අපේ කාලේ මහාමායා පාසලට ගිය මිතුරියක් ට මම මාස දෙකකට පමණ පෙර ඇසෑම් ලෙමන් පැළ දෙකක් දෙන්නට පොරොන්දු වුනෙමි.
කිහිප වතාවක් ගෙනියන්නට රැගෙන ගොස් දෙන්නට කතා කර ගත්තද කිසිවක් සිදුවූයේ නැත. අවසානයේ ඊයේ ඇය මට කතා කොට පික්මී ෆ්ලෑශ් එකක් එවන්නට ඇය සැලසුම් කරන බව කීවාය.
එසේ අවශ්‍ය නොවන බවත් මට පැමිණ ඇයට එය ලබාදීමට පුළුවන් බවත් පැවසූ මම වටපුලුවේ සිටින ඇයගේ නිවසේ ලොකේෂන් එක ේ whatsapp මඟින් එවන ලෙස ඉල්ලා සිටියෙමි.
නමුත් ඒ හරියේ පාරවල් ගොඩක් තිබෙන නිසා whatsapp location පැටලෙන බව කී ඇය අසල හන්දියකට පැමිණෙන ලෙසත් පසුව ඇය දුරකථනයෙන් මා ගයිඩ් කරන බවත් කියා සිටියාය.
මේ ලොකු පැටලීමක් බව තේරුම් ගත් මම ඇයගේ මූලික යෝජනාව වූ පික්මී ප්ලාස් එකට එකඟ වුණෙමි.
මම මගේ ලොකේෂන් එක ඇයට යැව්වෙමි. විනාඩි පහකින් පමණ සියලු විස්තර දැමූ sms එකක් පික්මී වෙතින් මට ලැබුණි.
විනාඩි දහයකින් පමණ කුඩා මෝටර් සයිකලයක් පැමිණ පැළ දෙක දාගෙන ගියේය.
තවත් විනාඩි දහයකින් පමණ පැල ලැබුණු බව මගේ මිතුරිය දුරකථනයෙන් මට කීවාය. ඇයට වියදම් වී තිබුණේ රුපියල් 240ක් පමණි.
මම කාර් එකේ ගියානම් ඉන්ධන වලටම මෙයට වඩා මුදලක් වැය වෙන්නට තිබුණි. මගේ කාලයත් මට ඉතුරු වුණි.
මින්පසු කුමන හෝ අවස්ථාවක නගරයෙන් හෝ නිවස කිට්ටුවෙන් යමක් ගෙන්නා ගැනීමට තිබේ නම් මෙම පහසුකම පාවිච්චි කරන්නට සිතා ගත්තෙමි.
සන්නිවේදනය සහ සංවිධානය මගින් කොතරම් දේවල් පහසුවට සහ ලාභයට කරගත හැකිද?
ලංකාවේ පික්මී මෙන්ම ඌබර් හයර් දුවන සහ ඩිලිවරි කරන driver ලා ගේ ලොකු ප්‍රශ්නයක් නම් තමන්ගේ සේවය ලබා ගන්නා පුද්ගලයාට මෙන්ම තමන් කරන සේවය පිළිබඳව කිසිදු වගකීමක් හෝ තැකීමක් හෝ නැති වීමයි.
ReplyDeleteකුමක් හෝ බොරුවක් කර හැකි සෑම විටකම රුපියල් සීයක් හෝ වංචාකරන්නයි බලන්නේ.
ලංකාවට නිතර පැමිණෙන නිසාත්, ලංකාවේදී ගමන් බිමන් යන්නේ මේ සේවා හරහා නිසාත් මේ පිළිබඳ අත්දැකීම් බොහෝය.