Monday, October 10, 2022

Telephone doctor

 සති දෙකකට පමණ පෙර අපේ පවුලේ කෙනෙකුට, දරුණු කැස්සක් සෑදුණි. උදය සහ සවස නවත්වාගන්නට බැරි තරමට කැස්ස සහ සෙම උත්සන්න විය.

පුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත්තද අඩුවක් නොවූ නිසා ඔහුගෙන්ම තවත් වරක් දවස් 5කට පසු ්‍රතිකාර ලබා ගන්නට සිදුවිය.


එයිනුත් සුවයක් නො දුටු හෙයින් මේ පිළිබඳව ිශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසීම සුදුසුයැයි අපි කල්පනා කළෙමු.

මේ සඳහා කුමන විශේෂඥ වෛද්‍යවරයෙක් සුදුසුද ඔහු ප්‍රතිකාර කරන්නේ කුමන ස්ථානයන්ගේ ද යන්න දැන ගැනීමට අපගේ නෑදෑයකු වන විශ්‍රාම ගත් මේට්‍රන්වරියකට  අපි කතා කළෙමු.

අප ගණනක් නැතිව දුරකථනයෙන් ඇයව ඇමතුවද එදින පොහොය දවසක් වූ නිසා ඇය ගෙදර ම සිල් සමාදන් වී ඇති බව ඇයගේ ස්වාමිපුරුෂයා කීවේය. එසේනම් පසුදින කතා කිරීමට හැකි යැයි පැවසුව ද ඔහු ඇයට දුරකථනය ගෙන ගොස් දුන්නේ ය.


ඇයට මේ පිළිබඳව පැහැදිලි කර කුමන විශේෂඥ වෛද්‍යවරයෙකු මේ සඳහා සුදුසු දැයි අපි ඇයගෙන් ඇසුවෙමු. 

ඇය මේ සඳහා ප්‍රසිද්ධ වෛද්‍ය වරයෙකු සහ වරියක ිර්දේශ කළ අතර වෛද්‍යවරයා වඩා හොඳ යැයි මතයක් තිබුණා වුවද ඔහුගේ ප්‍රතිකාර සඳහා අධික මුදලක් අය කරන බව කියා සිටියාය.

ඇය  නැවත වරක් රෝග ලක්ෂණ පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසා ඇයටද මේ පිළිබඳව යම් අදහසක් ඇති හෙයින් මෙම රෝග ලක්ෂණවලට අනුව මෙය ඇලජික් රියැක්ෂන් එක විය හැකි බව පවසා බෙහෙත් වර්ගයක නම ලබා දුන්නාය. 

ඒ බෙහෙත් වර්ගය නිවස ලඟ ෆාමසියෙන් මිලට ගෙන  හවසට එක පෙත්ත බැගින් ලබා ගැනීම සුදුසු බවද ඇය කීවාය.


අප වෛද්‍යවරුන් දෙදෙනාගේම රෝගීන් පරීක්ෂා කරන ස්ථානවලට කතා කර ඔවුන් ඒ ස්ථානවලට පැමිණෙන වේලාවන් යනාදිය ලබාගෙන පසු දින එක් ස්ථානයකට යාමට ද යොදාගෙන, කෝකටත් එදින හවස ඇය කියූ බෙහෙත් පෙති වර්ග මිලට ගෙන එයින් එකක් එදින හවස රෝගියාට ලබා දුන්නෙමු.


ආශ්චර්යයකි; රෝගියාට එයින් පසු සුළුවෙන් හෝ රෝග ලක්ෂණයක් පැමිණියේ නැත. පසු දිනද රාත්‍රියට එලෙස බෙහෙත් පෙත්තක් ලබාගත් අතර පසු දින ද එසේ ම විය. අද තුන්වෙනි දෙන වන අතර රෝග ලක්ෂණ මෙතෙක් පැමිණියේ ම නැත.




3 comments:

  1. මේට්‍රන්වරියගෙ නම සඳහන් නොකල එක හොඳයි. දොස්තර කෙනෙක් නොවන කෙනෙකුට බෙහෙත් නියම කිරීම තහනම්. මේකෙන් තව එකක් පැහැදිලි වෙනවා. දක්ෂතාවය මත පදනම්ව හෙද හෙදියන්ටත් වසර කිහිපයක සේවයෙන් පසුව වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ දෙනවනම් හොඳයි. බොහෝ හෙදියන් අත්දැකීම් වලින් ගොඩක් ඉගෙනගෙන තියෙනවා.

    ReplyDelete
  2. අසාත්මිකතාවයක් නම් හොඳම දේ හරි ප්‍රතිකාර ලබා ගැනීම. මොකද ජීවිත අවදානමක් තියන නිසා. මහ වෙලාවක් යන්නේ නෑ අමාරු වෙන්න. මගේ දුවගේ වයසේ ළමයෙක් එයාගෙ නර්සින් ඩිග්‍රිය සඳහා ප්‍රායෝගික පුහුණුව ලබමින් සිටි රෝහලේදි අසාත්මිකතාවයක් ඇතිවෙලා මියගියා. ඇය රෝහලේ සිටි නිසා ඉක්මනින් ප්‍රතිකාර ලබා දී ලයිෆ් සපෝට් එකක් සම්බන්ධ කර හෙලිකොප්ටර් එකක් මගින් ප්‍රධාන රෝහලකට ගෙනාවත් බේරා ගන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. මේ බෙහෙත සාමාන්‍යයෙන් prescription එකක් නැතිව ගන්න පුළුවන් එකක්, කොහොමත් ෛද්‍යවරයාගෙන් දෙවරක් ගත්ත බෙහෙත් තුළින් අඩුවුනේ නැහැ, අපි උත්සාහ කරමින් සිටියේ සඳහා සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙකු සොයා ගැනීමට එතකොට කොහොමටත් දවස් කිහිපයක් ඒ වැඩේට ගත වෙනවා

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...