අනපේක්ෂිත ලෙස සතුරා පුදුම
කිරීමට ගොස් මමත් පුදුම වීම.
1989/1990 වර්ශවල
මම කණ්ඩුල නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස සේවය කලෙමි. මෙකල යුධ හමුදාවට උතුරු ප්‍රදේශයේ
ක්‍රියාන්විතයනට අවශ්‍ය අවි ආයුධ, උපකරණ හා භටයන් රැගෙන ගියේ
කණ්ඩුල හා පබ්බත නම්වූ මේ LCM වර්ගයේ වෙරළට ගිය හැකි නෞකා දෙකෙනි. (මෙවැනි
නැව් නාවික හමුදාවට තිබුනේ මේ දෙක පමණි.) A9 පාර වසා
තිබූ බැවින් හා ගුවනින් ගෙනයාමට හැක්කේ ඉතා කුඩා ප්‍රමාණයක් වීම මෙයට හේතුව විය.
මෙම නැව්
වලින්ද ගෙනයාමට හැකිවුයේ ටොන් 100 බැගින් පමණ නිසා 30000 ක පමණ
හමුදා පුද්ගලයන්ට සැපයුම් ගෙනයාමට අවශ්‍ය වූ බැවින්, සමාන්‍ය
සිරිත වුයේ, අභීත, වික්‍රම හෝ එඩිතර නැමැති නාවික හමුදාවට මිළදී ගෙන තිබූ වෙළෙඳ
නැවකින් උතුරු මුහුදට සැපයුම් රැගෙනවිත්, එය ඈත
මුහුදේ නැංගුරම් ලා LCM මගින් සැපයුම් ගොඩට ගෙනයාමය.
එකල යාපන
අර්ධද්වීපයේ නැවකට යා හැකි වරායක් තිබුනේ කන්කසන්තුරේ
වරාය පමණක් බැවින් නැව්, සැපයුම් රැගෙන යා යුතුව තිබුනේ කන්කසන්තුරේ වරාය වෙතය.
එහෙත් නිරතුරුව වරායට ඇතුලෙන් කිට්ටුව
සිටින LTTE වෙඩි ප්‍රහාර වලට ලක්වීම නිසා එම වරායේදී LCM වලින්
බඩු ගොඩබෑම කල නොහැකි වීම බලවත් ගැටලුවක් විය.
මෙයට විකල්පයක් ලෙස කන්කසන්තුරේ
වරායට නැගෙනහිරින් හා ත්‍රස්තවාදීන් ගේ වෙඩි තැබීමේ පරාසයෙන් පිටතින් පිහිටි
මයිලඩි ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගත් ගත්තද, එම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ
පතුලේ නැග්ම LCM එකට අවශ්‍ය gradiant (බෑවුම) වඩා අඩු වූ හෙයින්, අප
නෞකාවලට මයිලඩිහි වෙරළටම යාමට නොහැකි විය.
මුලදි තාවකාලික පාරු හදාගෙන මයිලඩි
අසල යුධ හමුදා වත් සමග ගොඩබෑම කලද, ත්‍රස්තවාදීන්
ගේ මයිලඩි හා කන්කසන්තුරේ අතර ගොඩ සිට වෙඩිතැබීම්
හා මුහුදේ රලු ස්වභාවය මෙම ගොඩබෑම් ඉතා දුෂ්කර කලහ. ඒ නිසා නෞකාවනට වෙරළේ
කිට්ටුවටම පැමිණීය හැකි ස්ථානයක ජෙටියක් සැදීමට තීරණය කෙරිණි.
යුධ හා නාවික හමුදා එකතුවී කඩිනමින් ජෙටියක් ගොඩනංවන ලදුව, මීටර 100 පමණ දිග
එම ජෙටියේ කෙලවරට ගොස් සැපයුම් ගොඩබෑම පටන්ගැනින. මෙම ජෙටියේ කෙලවර ගැඹුර පතුලේ
නැග්ම අප නෞකා එතනටම යාමට ප්‍රමාණවත්විය. මුහුදු රළු වනවිට සේදී යන ජෙටිය
බුල්ඩෝසරයක් මගින් අලුත්වැඩියා කරමින් මෙම ක්‍රියාන්විතය සිදුවිය.
සැතපුම් හත අටක් දුරින්
නැංගුරම් ලූ එඩිතර වැනි ලොකු නෞකාවකින් ලබාගන්නා සැපයුම් ජෙටිය වෙත ගෙනගොස් යුධ
හමුදාවේද සහයෙන් කඩිනමින් ගොඩබා, ඒ අවට ඇති ගබඩාවල තාවකාලිකව
ගබඩා කෙරිණි.සාමාන්‍යයෙන් දවසකට මෙවැනි ගොඩබෑම් කිලෝ මීටර් 5 ක් පමණ එක LCM එකකින්
සිදුවිය.
