Sunday, October 30, 2022

කෙටි කතාවක් ඉදිරිපත් කිරීම

 


commonwealth කෙටිකතා තරඟයට කෙටි කතාවක් ඉදිරිපත් කරන්නට සිත් වූයේ ඒ පිළිබඳව ඊමේල් එකක් ලැබුණු නිසාය. මෙය ලැබුනේ පහුගිය විසි වෙනිදා වූ අතර අවසන් දිනයට තිබුණේ දවස් දහයකි. භාෂා බොහෝ ගණනකින් කෙටිකතා ඉදිරිපත් කළ හැකි යැයි තිබුණු නිසා සිංහලෙන් ලියන්නට, සිතුවද සිංහල භාෂාව ඒ ලිස්ට් එකේ තිබුණේ නැත. අප මේ තරම් ිශාල ජනගහනයක් ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වුවද එසේ සිංහල අඩංගු කර නැත්තේ කුමන හේතුවකට දැයි සිතාගත නොහැක. එහෙත් සැනසිලි තෑග්ගක් ලෙස අපේ රටේ කෙනෙකු එහි විනිශ්චය මණ්ඩලයේ සිටිනා බව දුටුවෙමි.


දවසකට වචන 500 ගණනේ, දුරකථනයේ W  ඇප් එකෙන්, ලියා අවසන් කර, මටම මේල් කරගෙන ලැප්ටොප් එකෙන් වැරදි සෑදුවෙමි.


ඉන්පස්සෙ ලැප්ටොප් එකෙන්ම කෙටිකතාව මේල් කරන්නට සිතා commonwealth writers සයිට් එක ඕපන් කරන්නට උත්සාහ කළෙමි. එහි ආරක්ෂාව සැක සහිත නිසා මට එයට ඇතුළු වීමට ඉඩ දීමට නොහැකි බව කීප වරක් දන්වා සිටි හෙයිනි වෙනත් විදියකින් උත්සාහ කරන්නට සිතුවෙමි.


මම කතාව pdf  කර මගෙම ඊමේල් එකට දමා එය දුරකථනයේ සේව් කර  දුරකථනයේ commonwealth writers වෙතින් ලැබූ තිබුණු ඊමේල් එක විවෘත කර කතාව submit කරන්නට කරුණු පහළොවක් පමණ තිබුණු අයදුම්පත සම්පූර්ණ කරන්නට පටන් ගත්තෙමි. එය අවසන් කර කතාව ඇතුලත් කරන්නට බලනවිට කතාව කතා කෙටි කතාවෙ නමින්ම save කර යුතු බව දුටුවෙමි. 

නැවත වරක් application එක පුරවන්නට සිදුවේ යැයි බොහෝ කනගාටුවෙන් කෝකටත් දුරකථන ගබඩා කර ඇති කතාවේ පීඩීඑෆ් පිටපතේ නම වෙනස් කිරීමට හැකි දැයි පරීක්ෂා කර බැලුවෙමි. 

වාසනාවකට මෙන් එය කරගැනීමට හැකි වුණි. යන්තම් කතාව submit කරගත හැකි වූ අතර එය ලැබුන බවට ද ඊමේල් එකක් ලැබුණි.

මෙය සබ්මිට් කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරන්නට සිදු වූ නිසා මට තරමක තරහක් ඇති විය. 

එහෙත් මම මෙය අවුරුදු විස්සකට පමණ පෙර කරන්නට උත්සාහ කළේ නම් මේ කරදර දස දහස් ගුණයකින් වැඩි බව කල්පනා කර මම හිත හදා ගත්තෙමි.

එසේ නම් කතාව අතින් ලියා යතුරුලියනය කර ගැනීමට සිදු වනු ඇත. ගෙදර හොඳ කොළ කිහිපයක් තිබුණේ නැත්නම් කඩේට ගොස් ඒවා මිලදී ගැනීමටත් අවශ්‍ය ය වන්නට ඉඩ තිබුණි. වැරදි හදන හදන පාරට නැවත නැවතත් යතුරුලියනය කර ගැනීමට සිදුවනු ඇත. 

ඉන්පසු ැපැල් කන්තෝරුවට ගොස් මේ සඳහා කීයක මුද්දර අවශ්‍ය දැයි සොයා ගෙන මුදල් වියදම් කර ඒ මුද්දර මිලදී ගැනීමට සිදු වනු ඇත. ඉන්පසු ලියුම තැපැල් කර මාසයක පමණ කාලයක් යනතෙක්  ලැබුණා දැයි මට දැන ගන්නට ක්‍රමයක් නැත.

අප දැන් ජීවත්වන්නේ කොතරම් පහසු කාලයකද අපට දැනෙන්නේ ඒ කාලවල් දෙකේම ජීවත් වූ නිසාය.

3 comments:

  1. මං නං ලේසියට ඇඳේ ඉඳන් ෆෝන් එකේ වොයි ටයිප් කළත් සංස්කරණ වැඩ කරන්නේ නම් ලැප්ටොප් එකේ විතරමයි. ඇත්තටම් ෆෝන් එකේ වොයිස් ටයිප් කරන්නේ ද ඊ-මේල් එකක් විදියටයි. ඉබේ සේව් වෙනවා. වහාම බ්ලොග් ලිපිනයට යවලා ලැප්ටොප් එකෙන් බාගන්නවා.

    ReplyDelete
  2. ඒ කෙටිකතාව බ්ලොග් එකටත් දානවද?

    ReplyDelete
  3. ජනාධිපති තුමාත් මේ සත්‍යතාව අවබෝධකරගෙන ඉන්නවා.
    "ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, නීති, ආයතනික සහයෝගීතාව හා පහසුකම් ආදිය ද ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි දියුණුව පිළිබඳව විමර්ශනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට මම යෝජනා කරනවා." - අයවැය කතාවෙන්

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...