Tuesday, October 18, 2016

සුපිරි බලවතුන්ගේ දයාවෙන් ප්‍රයෝජන ගැනීම.












      1980 ගණන්වල මුලු ලෝකයේම සාගර සහ ඒ අවට වන දෑ පිළිබඳව දැනුමැතිව සිටීමට ඇමරිකානු නාවික හමුදාවට වුවමනා විය. මක්නිසාද ලෝකයේ ඕනෑම තැනක සාමාන්‍ය රටාවට වෙනස් යමක් සිදුවෙනවා නම් එය සිදුවද්දීම දැනගන්නට හැකියාව තිබේ නම් එය තමන්ට විරුද්ධව සිදුවන යමක් පාලනය කිරීම සහ නැවැත්වීම ඊට පහසු කාරණා නිසාය.   ඔවූහූ ඒ සදහා නැවි දහසේ නාවික හමුදාව (1000 ships Navy) නැමති අදහසක් ඉදිරිපත් කර එය ගොඩනඟන්නට උත්සාහ කලහ. 

ඒ නැව් දහසක් නිපදවීමෙන් නොව, සාගරයේ නිදහස අගයන සහ සාගරයේ ආරක්ෂාව පතන මිතුරු රටවල් වල නාවික හමුදාවල යුධ නැවු තම නෞකා සමග එකිනෙකට සම්බන්ධ කිරීමෙනි. මෙයින් අදහස් කළේ එම සෑම නැවකම තිබෙන පරිසරය නිරීක්ෂණය කරන උපකරණ එසේත් නැත්නම් සංවේදක හැකි පමණින් එකට ජාල ගතකිරීමයි. අනෙකුත් බොහෝ හවුල් ව්‍යාපෘති මෙන් මෙම අදහස ක්‍රියාත්මක කිරීමද උපන් ගෙයිම ලොප් වුනි. ඇත්තෙන්ම වැඩ පිළිවෙලක් ඇමරිකානුවන් බලාපොරොත්තු වුන ලෙසට සිදුවුනා නම් පසුව අපට මහත් හිසරදයක් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මුහුදෙන් ආයුධ භාහිර මූලාශ්‍ර වලින් ශ්‍රී ලංකාවට ගෙන ඒම බොහෝ දුරට අඩුකර ගන්නට එසේත් නැත්නම් සම්පූර්ණයෙන් වලක්වා ගන්නට ඉඩ තිබිණ.  

එහෙත් පසුව 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්තානයට පහර දීමෙන් පසුව, පරමානු බෝම්බ සහිත නැවක් ඇමරිකානු වරායකට ඇතුලුවීම හෝ එවැනි බෝම්බ සෑදිය හැකි ද්‍රව්‍ය ඇමරිකානු භූමියකට ගෙන ඒමේ අවධානම නැතිකර ගන්නට, ඇමරිකානු රජයට බලවත් අවශ්‍යමතාවයක් ඇතිවිය. එකල ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එවැනි ප්‍රහාරයකට උදව් කල හැකි ලිබියාව, ඉරාකය සහ ඇෆගනිස්ථානය වැනි රටවල් බලවත් ලෙස ඇමරිකා විරෝධීව සිටීමත් මෙම සැකය පැවතීමට හේතු සාධක විය. 

මෙහිදී ඔවුන් පළමුවෙන්ම කලේ ඇමරිකාවට ඇතුලුවන සෑම කන්ටේනරයක්ම ඊට පෙර වරායේදී විකීරණශීලී ද්‍රව්‍ය සදහා පරීක්ෂාවට ලක් කිරීමයි. මුලින්ම එවැනි වරායවල්  58 ක් තෝරාගත් අතර එම වරායවල එම උපකරණ සවිකර ඇමරිකානු නිලධාරී කිහිප දෙනෙකුගේ නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය. කොළඹ වරායත් එම තෝරාගත් වරායන් අතුරෙන් එකක් විය. මෙලෙස වරායක් එලෙස තේරීමට ලක්වීමෙන් ලෝකයේ වැඩියෙන්ම වෙළෙඳ ද්‍රව්‍ය මිලදී ගන්නා රට ලෙසට එක්සත් ජනපදයට කෙලින්ම අපනයනය කිරීමට හැකි වීමෙන්, රටටද එම වරායටද ව්‍යාපාර වැඩිවුනි. 2002  දී CSI (container security initiative) නමින් පටන් ගැණුනු මෙම ව්‍යාපෘතිය ඇමරිකානු රේගු සහ දේශ සීමා ආරක්ෂක ආයතනය මගින් කලමනාකරණය වෙයි.  

