මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අපට ජේෂ්ඨ වසරක සිසුවෙකු ඔහුගේ නිවෙස ළඟ දර මඩුවක සංගීත සන්ධ්‍යාවක් පැවතෙන බව කියා අප වසරේ තිදෙනකු අරලිය ගහ මන්දිරය අසල ස්ථානයකට එකතු කරගෙන ගියේය.
ඔහු අප එසේ එකතු කරගෙන ගියේ අපත් සමග තිබූ දැඩි මිත්‍රත්වය නිසා ය. හවස 07:00 ට පමණ අපි දර මඩුවට ගියෙමු. දර මඩුව තුළ පැදුරු මත සංගීත භාණ්ඩ තබා තිබූ අතර ඒ අසල කුඩා මේසයක මට මතක හැටියට අරක්කු සහ කසිප්පු පානය සඳහා පිළියෙල කර තිබිණ. ඒ දර මඩුව ්‍රදේශයේ තිබූ විශාලතම දර මඩුව ක් වූ අතර, එතන දර පලා ගොන් කරත්ත වලින් දර නිවෙස් වලට ගෙනගොස් විකුණනවා විය යුතුය.
සංගීත භාණ්ඩ සඳහා වාදකයන් ද ඒ මුදලාලිගේ මිතුරන් කිහිපදෙනෙකු ද අප ද මෙම ස්ථානයේ සංගීත සැඳෑව සඳහා එතැනට පැමිණ සිටියෙමු.
මෙම සංගීත සැඳෑව පිළියෙල කර තිබුණේ එතන ගී ගයන නොයෙකුත් දෙනාගේ, ගීත පටිගත කිරීමට බව අප එතැනදී දුටුවෙමු. ඒ සඳහා තාක්ෂණික පුද්ගලයෙකුද ලොකු ඔසවාගෙන යා හැකි කැසට් යන්ත්‍රයක නොයෙකුත් adjusment කරමින් සිටිනු දැකිය හැකි විය.
දර මඩුවේ මුදලාලි ංගීතයට ඉතාමත් ප්‍රිය කරන කෙනෙකු බව ඒ සංගීත සැඳෑවට එතන පිළියෙල කර තිබූ සැටියෙන්ම මනාව එතනට එන කෙනෙකුට පැහැදිලි වෙයි. මෙලෙස සෑම සතියේම සෙනසුරාදා හවසට එතැන සංගීත බජව්ව ක් මුදලාලිගේ අනුග්‍රහයෙන් පවත්වන බව මගේ මිතුරා අපට කීවේය.
ටික වේලාවකින් සංගීත සඳා ව පටන් ගත් අතර මුදලාලි මුලින්ම පටිගත කිරීම සඳහා හැඳින්වීමේ කථාවක් කළේය.
කතාව පටන් ගත් විටම එතන සිටින ආරාධිතයින් පිළිබඳව මුදලාලි හැඳින්වීමක් කළේය. මගේ මිතුරා ඒ ප්‍රදේශයේ වැදගත් පවුලක කෙනෙක් වූ අතර මුදලාලි ඒ මිතුරා මෙතන සිටින බවත් ඔහුගේ පවුල පිලිබඳවත් වර්ණනාත්මකව හැඳින්වීම කළේය. මගේ මිතුරාට මෙය ඇසුණු පසු ඔහු ඔලුවේ අත් ගසා ගත්තේය. ඒ ඇයිදැයි මා ඇසූ විට ඔහු කීවේ දැන් මේ කැසට් එක මේ ප්‍රදේශයේම නිවෙස්වල අහන බවත් ඔහු මෙතැනට නිරන්තරයෙන් පැමිණෙන බව ගමේ මිනිසුන් දැනගත් විට එය ඔහුගේ පියාගේ කනට ද යා හැකි බවය.
මුදලාලි ඊළඟට සංගීත කණ්ඩායම හඳුන්වාදී සංගීත භාණ්ඩ පිළිබඳව ද පොඩි හැඳින්වීමක් කළේය. මට මේ කතාව තවමත් මතක තිබෙන්නේ එහිදී ඔහු කියූ කුඩා සමාන කිරිමක් නිසාය. ඒ
සංගීතය එළියට එන්නේ කම්බිය, වාතය සහ හමෙන් බවය. බොහෝ කලකට පෙර ඇසුනු එම ාස්‍යජනක සමාන කිරීම් මට තාමත් මතක තිබේ.