මෙලෙස මෙම ක්‍රියාන්විතය දවල්
රෑ සිදුවෙද්දී මයිලඩි ධීවර වරාය අසල මුහුදටම වෙන්නට සදා තිබූ නිවසක සිට, සුලු අවි
වලින් අපවෙත වෙඩි තැබීම අපට මහත් කරදරයක් විය.
කරදරයකට වඩා එම වෙඩිතැබීම්
වලින්, අප නෞකාවේ නැවියකුට සුලු තුවාලද, යුධ
හමුදා සාජන්ට් වරයෙකුට සැලකියයුතු තුවාලද සිදුවිය.
දවස් දෙකක් පමණ ගතවූ සැපයුම්
ගොඩබෑමෙන් පසු, අපට මෙතෙක් කරදර කල සැඟවී සිට වෙඩි තබන්නන්ට පාඩමක්
ඉගැන්වීමට සිතු මම, එක්වරම නෞකාව ජෙටියෙන් එලියට ගෙන, මෙතෙක්
වේලා අපට වෙඩි තැබූ ත්‍රස්තවාදීන් බියගැන්විමටද සිතා නෞකාව
එක්වරම ඔවුන් සිටි ස්ථානයට එල්ල කර වේගයෙන් ගමන් ගත්තෙමි.
නෞකාවේ
තිබූ සියලු බර අවි අපට වෙඩි තැබූ කණ්ඩායම වෙතට යොමු කරමින් වෙඩි තබමින්, මම වෙරළට
කිට්ටු එහෙත් ආරක්‍ෂිත දුරකදී එක්වරම
ආපසු හරවන්නට සිතා සිටියත් මම, සිතුවාට වඩා වේගය වැඩිවී නෞකාව සතුරු
වෙරළට ඉතාමත් ආසන්න විය. එතැන සිටි ත්‍රස්තවාදීන් අප මෙතරම් ලඟට පැමිණිය නිසාත්, අප නෞකාව
වෙරළට කෙලින්ම පැමිණිය හැකි යාත්‍රාවක් නිසාත්, පැමිණෙන වේගය නිසාත්, අප
වෙරළටම පැමිණෙන්නේයැයි සැකසිතා, එළියට පැන අප අපට වෙඩිතබමින්
දුවන්නට පටන් ගත්හ.
මම
රඩරයෙන් හැරවීම ප්‍රමාණවත් නොවන නිසා එන්ජින් ද යොදාගෙන සම්පූර්ණ
වටයකින් නැව හරවා ගන්නා විට එය වෙරළට මීටර් 100 පමණ අවදානම්
ලෙස කිට්ටුවී තිබිණ. අපිද ආයුධද අතැතිව දුවන ත්‍රස්තවාදීන්ට දිගටම වෙඩි තැබුවෙමු .
එකල සෑම දිනම පාහේ උදෑසන LTTE එකේ ඊට
පෙරදින සටනේදී මියගිය භටයන්ගේ නම් හා අංක ඔවුන්ගේ කඳවුරු වෙත දැන්වීමට HF ප්‍රචාරණයක්(
broadcast) තිබුනී . මෙයට අපගේ සිග්නල් සෙන්ටර් වලද නොවරදවාම
අැහුන්කන්දීමට පුරුදුව සිටියහ. මෙම මොහොතේ අපේ වෙඩි පහර වලින් ත්‍රස්තවාදීන් හතර
දෙනෙකු මියගිය බව පසුදින කරයිනගර් අප කඳවුරේ සතුරු ගුවන්විදුලි අසා සිටින්නන් මට
පසුදින දැන්වුහ.
Real war heroes. Well done sirs.
ReplyDeleteපොතකට ආයුතුව ඇත.....
ReplyDeleteහම් ඒක ඇත්ත , විවේචනාත්මක විචාරනං එයි ඇගේ වදිනවැ
Deleteඇත්ත වශයෙන්ම පොතක් ලිවිය යුතුයි....සර් ගේ පොතට මගේ නමත් යයිද දන්නෙ නෑ...කරන්නාගොඩ සර්ගෙ එකේ නම් තිබුණ...මගේ පොතත් ළඟදීම එලියට දාන්න ඕනෙ...යුද්දෙ හිටි සාමාන්‍ය සොල්දාදුවාටත් කියන්නට කථාවක් තිබේ...ඔවුනුත් පොත් ලියනවානම් හොඳයි !
ReplyDeletesarath of course you will be the protagonist in one chapter
ReplyDeleteyou both are real heroes to me
Delete