මෙම ක්‍රමවේදයෙන් වරායවලින් පරමානුක ද්‍රව්‍යම ඇතුලුවීමේ තර්ජනයට යම් ආරක්ෂාවක් ඇති වුවද, මුහුදේදී සිදුවිය හැකි හුවමාරුවීම් සහ නැව් ගමනා ගමනයේදී සිදුවන  සාමාන්‍ය රටාවෙන් බාහිරව  සිද්ධි පිළිබඳව විමසිල්ලෙන් සහ දැනුවත්ව ඉන්නට ඇමරිකානු ආරක්ෂක සැලසුම් කරුවන්ට වුවමනා විය. මේ සදහා ඔවුන් ‘සාගර අවකාශය පිළිබඳ දැනුවත්වීම’(Maritime Domain Awareness ) නැමැති සංකල්පයක් ගොඩ නැගූහ. 
මෙම සංකල්පයේ සැලැස්ම වූයේ ලෝකයේ නොයෙකුත් ස්ථානවල, විශේෂයෙන්ම නෞකා ගමනා ගමනය වැඩි සන්ධිස්ථානවල සිදුවිය හැකි සැක සහිත සිදුවීමක් සිදුවන විටම දැනගන්නට හැකියාවක් ඇතිකර ගැනීමය. මේ සදහා එවැනි නාවික සන්ධිස්ථාන අවට රටවල් සමග සම්බන්ධීකරණය වෙමින් නොයෙකුත් නව තාක්ෂණික උපකරණ මගින් එවැනි සිද්ධි ගැන විමසිල්ලෙන් සිටින්නට එක්සත් ජනපදයට ඕනෑ විය. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අප මේවන විටත් බුෂ්මාස්ටර් මිලි මීටර් 30 අවි මිලදී ගැනීමට එක්සත් ජනපදයත් සමග වැඩකරමින් සිටියෙමු. එම අවි මිලදී ගැනීම එකල නාවික ව්‍යාපෘති සහ සැලසුම් අධ්‍යක්ෂක වරයාව සිටි මගේ සමිබන්ධීකරණය යටතේ සිදු වූ හෙයින් මම එක්සත් ජනපද තානාපති කාර්යාලයත් සමග කිට්ටුවෙන් වැඩ කරමින් සිටියෙමි. ඔවූහු මේ MDA ව්‍යාපෘතිය සදහා වැඩ කිරීමට  මා බුෂ් මාස්ටර් අවි මිලදී ගැනීමට ඔවුන් සමග වැඩ කරමින් සිටිය නිසා, මට ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මේ පිළිබඳව දැනගන්නට ලැබී නාවික හමුදාව දැනුවත් කර මේ සදහා එකට වැඩ කිරිමට ඇති කැමැත්ත ඔවුනට දැනගන්නට හැරියෙමු. අප රට අසලිනුත් බොහෝ නැව් යන මාර්ගයක් වැටී තිබෙන නිසා, ඔවුන්ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් සමග එකට වැඩ කිරීමට උත්සුක වූහ. මෙම  ව්‍යාපෘතියද සම්බන්ධීකරණය කිරීමද මා වෙත පැවරුණි.  

ඔවුන්ගේ මෙම බලවත් අවශ්‍යතාවයෙන් අපගේ සාගරික යුධ කටයුතු සදහා ලොකු ප්‍රෙයා්ජනයක් ගත හැකි බව අපට වැටහෙන්නට වැඩි කලක් ගත වූයේ නැත. එහෙත් ඒ වන වටත් ඇමරිකානු කොන්ග්‍රසය බටහිර  ඩයස්පෝරාහි බලකිරීම් නිසා, අපට විරුද්ධව නොයෙකුත් පනත් සම්මත කරමින් සිටි නිසා, ඔවුන් සමග මේ අවස්ථාවේදී වැඩ ඉතාම සංවේදීව කටයුතු කලයුතුව තිබුණි.