ඔහුගේ කතාවෙන් පසු සංගීත සාජ්ජය පටන් ගත් අතර සංගීත සාජ්ජය තැටිගත කිරීම් සඳහා මෙහෙයවන ලද්දේ මගේ මිතුරා විසිනි.
පැයක් දෙකක් යන විට මත්පැන් වල උදව්වෙන් සාජ්ජය නැගලාම ගිය අතර, සංගීත සැඳෑව ටත් වඩා එහි ප්‍රධාන පරමාර්ථය වූ ගී තැටි ගත කිරීම ඉහළින්ම කෙරීගෙන ගියේය.
සෑම ගීතයකටම පසුව ඊළඟ ගීතය සහ එහි ගායනා කරන්න හඳුන්වාදීමට ඔහුට සිදු වූ නිසා අපේ ගමේ යාළුවා බොහෝ වැඩ අධික වූ අතර ිද්‍යා පීඨයෙන් එතැනට ගිය අප එතැන තිබූ අමුත්තන්ට සංග්‍රහ කිරීමේ වැඩපිළිවෙළ සතුටින් භුක්ති වින්දෙමු.
මෙහි බොහෝ ගායනා වූයේ අමරදේවගේ, සිසිර සේනාරත්න, ජෝතිපාල මිල්ටන් පෙරේරාගේ වැනි ගීත වූ අතර එහෙත් ඊට වඩා පැරණි රසාංග ද අතරින් පතර තැටිගත වෙනවා අප බලා සිටියෙමු.
ටික වෙලාවකින් මුදලාලිගෙ හොඳම ගෝලයෙකු වගේ පෙනුනු මාළු මාකට් එකේ සිරා නැමැත්තා තමන්ගේ ගීතය පටිගත කිරීමට පටන් ගත්තේය.
මෙම ගීතයේ වූයේ අම්මා අමා දහර කරුණා නිධානේ යන පැරණි ගීතයකි.
ඔහු මෙම ගීතය කියන්නට පටන් ගෙන ටික වේලාවකින් ම මුදලාලි කෝපයට පත්ව ඔහුගේ ගීතය පටිගත කිරීම නවත්වා ඔහු එතැනින් එළවා දැම්මේය.
පසුව අපට දැනගන්නට ලැබුණේ ඒ ගීතය මුදලාලිගේ ්‍රියතම ගීතයක් බවත් පටිගත කිරීමේ අවසාන ගීතය ලෙස මුදලාලි විසින්ම එම ගීතය ගායනා කරන්නට සැලසුම් කරගෙන සිටි බවය.
මුදලාලි පසුව කියූ පරිදි මාළු මාකට් එකේ සිරාද මෙම කරුණ හොඳින් දැන සිට ඇත.
සංගීතය එළියට එන්නේ කම්බිය, වාතය සහ හමෙන් බවය. බොහෝ කලකට පෙර ඇසුනු එම ාස්‍යජනක සමාන කිරීම් මට තාමත් මතක තිබේ.
ReplyDeleteමුදලාලිට ඉස්සෙල්ල බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ එහෙම පිට දේවල් වලින් සද්ද එන්නෙ නැහැ ඒවයින් කරන්නෙ තරංගයක් නිර්මාණය කරන එක විතරයි කියල. ගුවන් විදුලි තරංග හැම තැනම තිබ්බට රේඩියෝ එකක් නැතුව අහන්න බැහැ වගේ මේ තරංගත් කාටවත් අහන්න බැහැ. හැබැයි මේ තරංග අපේ කන් බෙරය කම්පනය කරනවා. ඒක කම්පනය වෙන විදිහට එකෙන් audio nerve eken මොලේට යන සිග්නල් එකෙන් තමයි මොලේදි මේව සද්ධ වලට පරිවර්ථනය කරගන්නේ. ඒ වුනාට අවිද්‍යාව (නොදැනීම ) නිසා අපේ මොලේ ඒ තරංගය ආව තැන ඉඳන් සද්ධයක් එනව කියල උපකල්පනය කරනව.
ඇත්ත
ReplyDeleteසංගීත භාණ්ඩ නම් වර්ගීකරණය වෙන්නේ තත (වයලීන් වැනි), සුශිර (බටනලා වැනි), ඝන (තාලම්පට වැනි), අවනධ (තබ්ලා වැනි) කියායි.
ReplyDeleteමුදලාලිට මිස් වෙලා තියෙන්නේ ලෝහ ගැටීමෙන් එන නාද යි.
සමහරවිට මග හැරෙන්නට ඇත්තේ මට වෙන්න ඇති
Delete