Thursday, June 6, 2024

බල්ලාගේ කරදර

පෙරේදා රෑ අපේ බෘණෝ අපේ ටෙලිෆෝන් එක සහ රවුටර් එක  සම්බන්ධ කර තිබෙන වයර් එක බිමට ඇද කපා දෙකට කඩා තිබුණි. ටෙලිෆෝන් එක සහ රවුටර් එක යන දෙකම වැඩ කරන්නේ නැතුව ගොස් ඇත. 
පසුව රවුටර් එක පමණක් වැඩ කරන ආකාරයට රෙපෙයාර් කර ගැනීමට හැකි වුවද ටෙලිෆෝන් එක වැඩ කළේ නැත. 
එසේ ඩැමේජ් කරන ලද වයර් එක  මිලදීගැනීමට සැලසුම් කළ මම, එදින කොන්ඩේ කපන්නට යොදාගෙන සිටි නිසා කොණ්ඩය කපන්ට ඇවිදගෙන යන විට එයත් රැගෙන ගියෙමි. 
මුලින්ම හමු වුණු විදුලි මෝටර් රෙපෙයාර් කරන තැනෙන් ඇසූවිට ඔහු  නුවර නගරයේ තැන් දෙකක් නිර්දේශ කළේය. 
එසේ නම් හවස් වරුවේ නගරයට යන්නට සිතාගෙන කොන්ඩේ කපන්නට සැලූන් එකට ගියෙමි. එහි සිටි කීප දෙනෙකුගෙන් වයර් එක පෙන්නා ඇසූ විට ඒ ළඟ තිබෙන හාඩ්ව්යාර් එකක  සමහර විට තිබෙන්නට පුළුවන් යැයි පැවසූහ. 
මුලින් ළඟින් තිබූ හාඩ් වෙයාර් එකට ගොස් එහි නැති බව පැවසූ නිසා  පාලිතගේ හාඩ්වෙයාර් එකට ගොස් වයර් එක පෙන්නා ඇසූ විට ඔහු එය සොයා ලැබුණු නැති හෙයින් ඔහුගේ නිවසේ සමහරවිට තිබෙන්නට පුළුවන් බවත් හවස අපේ නිවසට එකක් එවන්නට පුළුවන් බවත් පැවසීය. 
කෝකටත් කියා කොණ්ඩය කපාගෙන අවසන් වූ පසු ලේ වැල්ල පාලම අසල කොම්පියුටර් හදන තැනකටත් ගොස් බලාපොරොත්තු කඩ වී ආපසු නිවසට පැමිණියෙමි. 
ගෙදරට ඇවිත් මේ පිළිබඳ පවසා  එවැනි දුරකථන සවි කරන වයර් ගෙදරක් තිබෙන්නට පුළුවන් නේදැයි සොයා බැලුවෙමි. 
අඳෝමය, එවැනි වයර් දෙකක්ම පරණ පෙට්ටියක තිබී හමුවුණි. 
එකක් ගෙන දුරකථනය අලුත් වැඩියා කරගත්තෙමි. 
පාලිතට කෝල් එකක් දී ට වයර් එකක් ඇබීමට අවශ්‍ය නැති බවද කීවෙමි.

3 comments:

  1. ඒක නොවෙන්නම් කරදරයත් ගෙදරම. විසඳුමත් ගෙදරම. හරි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් සෑහෙන මහන්සියක් වෙනවා

      Delete
  2. මගේ ළඟ තියෙනවා යන යන තැන අරන් යන ඔය වගේ වයර් කෑලි , ගැජ මැටික් පිරුණු පෙට්ටියක්.. ගොඩක් දේවල් ගොඩ දාගන්න පුළුවන්

    ReplyDelete

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...