අපිට මේවන විටත්  අප අවට මුහුදේ රටාවෙන් පිටත සිදුවන  සිදුවීම් පිළිබඳ දැන ගන්නට තිබුනේ ඔවුනට වඩා දස දහස් ගුනයක උනන්දුවකි. ඒ අවශ්‍යතාවය යුද්ධයේ අනාගතය විසදෙන වැදගත්ම කරුණක් යැයි යැයි කිවහොත් නිවැරදිය. අපි පකිස්ථානයෙන් සහ රුසියාවෙන් චන්ද්‍රිකා පින්තූර මිලදී ගැනීම, කැනඩාවෙන් සහ ඕසිට්‍රෙලියාවෙන් HF රේඩාර් යන්ත්‍ර මිලදී ගැනීම, යෝධ බැලුන් වලින් රේඩාර් ස්කැනර් අහසට එසවීම සහ සරුංගල්වල කැමරා සවිකිරීමේ සිට ඇමරිකාවේ රථවාහන පොලීසිය තමන්ගේ වාහනයේ අධි වේගය පරීක්ෂා කිරීමට කිට්ටුවක සිටින්නේදැයි දැන ගැනීමට, එහි රියදුරන් පාවිච්චි කරන රේඩාර් ඩිටෙක්ටර් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන, මහ මුහුදේ කුමක් සිදු වෙන්නේ දැයි දැනුමැතිව සිටින්නට මහත් උත්සාහයක යෙදෙමින්  සිටියෙමු. 

යුද්ධයේ අවසානයක් දැකිය හැකි වන්නේ දිවයින වටා ඇති සාගරය පාලනය කිරීමෙන් බව අපට ඒ වන විට සක්සුදක් සේ පැහැදිලි වී තිබිණි. රේඩාර් සමීකරණය අනුව කොතරම් ඉහලට රේඩාර් ස්කෑන් එක ගෙන ගියොත් රේඩාර් යන්ත්‍රය උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩකර අපට හොඳම රේඩාර් චිත්‍රය ලබාදිය හැකි දැයි රේඩාර් සමීකරණය උඩු යටිකුරු කරමින් ගණනය කලෙමු.  ලංකාවේ උසම රේඩාර් ටවර් පේදුරුතුඩුවේ සහ ඩෙල්ෆ් දූපතේ ගොඩනන්වමින් සිටියෙමු.   

මෙවැනි අවස්ථාවක ඇමරිකානුවන්ගේ  MDA  ව්‍යාපෘතිය අපට දෙවියෝ දුන්නක් බව පෙනුණි. ඔවුන්ගේ උපකරණ අපේ කනුවල කඩිමුඩියේ සවි කෙරුණි. සතියට දෙවරක් සම්මන්ත්‍රණ, දුරකථන සාකච්ඡා පටන්ඔ ගැණින. ඇමරිකානු විශේෂඥයෝ වරින් වර පැමිණියහ. තාක්ෂණය සහ උපකරණ වලින් මේ රේඩාර් කනු වලින් ලැබෙන රේඩාර් දර්ශණ වයර් නොමැතිව නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත රැගෙන එන ලද්දේය. උතුරු මුහුදේ සිදුවන දෑ එවෙලේම නාවික හමුදා මූලස්ථානයේ සිට අධීක්ෂණය කරන්නට පුලුවන් විය. මේවාට බොහෝ වියදම් දරන ලද්දේ ඇමරිකානු රජය විසිනි. තාක්ෂණයද ඔවුන් ගෙන් ලැබුණි. එහෙත් පද්ධතිය පණ ගැණුනේ ඇමරිකානුවන්ගේ අවශ්‍යතාවය තිබූ අපගේ දකුණු වෙරළ තීරය නොවේ, ඒවා සවි වුනේ අපගේ උතුරු වෙරළේ තීරයේය.  

මෙලෙස ඇමරිකානු රේඩාර් ශ්‍රී ලාංකික භූමියේ, ඔවුන්ගේ පිටුපස මිඳුලේ සවි කිරීම පිළිබඳව ඉන්දියානුවෝ විරෝධය පල කලහ. මටත් තවත් නිලධාරියෙකුත්  නවදිල්ලි නුවර ඉන්දියානු නාවික හමුදා මූලස්ථානයට ගොස් එහි නාවික හමුදාපති වරයා මුණ ගැසී මෙම ව්‍යාපෘතියෙන් ඉන්දියාවට තර්ජනයක් ඇති නොවන බවත්, අපට යුද්ධය අවසාන කර ගැනීම සදහා මෙම පද්ධතිය ඉතාමත් අවශ්‍ය බව පෙන්වා දී ඔවුන්ගේ බිය තරමක් දුරට හෝ පහ කරන්නට සිදු විය. 

