Monday, October 17, 2016

තලයි මන්නාරමේ සතුරාට ඇස්බැන්දීම











තලයි මන්නාරමේ අනත්‍ය කදවුර
2007 – 2009 වර්ෂවල මම නාවික හමුදාවේ උතුරු මැද නාවික ප්‍රදේශයෙහි ආඥාපති වරයා වශයෙන් කටයුතු කලෙමි .පුත්තලමේ සිට වාලප්පාඩු (සන්ගුප්පිඩි) දක්වා විහිදුනු වෙරළ ප්‍රදේශය , එයට සම්බන්ද වුනු මුහුදු ප්‍රදේශය හා ගැලපෙන රට අභ්‍යන්තරයේ නාවික හමුදා ක්‍රියාකාරකම් මෙම නාවික ප්‍රදේශයේ වගකීම විය.මුලින් මෙම නාවික ආඥා ප්‍රදේශයේ මුලස්ථානය මුලින් පිහිටා තිබුනේ මැදවච්චියට ඉහලින් පිහිටි පුනෑවේය.නමුත් වැඩිපුර LTTE ක්‍රියාකාරකමේ තලෙයි මන්නාරම ,මන්නාරම සහ පේසාලේ ප්‍රදේශයන්හි සිදුවන්නට පටන් ගත් විට මුලස්ථානය තලෙයි මන්නාරම වෙත ගෙනියන ලද අතර මුලස්ථානය මාරු වෙන අවස්ථාවේ නියෝජ්‍ය ආඥාපතිව සිටි මා තලෙයි මන්නාරම මුලස්ථානයට මාරු කර මාස කිහිපයකින් ඒම ප්‍රදේශයේ ආඥාපතිවරයා වශයෙන් පත් වුනෙමි.  උතුරු මැද නාවික ප්‍රදේශය අනෙක් නාවික ප්‍රදේශ වලට පසුව ස්ථාපිත කරන ලද හෙයින් එම ප්‍රදේශයට ඒ වන විට මුහුදු ප්‍රදේශයක් තිබුනේ නැත. නාවික ප්‍රදේශයක් මුහුදු ප්‍රදේශයක් නොමැතිව තිබීම නොගඅලපෙන නිසාත්, මන්නාරම් ප්‍රදේශය උතුරු හා බටහිර නාවික ප්‍රදේශ වලින් බොහෝ දුරින් පිහිටා තිබුණු නිසාත්, මා යෝජනා කරා උතුරු නාවික ප්‍රදේශයෙන් කොටසක් හා බටහිර නාවික ප්‍රදේශයෙන් කොටසක් කඩා උතුරු මැද නාවික ප්‍රදේශයට මුහුදු ප්‍රදේශයක් ඇති කෙරිණ.
  
