සිට
නගරයට කිලෝ මීටර් තුනහමාරක් පමණ දකුණෙන් මහා විහාරය නමින් ප්‍රසිද්ධ විහාරයක් වෙයි. එහි භික්ෂුන් 3000 ක් පමණ ජීවත් වෙති. මෙම භික්ෂුන් අතර බොහෝ සිල්වත් එසේම ආගම පිලිබදව විසල් දැනුමක් ඇති භික්ෂුවක විය. මොහු රහත් භාවයට පත්ව ඇතැයි බොහෝ දෙන විශ්වාශ කළහ. මෙම භික්ෂුව මරණාසන්න වූ විට මෙය සත්‍යක් දැයි දැනගැනීමට රජතුමා විහාරයට පැමිණියේය. ඔහු සියලුම භික්ෂුන් එක් ස්ථානයකට කැදවා මෙම භික්ෂුව ධර්මය සම්පුර්ණයෙන් අවබෝධ කරගෙන ඇත්දැයි විමසීය. ඔහු අරහත් භාවයට පත්ව ඇතැයිද සියලු ධර්මය පැහැදිලිව අවබෝධ කරගෙන ඇතැයිද ඔවුහු පිළිතුරු දුන්හ. එම භික්ෂුව මිය ගිය පසු රහතන් වහන්සේ කෙනෙකුට ගැලපෙන පරිදි ආදාහන කටයුතු සිදු කිරීමට රජු කටයුතු යෙදෙව්වේය.
විහාරයට කිලෝ මීටර් තුනක් පමණ දුරින් වර්ග අඩි 50 ක් පමණ බිම් ප්‍රමාණයක ඒ තරමටම උසින් දර සෑයක් ගොඩ නැගිණ. දර සෑය මුදුන සදුන් සහ නොයෙකුත් සුවද ලී වලින් සකස් කෙරින.
දර සෑයේ හතර පැත්තෙන් මුදුනට නගින්නට පඩි පෙලද තිබුණි. දේහය සුදු පැහැති සිල්ක් රෙද්දකින් කිහිප වාරයක් ඔතා එය ගෙන යෑමට චීනයේ මෙන් අවමංගල්‍ය රථයක්; මකර සහ මාළුවන්ගේ චිත්‍ර නොමැතිව සෑදුහ. අවමංගල්‍ය රථය දර සෑය වෙත ගෙන යද්දී එය පසු පසින් ගමන් කල රජු සහ පිරිස සුවද පුළුස්සමින්, මල් ඉසිමින් ගමන් කළහ. දර සෑය අසලට පැමිණි පසු අවමංගල්‍ය රථය ඔසවා දර සෑය මත තබා සුවද තෙල් යොදා ගිනි තබන ලද්දේය.
මෙලෙස ගිනි ගන්නා විට අවට සිටි සියල්ලෝම පාහේ තමන්ගේ උඩු කය ඇදුම,කුඩය, සහ වටා පොත, ගින්නට විසි කළහ. ආදාහනය අවසන් වූ පසු ඔහුගේ භෂ්මාවශේෂ එකතු කරන ලද්දේ ඒවා නිදන්කර වෙහෙරක් තැනීම සහාය. පාහියන් මෙම භික්ෂුව ජීවත්ව සිටියදී මුණගැසීමට නොහැකි වූ අතර ඔහු ලංකාවට පැමිණි දින වකවානු අනුව ඔහුට බලාගත හැකිවුයේ භික්ෂුවගේ අවමංගල්‍ය පමණි.
ටික කලකට පසු රජු තවත් විශාල විහාරයක් ගොග නගන්නට අදහස් කර බොහෝ භික්ෂුන් එම ස්ථානයට ගෙන්වා ඔවුනට දවල් ආහාරය ලබා දී අඟ රනින් රිදියෙන් සහ මුතු මැණික් වලින් සැරසු විශාල ගොන් බානක් ගෙන්වා උන් රන් නගුලකට සවි කර විහාරය ගොඩ නගන්නට අදහස් කල භුමියේ සතර පැත්ත රජු විසින්ම එම නගුලෙන් ලකුණු කෙරින. එය අවසන් වූ පසු රජු එම භික්ෂුන්ට ගොවිපල, වැඩකරන්නන් සහ නිවාස ලෝහ පත්‍රවල නින්දගම් ලෙස ලියා දුන්නේය. මෙම සංදේශවල පරම්පරාවෙන් පරම් පරාවට මේ ප්‍රධානයන් කිසිවෙකුටත් වෙනස් කල නොහැකි බවත් ලියා තිබුණි.
මෙම රටෙහිදී ඉන්දියානු වන්දනා කාරයෙකු බුදුන්ගේ පාත්‍රය අනාගතයේ නොයෙකුත් රටවල තිබෙන ආකාරයත් ලෝක ජනතාවගේ ආයුෂ යනාදිය වෙනස්වන ආකාරයත් පිළිබද දීර්ඝ දේශනයක් පාහියන්ට අසන්නට ලැබුණි.
මෙම දේශනය තමන්ගේ සටහන් වලට එකතු කර ගන්නට සිතු පාහියන් මෙය කුමන සුත්‍රයකින් ඔහු ඉගන ගත්තේදැයි ඇසුවේය.
"මා මෙය කිසිම සුත්‍රයකින් දැනගත් එකක් නොවේ. ඒවා මාගේ සිතේ ඇතිවූ සිතිවිලිය." යනුවෙන් ලැබුණු පිළිතුර නිසා ෆාහියන් එය තම සටහන් වලට ඇතුළු කලේ නැත.
මෙම රටේ ජීවත්වූ අවුරුදු දෙක තුල චීනයේදී කියවන්නට නොලැබෙන විනය පිටකය, දීර්ගාගම, සහ සම්යුක්තාගම සුත්‍ර සහ සංයුක්ත සංචය පිටක යන්හි පිටපත් ලබා ගත්තේය. මෙම සංස්කෘතික භාෂාවෙන් ලියන ලද පිටපත්ද රැගෙන වෙළෙන්දන් 200 ක් පමණ ගමන් ගත් විශාල නෞකාවක නැගී තම මව් රට බලා යාමට පිටත් විය. එම නෞකාව ආපදාවකට ලක් වුණහොත් එහි මගියන්ට ජීවත බේරා ගැනීම සදහා තරමක යාත්‍රාවක් ලනුවක ගැට ගසා ඇදගෙන යන ලද්දේය.
ඊළඟට - මාස ගණනක දුෂ්කර ගමන
රසවත් කතාවක්.
ReplyDelete*****1998 මුතුහර මාර්තු සඟරාවට මිග/බෝලවලාන මහ විදුහලේ අචාර්ය එච් එම් කොතලාවල ලියූ ලිපිය ඇසුරෙනි********
ReplyDeletehttps://muthuhara.wordpress.com/2011/12/04/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%8F%E0%B6%A7%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A/
ලින්ක් ඒක වැඩකරන්නේ නැහැනේ
Deleteපොන් එකෙන් කියෙව්වා , මා ඉහලින් දක්වා ඇති පොතෙන් තමයි මේ ලියවිලි දෙකටම මුල් වේලා තියෙන්නෙ
Deleteමමත් කියවීමට ආසාවෙන් සිටි ලියවිල්ලක්
ReplyDelete