැස්වීමට ඔබ කුමන යෝජනා ඉදිරිපත් කරන්නේද 

 9. ලංකාවේ සෑම ගොවිතැනකම පාහේ විශේෂයෙන් වී  ගොවිතැන, ඉතාමත් අකාර්යක්ෂමව සිදු කෙරේ. උදාහරණයක් වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන කුඹුරු අක්කර 25000න්, හොඳින් වී ගොවිතැන කෙරෙන රටක අක්කර පන්දාහක අස්වැන්නවත් ලබාගන්නේ නැත. මේ පිළිබඳව ඔබේ යෝජනා මොනවාද?

1 comment:

  1. ඔව් ඔබ යෝජනා කරන ක්‍රමය හොදයි. අපේක්ශකයන් දෙදෙනාට එකිනෙකා වාද කර ගන්නවට වැඩිය නිශ්චිත ප්‍රශ්ණ කීපයක් ඉදිරියේ තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම මගින් ප්‍රේක්ශකයාටව සංසන්ධනාත්මකව ඒ ප්‍රතිපත්ති දැන කියා ගැනීමට හැකියාවක් ඇතිවෙනවා.
    හැබැයි ගොඩක් වෙලාවට ඔය සාකාච්චාවෙදි එකිනෙකාගේ ප්‍රතිපත්ති විවේචනය කර ගැනීමේ අවස්ථා ඇති වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවට තමයි බදා කිරීම්, කෑ කෝ ගැසීම් ඇති වී, සාකාච්චාව කාලගෝට්ටියක් බවට පත්වෙන්නෙ..

    ReplyDelete

පරණ තැපැල් ඡන්ද මතකයක්

 අසූ ගණන් වල මුල  මම ලුතිනන්වරයෙක් වශයෙන් යාපනයේ කරේනගර්හි 'එළාර' කඳවුරේ සේවය කළෙමි. එකල එහි අනදෙන නිලධාරිවරයා වූයේ, පසු කලෙක නාවික ...