Friday, October 7, 2022

ධර්මය දැකීම

 ධර්මය දැකීම


බුදුන් රෝගාතුර වී සිටින වක්කලී තෙරුන් බැලීමට යයි.


බුදුන් ඈතින් වඩිනවා දුටු වක්කලී තෙර ගෞරව කිරීම සඳහා නැගිටින්නට උත්සාහ කළේය. මේ දුටු බුදුන් වහන්සේ

 "වක්කලී ඔබ නැගිටින්නට අවශ්‍ය නැත මම වෙනත් ආසනයක අසුන් ගනිමි".  

බුදුහු අසළ පනවා තිබූ අසුනක හිඳ ගත්තේය.

"ඔබට දැන් යම් සනීපයක් දැනෙනවා ද, ඔබේ වේදනාවන් ඔබට ඉවසා දරාගත හැකිද, ඔබට ඇති වේදනාවන් අඩු වන්නේ ද වැඩි වන්නේ ද", යනුවෙන් බුදුහු අසා සිටියේය.


"නැත ස්වාමීන් වහන්ස මට හොඳක් දැනෙන්නේ නැත, මට වේදනාව දරා ගැනීමටත් අපහසුය, එම  වේදනාවන් ඉතාමත් දරුණු වන අතර ඒවා හොඳ පැත්තට යන ලකුණක් පෙනෙන්නටත් නැත. රෝගය තව තවත් උත්සන්න වන බවක් පෙනේ". වක්කලී මහණ පිළිතුරු දුන්නේය.

" ඔබට යම් ගැටලුවක් තිබේද වක්කලී ඔබ කණගාටුවට පත්කරන යම් කාරණයක් තිබේ ද" බුදුහු ඔහුගෙන් ඇසීය.


"එසේමයි ස්වාමීනි මට බොහෝ ගැටලු තිබේ, එසේම කණගාටු වීමට බොහෝ කරුණු ද තිබේ"


" ඔබ ජීවත් වුණු ආකාරය පිළිබඳව ඔබට කණගාටු වීමට හේතු තිබේද" බුදුහු ඔහුගෙන් ඇසීය.

"නැත ස්වාමීනී, සදාචාරාත්මක ලෙස ජීවත් වූ මට ඒ පිළිබඳව කණගාටු වීමට කිසිම කරුණක් නැත"


"බොහොම හොඳයි වක්කලී, යහපත් ලෙස ජීවත් වීම ගැන ඔබට ඔබ ගැන කනගාටුවක් වීමට හේතුවක් නැත්තේය, එහෙත් ඔබ සිතට වද දෙන යම් කනගාටුවක් සිතේ තිබීමට හේතුවක් තිබිය යුතුය ඒ කුමක්ද වක්කලී?"


" බොහෝ කලක සිට මට ඔබ වහන්සේ වෙත පැමිණ ඔබ වහන්සේ බැලීමට සිතේ බලවත් ආශාවක් තිබිණ. නමුත් මගේ දුර්වල ශරීරය, මට එම කාර්යය කර ගැනීමට ඉඩ දුන්නේ නැත"

" නවතිනු වක්කලී, මේ කුණු ශරීරයේ කෙනෙකුට බලන්නට තිබෙන්නේ කුමක්ද? සත්‍ය වූ ධර්මය අවබෝධ කරගන්නා තැනැත්තා සැමවිටම මා දකී. අනෙක් අතින් මා දකින තැනැත්තා ධර්මය දැකිය යුත්තේ ය.


කතාවෙන් ගත යුත්ත:-


බුදුන් දැකීමට අවශ්‍ය නම් ධර්මය අවබෝධ කර ගත යුතුය, වෙන කිසිවක් හරහා බුදුන් දකින්නට නොහැක.

No comments:

Post a Comment

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...