Saturday, October 8, 2022

සජ්ජායනා

 කලිසම ටිකක් බඩ මුදුනින් අඳින්නට පුරුදු වූ මගේ මිතුරෙකු සිටියේය. 


අප දෙදෙනා වරක් සාදයකට සහභාගි වීම සඳහා ගියෙමු. එදින ඔහු ඇඳගෙන සිටි කලිසම ඔහු වෙනදා අඳිනවට වඩා තරමක් උඩට වෙන්නට ඇඳගෙන ඇති බව මටත් නිරීක්ෂණය වුණි. සාදයට පැමිණෙන මිතුරන් පිළිගැනීමට බලා සිටි සාදයේ අයිතිකරු,  කලිසම බඩ මුදුන් ඇඳගෙන සිටි මගේ මිතුරා දැක එතැන සිටි සියලු දෙනා හිනස්ස වමින් මේ කතාව කීවේය.

"මචං අපරාදෙ, ඔයා තව ටිකක් කලිසම උඩට වෙන්න මහ ගත්ත නම් කමිසයක් නැතුවම, ඇඳගන්න තිබුන"


මට මේ කතාව මතක් උනේ ඊයෙ සිරස නාලිකාවේ සජ්ජායනා නරඹමින් සිටියදී ය. 


ඊයෙ එම වැඩසටහනේ ගී ගැයූ බොහෝ දෙනෙකු ගේ ඇදුම් වල උඩ කොටස දනීස්සෙනුත් පල්ලෙහාට එල්ලෙන ලෙස, මසා තිබෙනවා දුටුවෙමි.


ඉහත හාස්‍ය කතාව මතක් වී මට සජ්ඣායනා බලමින් සිටියදී ඔවුන්ටත් ඒ තරම් දිග කමිස ඇඳ සිටිය දී  සරමක් වැය කිරීම නාස්තියක් බව සිතුනි.






2 comments:

  1. ඔය කලිසම බඩ මැදට අදින ගොඩක් හමුදා වල අය නේද?

    ReplyDelete
    Replies
    1. යුද්ධ හමුදාව, නාවික හමුදාවේ හුඟදෙනෙක් කමිස උඩින් අඳින්නෙ

      Delete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...