මෙකල යුධ හමුදාව ඒම ප්‍රදේශයන්හි සිට මුලතිව් ප්‍රදේශයේ රැදී සිටි LTTE හමුදාව වෙත ප්‍රහාර දියත් කරන්නන්ට පටන් ගත් බැවින් LTTE ප්‍රහාරක යාත්‍රා පේසාලේ සහ යාපනේ කලපුව අතරේ ක්‍රියාකාරී වී යුධ හමුදා කටයුතු වලට බාධා කිරීමටද එමෙන්ම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා හරහා LTTE යට ඉන්ධන සහ වෙනත් සැපයුම් ගෙන්වා ගැනීමටද කටයුතු කළහ.
මේ ප්‍රදේශයේ වෙරළ ආසන්නයට වන්නට ඇති නොගැඹුරු ප්‍රදේශයන් නිසා නාවික හමුදාවේ ගන් බෝට් සහ ඩෝරා යාත්‍රා වලට මෙම තර්ජනයන්ට මුහුණ දීම සමහර අවස්ථාවන්හි ප්‍රායෝගික නොවිය.
මේ හේතුවෙන් මෙම තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීමට එකල නාවික හමුදාව විසින් නිර්මාණය කර ගොඩනංවන ලද, එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුවහත්ම කඩුව ලෙස සැලකුණ WAVE RIDER සහ ARROW යාත්‍රා සමුහයක් මා ආඥා ප්‍රදේශය වෙත අනුයුක්ත කරන ලදී.
තලෙයිමන්නාරම අප මුලස්ථානය අසල හෝ අප නාවික ප්‍රදේශය තුල ආරක්ෂා සහිත වරායක් නොතිබුන හෙයින් මෙම යාත්‍රා ගාල් කරන්නට සිදු වුයේ තලෙයිමන්නාරමේ දුම්රිය ජැටියට බටහිරින් පිහිටි අප මුලස්ථානය ඉදිරි පිට පිහිටි නොගැඹුරු මුහුදේය  මෙලෙස කාලගුණයෙන් ආවරණයක් නොමැතිව දියකඩනයක් හෝ ස්වාභාවික වරායක් වැන්නක්, මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා විශාල ගණනක් වෙරළ අයිනේ තබා ගැනීම පමණක්ම ඊසානදිග මෝසම් කාලයේ භයානක සිහිනයක් බදු වැනිය. ඒ අතර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝට්ටු මෙම යාත්‍රා ගොන්න අතරට වේගයෙන් ඇතුලු වී පුපුරා ගත්තොත් වෙන හානිය  හිතන්නවත් බැරි තරම් විය. 
මෙම යාත්‍රා තලෙයිමන්නාරමට රැගෙන ඒමට කලින් තලෙයිමන්නාරමට තරමක් නැගෙනහිරින් පිහිටි අප වෙරළාරක්ෂක පද්ධතියේ රේඩාර් කදවුරක් ත්‍රස්දවාදීන් විසින් මුහුදින් පැමිණ විනාශ කර දමා තිබු හෙයින් සහ මෙම යාත්‍රා ඝනය මෙම ප්‍රදේශයට පැමිණ පසු ත්‍රස්තවා දින්ගේ වෙරළ අසන්න මුහුදු ආරක්ෂක පද්දතියට තර්ජනයක් ඇති වූ හෙයිනුත් ත්‍රස්තවාදීන් මෙම යාත්‍රා නවතා තිබියදී විනාශ කිරීමට බලවත් උත්සහයක් යොදවන බව අපට රහසක් නොවීය. මෙම තර්ජනය තවත් තිර්ව වුයේ , මෙම යාත්‍රා පැමිණි පසු ට්‍රයනතිවූ දුපත් අසල දෙවරක් LTTE ප්‍රහාරක යාත්‍රා සමග ගැටී ඔවුනට බරපතල හානි සිදුකරන ලද හෙයිනි .
මේ හේතු නිසා මෙම යාත්‍රා ආරක්ෂා කරගැනීම සදහා නොයෙකුත් ක්‍රියා මාර්ග ගත්තද එහි සිටි අප සියලු දෙනා සැමවිටම තවත් ඒම ආරක්ෂාව වැඩිදියුණු කරන්නට නිරන්තරයෙන් උත්සහ කළෙමු. අනෙක් සියලුම ආරක්ෂක පිළිවෙත් වල අවසානය ලෙස ,මෙම යාත්‍රාවල ආරක්ෂාව සහතික කිරීම සඳහා සදහා අනත්‍ය කදවුරක් නිර්මාණය කිරීම මේ සදහා ඇතිවූ එක් අදහසක් විය .අප කදවුර බාහිර පෙනීමෙන් රාත්‍රියේදී වෙනත් තැනකදී තිබෙන සේ සතුරාට පෙනෙන්නට සැලැස්වීම මෙහි අරමුණ විය .මේ සදහා අපි රාත්‍රියේ නොයෙකුත් අවස්ථා වල බෝට්ටු වලින් මුහුදට ගොස් වෙරළේ සිට කිලෝ මීටර් දෙකක් තුනක් පමණ දුරින් අප කදවුර පෙනෙන ආකාර ඡායාරූපයකට නැoවුයෙමු. ඉන්පසුව කදවුරට බස්නාහිරින් කදවුර අසලම තිබු ඉඩමක ඒ ඡායාරූපවල ආකාරයට ගැලපෙන ,වර්ණ සහිත විදුලි බුබුළු සවිකලෙමු ඉන්පසුව රාත්‍රියේ එලියට ගොස් කදවුර හා එලෙසට ම පෙනෙන ලෙසට කිසිදු වෙනසක් නොමැතිව trial and error ක්‍රමයට සැකසුවෙමු .මෙලෙස දවස් තුනකින් පමණ රාත්‍රියට අනත්‍ය හමුදා කදවුරක්(virtual military camp ) විදුලි බල්බ වලින් ගොඩ නගන්නට අපට හැකි විය .
මෙම නිර්මාණය අප බලාපොරොත්තු වූ ආකාරයට සතුරා රැවටීමට හැකියාව ලබා ඇත් දැයි පරික්ෂා කිරීමට අපට ඕනෑවිය .මේ සදහා අපි එක් රාත්‍රියක මුහුදු සංචාරයකින් පසු ආපසු කදවුර වෙත පැමිණෙන .යාත්‍රා කණ්ඩායමක් යොදවා ගත්තෙමු. ඔවුන් ආයතනයට කිලෝ මීටර් තුන හතරක් දුරින් සිටියදී අප කදවුරේ විදුලි බුබුළු සියල්ල නිවා දමා අනත්‍ය කදවුර ආලෝකමත් කළෙමු .අපේ බලවත් සතුට මැද යාත්‍රා කෙලින්ම ඇදී ගියේ අනත්‍ය කදවුර වෙතටය .එතැන පුපුරන ද්‍රව්‍ය යොදවා අපට පහසුවෙන්ම ඒම යාත්‍රා විනාශ කිරීමේ හැකියාවද ලැබී තිබුණි.

 අපේ අවාසනාවට; අපේ උගුල වැඩකරනවාදැයි අපට බලා ගන්නට නොහැකි විය, සතුරා මෙවැනි පහරදීමක් උත්සාහකලේ නැත. 

5 comments:

  1. Athi Vishistai.. Oba Thumanta Apage Aachaaraya....!

    ReplyDelete
  2. ඩුප්ලිකේට් තලෙයිමන්නාරම @ මම කොයි වගේද ? මේකෙත් කියෙව්ව මේ විස්තරේම.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...