මේ සම්බන්ධව මා විසින් ඉන්දියානු නාවික හමුදාවේ විරෝධය සමතයකට පත් කිරීම හා ඇමරිකානුවන් ඉන්දියාවට ඇති ගෞරවය මූලික කරගෙන ඉන්දියානු විරෝධය නිසා අපත් සමග ව්‍යාපෘතිය නොකර සිටීම වැලැක්වීමට ක්‍රියා කරන ලද ආකාරය පහත එකල සිටි ඇමරිකානු තානාපතිවරයා ඔහුගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද පහත විද්යුත් ලිපිය විකිලික්ස් විසින් මුදා හැර ඇත.    

1. (C) On June 5, Sri Lanka Director of Naval Projects and Plans (DNPP) Commodore Lakshman Illangakoon contacted Embassy's Office of Defense Cooperation (ODC) to provide a readout of a meeting in New Delhi with the Indian Navy Commander and others (no further information) on the proposed U.S.-provided coastal radar system. India had been pressing Sri Lanka to have the U.S. system moved to Sri Lanka's southern coast and install an Indian-provided system. Illangakoon told us the Sri Lanka Navy Commander had instructed him to hold firm that the U.S.-provided coastal radars should be installed in the north, if necessary over Indian objections. 2. (C) Commodore Illangakoon reported that during his meeting in New Delhi, the Indian Navy Commander said India is no longer pressing Sri Lanka to move the U.S. provided coastal radars to the south, and the radar installation may proceed as planned. India also plans to provide additional radars to Sri Lanka. Illangakoon told ODC that Sri Lanka will work with the U.S. team to esnure that the Indian radars can be integrated into the current U.S. program. 3. (C/NF) An Indian embassy official conveyed to Defense Attache that India would not press Sri Lanka or the U.S. to move U.S. provided radars but would consider other options, such as placing Indian-provided radars alongside the U.S. system to cover dead spaces. 4. (C) Embassy understands that DAO New Delhi will seek further confirmation of the Indian position via military channels and thanks Embassy New Delhi for its assistance. BLAKE

ඇමරිකාවේ MDA වැඩ පිළිවෙල එතරම් සාර්ථක වූයේ නැත. එහෙත් ඒ අවස්ථාවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව නම් යුධ මෙහෙයුම් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට විපුල ප්‍රයෝජන ලදුවේය.   
      

8 comments:

  1. අපේ අයියලා කෑ ගහනවා. අපේ අපනයන වැඩියෙන්ම ගන්න රටක් විදිහට ඇමරිකාව භංග උනොත් මුළින්ම කෙළවන්නේ අපිට බවත් නොදන්නේ ළිංමැඩියෝ හින්දාද? ඇයි කිසිම ජන මාද්‍යයක පල නොවන්නේ මේ යුද්‍දෙ දිනන්න ඇමරිකාව අපට උදව්කර කියලා.

    ReplyDelete
  2. මේ වගේ දේවල් දැන ගැනීම ඉතා වැදගත්. අපි දන්නේ නිව්ස් හැටියට එලියට එන දේවල් විතරයිනේ.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ලිපියට. ඔබලාගේ මොල සහ ක්‍රියා නිසා අපි අද යතින් සිටිනවා.

    රටක් බෙදීම වැලැක්වීමට එවන් දේවලට අනුබල දෙන ඇමෙරිකාව වැනි රටවල් අපේ පැත්තේ තබා ගැනීමේ වටිනාකම අපිට වැටහිය යුතුයි.

    ReplyDelete
  4. සේලර්ස් ලා තුන් දෙනෙකුට ඇස්ටි හැලෙන්න නෙලලා නේද? කිසිම පරීක්ශනයක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. කොහෙද ඒ? දන්නෙ නැහැ

      Delete
  5. අදයි ගොඩ උනේ දිගටම කියවන් යනව. නියමයි.

    ReplyDelete

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්

මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝ...